අල්-ආරාෆ් · 178/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي ۖ وَمَن يُضْلِلْ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ ۝١٧٨
mai yahdil laahu fa huwal muhtadee wa mai yudlil fa ulaaa`ika humul khaasiroon
📖 සිංහලෙන්
අල්ලාහ් කවරෙකු යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 176-180 — සූරා අල්-ආරාෆ්

176وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَٰكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ ۚ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث ۚ ذَّٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
අපි අභිමත කළේ නම් එමගින් අප ඔහු උසස් කරවා තිබෙන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවට ඇලී ගැලී ගියේය. තවද ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේය. ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ පළවා හැරිය ද ඌ දිව එල්ලා ගෙන සිටියි. නුඹ (පහර නොදී) ඌ අත හැර දැමුව ද ඌ දිව එල්ලා ගෙන සිටියි. අපගේ සාධක බොරු කළ ජනයාට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු.
177سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنفُسَهُمْ كَانُوا يَظْلِمُونَ
අපගේ සාධක බොරු කොට තමන්ටම ආසාධාරණකම් කරමින් සිටි පිරිස ආදර්ශයෙන් නපුරු විය.
178مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي ۖ وَمَن يُضْلِلْ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
අල්ලාහ් කවරෙකු යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.
179وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ الْجِنِّ وَالْإِنسِ ۖ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَّا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ
සැබැවින්ම අපි ජින් වර්ගයා හා මානව වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කර ඇත්තෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමගින් වටහා නොගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමගින් නොබලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමගින් සවන් නොදෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන්ය. නොසැලකිලිමත් ව සිටියවුන් ඔවුහුමය.
180وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا ۖ وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ
වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා මගින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත.
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
178ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 178

සූරා අල්-ආරාෆ් ආයාත් 178 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ් කවරෙකු යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ…

සූරා ආයාත් 178/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 176–180. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers