අල්-මාඉදා · 109/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
۞ يَوْمَ يَجْمَعُ اللَّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ ۖ قَالُوا لَا عِلْمَ لَنَا ۖ إِنَّكَ أَنتَ عَلَّامُ الْغُيُوبِ ۝١٠٩
yawma yajma`ul laahur Rusula fa yaqoolu maazaaa ujibtum qaaloo laa `ilma lanaa innaka Anta `Allaamul Ghuyoob
📖 සිංහලෙන්
(නබිවරය!) අල්ලාහ් ධර්ම දූතවරු එක්රැස් කරන දින නුඹලාට පිළිතුරු දෙනු ලැබුවේ කුමක්දැ? යි විමසයි. අපට කිසිදු දැනුමක් නොමැත. අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥ වනුයේ ඔබය යැයි ඔවුහු පවසති.
🎧 අසන්න

📜 ආයාත් 107-111 — අල්-මාඉදා

107فَإِنْ عُثِرَ عَلَىٰ أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الْأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللَّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِن شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَّمِنَ الظَّالِمِينَ
සැබැවින්ම ඔවුන් දෙදෙනා (බොරු කී) පාපයට සුදුස්සන් යැයි හඳුනා ගනු ලැබූ විටක තමන්ට උරුමය ලැබිය යුතු යැයි පවසන අය අතරින් වෙනත් සමීප ඥාතීන් දෙදෙනකු (ද්‍රෝහිකම් කළ) ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට ඔවුන් දෙදෙනාගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂිය ඉතා නිවැරදිය. අපි සීමාව ඉක්මවා කටයුතු නොකළෙමු. (එසේ අප කළේ නම්) සැබැවින්ම අපි එවිට අපරාධකරුවන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.
108ذَٰلِكَ أَدْنَىٰ أَن يَأْتُوا بِالشَّهَادَةِ عَلَىٰ وَجْهِهَا أَوْ يَخَافُوا أَن تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ ۗ وَاتَّقُوا اللَّهَ وَاسْمَعُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
එය (එසේ දිවුරා සිටීම), සාක්ෂිය එහි නියම මුහුණුවරින් ගෙන ඒම පිණිසත්, නැත්නම් ඔවුන්ගේ දිවුරීමට පසුව (තමන්ගේ) දිවුරුම ප්‍රතික්ෂේප කරනු ලැබේවි යැයි ඔවුන් බියවීමටත් ඉතා පහසු මාර්ගයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සවන් දෙනු. තවද අල්ලාහ් දුෂ්ඨ පිරිසට මඟ නොපෙන්වයි.
109۞ يَوْمَ يَجْمَعُ اللَّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ ۖ قَالُوا لَا عِلْمَ لَنَا ۖ إِنَّكَ أَنتَ عَلَّامُ الْغُيُوبِ
(නබිවරය!) අල්ලාහ් ධර්ම දූතවරු එක්රැස් කරන දින නුඹලාට පිළිතුරු දෙනු ලැබුවේ කුමක්දැ? යි විමසයි. අපට කිසිදු දැනුමක් නොමැත. අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥ වනුයේ ඔබය යැයි ඔවුහු පවසති.
110إِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَىٰ وَالِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا ۖ وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي ۖ وَتُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ بِإِذْنِي ۖ وَإِذْ تُخْرِجُ الْمَوْتَىٰ بِإِذْنِي ۖ وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُوا مِنْهُمْ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ
එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ මර්යම්ගේ පුත් ඊසා! නුඹ වෙත හා නුඹගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහිය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුමැතියෙන් පක්ෂියකුගේ හැඩයක් සේ යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුමැතියෙන් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් උපතින් අන්ධයාව ද ළාදුරු රෝගයද සුව කළෙහිය. මාගේ අනුමැතියෙන් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන් ව ඔබගෙන් මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු.
111وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُوا بِي وَبِرَسُولِي قَالُوا آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ
මා හා මාගේ රසූල්වරයා ව විශ්වාස කරනු යැයි ගෝලයින් වෙත මා දන්වා සිටි විට ඔවුහු “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින්ම අප (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරු බව නුඹ සාක්ෂි දරනු” යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
109ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 109

සූරා අල්-මාඉදා ආයාත් 109 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (නබිවරය!) අල්ලාහ් ධර්ම දූතවරු එක්රැස් කරන දින නුඹලාට පිළිතුරු දෙනු…

සූරා ආයාත් 109/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 107–111. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers