අන්-නිසා · 64/176
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නිසා
وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَّحِيمًا ۝٦٤
Wa maa arsalnaa mir Rasoolin illaa liyutaa`a bi iznil laah; wa law annahum `iz zalamooo anfusahum jaaa`ooka fastaghfarul laaha wastaghfara lahumur Rasoolu la wajadul laaha Tawwaabar Raheemaa
📖 සිංහලෙන්
අල්ලාහ්ගේ අනුමැතියෙන් පිළිපදිනු ලැබීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත් අවස්ථාවක, ඔවුන් නුඹ වෙත පැමිණ, තවද ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියදී, රසූල්වරයා (වන ඔබත්) ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත්, අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත.

🎧 අසන්න


📜 ආයාත් 62-66 — සූරා අන්-නිසා

62فَكَيْفَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللَّهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا
ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට ඉන් පසුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණි විට කෙසේ වේවි ද?
63أُولَٰئِكَ الَّذِينَ يَعْلَمُ اللَّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلًا بَلِيغًا
ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේය. එබැවින් ඔවුන් ව නොසලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ සිත් තුළට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු.
64وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَّحِيمًا
අල්ලාහ්ගේ අනුමැතියෙන් පිළිපදිනු ලැබීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත් අවස්ථාවක, ඔවුන් නුඹ වෙත පැමිණ, තවද ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියදී, රසූල්වරයා (වන ඔබත්) ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත්, අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත.
65فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا
එසේ නොව, නුඹගේ පරමාධිපති මත දිවුරමින්! ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී, ඔවුන් නුඹව විනිශ්චය කරුවෙකු ලෙස පිළිගෙන, පසුව නුඹ දුන් තීන්දුවේ කිසිදු වරදක් ඔවුන් තුළ නොදැක, ඔවුන් පූර්ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස නොකරනු ඇත.
66وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُوا أَنفُسَكُمْ أَوِ اخْرُجُوا مِن دِيَارِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِّنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًا
“නුඹලා නුඹලාවම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස් වලින් බැහැර කරනු” යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නොකරනු ඇත. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත්වයක් වන්නට තිබිණ.
අන්-නිසාකුර්ආන් දර්ශකය
176ආයාත්
MedinanRevelation
64ආයාත්

පරිවර්තනය — අන්-නිසා 64

සූරා අන්-නිසා ආයාත් 64 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ්ගේ අනුමැතියෙන් පිළිපදිනු ලැබීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු.…

සූරා ආයාත් 64/176 — සූරා අන්-නිසා النساء (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නිසා අසන්න, සූරා අන්-නිසා පරිවර්තනය, සූරා අන්-නිසා mp3, සූරා අන්-නිසා pdf. ආයාත් 62–66. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers