ආල්-ඉම්රාන් · 10/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
إِنَّ الَّذِينَ كَفَرُوا لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ هُمْ وَقُودُ النَّارِ ۝١٠
Innal lazeena kafaroo lan tughniya `anhum amwaaluhum wa laaa awlaaduhum minal laahi shai`anw wa ulaaa`ika hum waqoodun Naar
📖 සිංහලෙන්
නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නොවන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.
🎧 අසන්න

📜 ආයාත් 8-12 — ආල්-ඉම්රාන්

8رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ الْوَهَّابُ
අපගේ පරමාධිපතියාණෙනි! ඔබ අප ව යහමඟ යොමු කළ පසු ව අපගේ හදවත් විකෘතිභාවයට පත් නොකරනු මැනව. තව ද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු මැනව. සැබැවින් ම ඔබ ම ය මහා ත්‍යාගශීලී.
9رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
අපගේ පරමාධිපතියාණෙනි, කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබම ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නොකරන්නේය.
10إِنَّ الَّذِينَ كَفَرُوا لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ هُمْ وَقُودُ النَّارِ
නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නොවන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.
11كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
(එය) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්‍ය කළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන් ව (දඬුවමට) හසු කළේය. තව ද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය.
12قُل لِّلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ الْمِهَادُ
“නුඹලා අබිබවා යනු ලබනු ඇත. තව ද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
10ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 10

සූරා ආල්-ඉම්රාන් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ…

සූරා ආයාත් 10/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers