ආල්-ඉම්රාන් · 138/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
هَٰذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ ۝١٣٨
Haazaa bayaanul linnaasi wa hudanw wa maw`izatul lilmuttaqeen
📖 සිංහලෙන්
මෙය ජනයා හට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි.

🎧 අසන්න


📜 ආයාත් 136-140 — සූරා ආල්-ඉම්රාන්

136أُولَٰئِكَ جَزَاؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
තම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්‍රතිඵල වශයෙන් සදාතනිකයින් ලෙස හිමි කරගන්නෝ ඔවුහු ම ය. යහකම් කළවුන්ගේ ප්‍රතිඵල යහපත් විය.
137قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
නුඹලාට පෙර ද (මෙවැනි) පිළිවෙත් ඉකුත් ව ගොස් හමාරය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අධීක්ෂණය කරනු.
138هَٰذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ
මෙය ජනයා හට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි.
139وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنتُمُ الْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ
තවද නුඹලා දුර්වල නොවනු. තවද නුඹලා දුක් නොවනු. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් ශ්‍රේෂ්ඨයෝ නුඹලා ම ය.
140إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ ۚ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنكُمْ شُهَدَاءَ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
නුඹලාට (උහද් සටනෙහි) තුවාල ඇති වන්නේ නම් දැන ගනු සැබැවින්ම) එවැනි ම තුවාල එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද අපි මෙවැනි (ජය හෝ පරාජිත) දිනයන් ජනයා අතර මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන් ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන් ව ප්‍රිය නොකරයි.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
138ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 138

සූරා ආල්-ඉම්රාන් ආයාත් 138 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මෙය ජනයා හට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට…

සූරා ආයාත් 138/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 136–140. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers