අල්-අන්කබූත් සූරා අරාබි සහ සිංහල
අල්-අන්කබූත් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (69 ආයාත් — مكية). අල්-අන්කබූත් අසන්න, අල්-අන්කබූත් පරිවර්තනය, අල්-අන්කබූත් mp3, අල්-අන්කබූත් pdf.අල්-අන්කබූත් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ ٢
📖 පරිවර්තනය
ආයාත් 2
මිනිසා තමන් පරීක්ෂාවට ලක් කරනු නොලැබ, අපි විශ්වාස කළෙමු යැයි පැවසීමෙන් පමණක් තමන් අතහැර දමනු ලබනු ඇතැයි සිතුවේ ද?
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවට ලක් කළෙමු. එහෙයින් සත්යය පැවසූවන් පිළිබඳ ව අල්ලාහ් සැබැවින්ම දනී. තවද මුසාවාදීන් පිළිබඳ ව ද ඔහු සැබැවින්ම දනී.
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَن يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
නපුරුකම් සිදු කරන්නන් වනාහි ඔවුහු අප අබිබවා යා හැකැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
مَن كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
කවරෙකු අල්ලාහ්ගේ හමුව අපේක්ෂා කරන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියමිත කාලය පැමිණෙන්නකි. (යැයි දැන ගනු) තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
وَمَن جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ۚ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
තවද කවරෙකු (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතා නොමැත්තෙකි.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි කමා කරන්නෙමු. තවද ඔවුන් සිදුකරමින් සිටි වඩාත් අලංකාර දෑ සඳහා අපි ඔවුනට ප්‍රතිඵල පිරිනමන්නෙමු.
وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حُسْنًا ۖ وَإِن جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۚ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
තවද තම දෙමව්පියන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔබට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබ මට ආදේශ කරන මෙන් ඔවුන් දෙදෙනා ඔබ වෙත (බල කරන්නට) උත්සාහ දැරුවේ නම්, එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. නුඹලාගේ නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නෙමු.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි සැබැවින්ම අපි ඔවුන් දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු.
وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِن جَاءَ نَصْرٌ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
තවද ‘සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු’ යැයි පවසන අය ජනයා අතරින් වෙති. එවැන්නෙකු අල්ලාහ් විෂයෙහි වේදනාවට පත් කරනු ලැබූ විට, ජනයාගේ අර්බුදය අල්ලාහ්ගේ දඬුවමක් බවට සලකයි. නමුත් ඔබේ පරමාධිපතිගෙන් උපකාරයක් පැමිණි විට නියත වශයෙන්ම අපි නුඹලා සමග සිටියෙමු යැයි පවසති. ලෝවැසියන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?
وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
තවද සැබැවින්ම දේවත්වය විශ්වාස කළවුන් ගැන අල්ලාහ් දන්නේය. තවද කුහකයින් ගැන ද සැබැවින්ම ඔහු දන්නේය.
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُم بِحَامِلِينَ مِنْ خَطَايَاهُم مِّن شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් දේවත්වය විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපකම් වලින් කිසිවක් ඔවුහු උසුලන්නන් නොවෙති. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
තවද නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද උසුලනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නියත වශයෙන්ම විනිශ්චය කරනු ලැබේ.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිටියේය. එවිට ඔවුන් අපරාධකරුවන් ලෙස සිටිය දී මහා ගංවතුර ඔවුන් හසු කළේය.
فَأَنجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِّلْعَالَمِينَ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
එවිට අපි ඔහු(නූහ්) හා නැවේ සිටි සගයින් බේරා ගත්තෙමු. තවද ලෝ වැසියන්ට සංඥාවක් බවට අපි එය පත් කළෙමු.
وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
තවද ඉබ්රාහීම් ව ද (එව්වෙමු.) නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට උතුම්ය යැයි ඔහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَوْثَانًا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ الَّذِينَ تَعْبُدُونَ مِن دُونِ اللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًا فَابْتَغُوا عِندَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ ۖ إِلَيْهِ تُرْجَعُونَ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
නියත වශයෙන්ම අල්ලාහ්හැර දමා නුඹලා නැමදුම් කරනුයේ පිළිම වලටය. තවද නුඹලා බොරු නිර්මාණය කරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා නමදින දෑ වනාහි නුඹලාට පෝෂණය ලබා දෙන්නට ඔවුන් හැකියාව නොදරිති. එහෙයින් අල්ලාහ් අබියසින් පෝෂණ සම්පත් සොයනු. තවද ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට කෘතවේදී වනු. නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය.
وَإِن تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِّن قَبْلِكُمْ ۖ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
තවද නුඹලා බොරු කරන්නෙහු නම් එවිට (දැනගනු) සැබැවින්ම නුඹලාට පෙර සිටි සමූහයන්ද බොරු කළෝය. තවද පැහැදිලි ව දන්වා සිටීම මිස වෙනත් කිසිවක් පණිවිඩකරුවා වෙත නැත.
أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
අල්ලාහ් මැවීම් ප්‍රථමෝත්පාදනය කර පසු ව ඔහු එය නැවත ගෙන එන්නේ කෙසේ දැයි ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
මහපොළොවේ නුඹලා ගමන් කොට ඔහු මැවීම් ප්‍රථමෝත්පාදනය කළේ කෙසේ දැයි අධීක්ෂණයෙන් බලනු. පසු ව අල්ලාහ් වෙනත් නිර්මාණයක් නිර්මාණය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු.
يُعَذِّبُ مَن يَشَاءُ وَيَرْحَمُ مَن يَشَاءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ ٢١
📖 පරිවර්තනය
ආයාත් 21
ඔහු අභිමත කරන අයට ඔහු දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට කරුණාව පෙන්වයි. තවද නුඹලා පෙරළා ගෙන එනු ලබනුයේ ඔහු වෙතටය.
وَمَا أَنتُم بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ۖ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ ٢٢
📖 පරිවර්තනය
ආයාත් 22
තවද නුඹලා මහපොළොවේ හෝ අහස්හි හෝ (අල්ලාහ්ව පරාජය කරන්නට) හැකියාව දරන්නන් නොවන්නෙහුය. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَٰئِكَ يَئِسُوا مِن رَّحْمَتِي وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ ٢٣
📖 පරිවර්තනය
ආයාත් 23
තවද අල්ලාහ්ගේ සංඥා හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මාගේ දයාලුභාවය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත්තෝ ද ඔවුහුමය.
فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය. එවිට අල්ලාහ් ඔහු ව ගින්නෙන් මුදවා ගත්තේය. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَانًا مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ආදරය ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොර ව ගෙන ඇත්තේ පිළිම(වන්දනාව)ය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත.
۞ فَآمَنَ لَهُ لُوطٌ ۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّي ۖ إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
තවද ලූත් ඔහු(ඉබ්රාහීම්) ව විශ්වාස කළේය. නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත නික්ම ආ කෙනෙකි. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසීය.
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
තවද අපි ඔහු (ඉබ්රාහීම්)ට ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔහුගේ පරම්පරාව තුළ දූතත්වය හා ධර්ම ග්‍රන්ථය ඇති කළෙමු. තවද ඔහුගේ කුලිය අපි ඔහුට මෙලොවෙහි පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතරින්ය.
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ الْعَالَمِينَ ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
තවද ලූත් ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශීලාචාරය දෑහි නිරත වන්නෙහුය. නුඹලාට පෙර මෙවැනි දෙයක් ලෝවැසියන් අතරින් කිසිවෙකු විසින් සිදු කර නැත.
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
නියත වශයෙන්ම නුඹලා සහජ මාර්ගය කපා හැර පිරිමින් වෙත (කාමාශාවෙන් යුතු ව) පැමිණෙන්නෙහු ද? නුඹලා රැස් වන තැන්හි පිළිකුල් සහගත දෑ කරන්නෙහු ද? එවිට ඔහුගේ ජනයාගේ පිළිතුර ‘ඔබ සත්යවාදීන් අතරින් නම් අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු’යි පැවසීම මිස වෙනෙකක් නොවීය.
قَالَ رَبِّ انصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
මාගේ පරමාධිපතියණනි! කලහකාරී පිරිසට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු ප්රාර්ථනා කළේය.
وَلَمَّا جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
තවද අපගේ දූත වරුන් ඉබ්රාහීම් වෙත ශුභාරංචිය ගෙන ආ කල්හි ‘නියත වශයෙන්ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නෝ වෙමු. නියත වශයෙන්ම එහි වැසියෝ අපරාධකරුවන් වූහැ’යි ඔවුහු පැවසුවෝය.
قَالَ إِنَّ فِيهَا لُوطًا ۚ قَالُوا نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا ۖ لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
නියත වශයෙන්ම එහි ලූත් සිටින්නේ යැයි ඔහු(ඉබ්රාහීම්) පැවසීය. එහි සිටින්නේ කවරෙකු දැයි අපි මැනවින් දන්නෙමු. ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි මුදවා ගන්නෙමු. ඇය පසුබැස්සවුන් අතරට පත් වූවාය.
وَلَمَّا أَن جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
තවද අපගේ දූතවරු ලූත් වෙත පැමිණි විට ඔවුන් හේතුවෙන් ඔහු දුකට පත් විය. තවද ඔවුන් ගැන කනස්සල්ලෙන් ඔහු පීඩනයට පත් විය. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් නොවනු. නියත වශයෙන්ම ඔබගේ බිරිය හැර ඔබ හා ඔබගේ පවුලේ අය අපි මුදවාගන්නෝ වෙමු. ඇය පසුබැස්සවුන් අතරට පත් වූවාය යැයි පැවසූහ.
إِنَّا مُنزِلُونَ عَلَىٰ أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ ٣٤
📖 පරිවර්තනය
ආයාත් 34
නියත වශයෙන්ම මෙම නගරවාසීන් පාපකම් සිදු කරමින් සිටී හෙයින් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත පහළ කරන්නෙමු.
وَلَقَد تَّرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
තවද වටහා ගන්නා ජනයාට සැබැවින්ම අපි පැහැදිලි සංඥාවක් එහි අත්හැර දමා ඇත්තෙමු.
وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
තවද මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව (එව්වෙමු.) එවිට මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද පරමාන්ත දිනය බලාපොරොත්තු වෙනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු යැයි ඔහු පැවසීය.
فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමිකම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූවෝය.
وَعَادًا وَثَمُودَ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَاكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ ٣٨
📖 පරිවර්තනය
ආයාත් 38
තවද ආද් ජනයා සහ සමූද් ජනයා ද (විනාශ කළෙමු.) තවද සැබැවින්ම ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් (ඔවුන්ගේ තත්ත්වය) නුඹලාට පැහැදිලි වී ඇත. ඔවුන් බුද්ධිමතුන් ව සිටිය දී ෂෙයිතාන් ඔවුන්ගේ ක්රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඍජු මාර්ගයෙන් ඔවුන් වැළැක්වීය.
وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ ۖ وَلَقَدْ جَاءَهُم مُّوسَىٰ بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
තවද කාරූන් ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින්ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේය. නමුත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුන් ජයග්‍රාහකයන් නොවූහ.
فَكُلًّا أَخَذْنَا بِذَنبِهِ ۖ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
එසේ සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්‍රහණය කළෙමු. ඒ අනුව ඔවුන් අතරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරන් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියෝය.
مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. නියත වශයෙන්ම නිවෙස් අතරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි. ඔවුන් දැන සිටියාහු නම්.
إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِ مِن شَيْءٍ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
නියත වශයෙන්ම ඔහු හැර දමා ඔවුන් කවර දෙයකින් ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳ ව අල්ලාහ් දනී. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ ٤٣
📖 පරිවර්තනය
ආයාත් 43
තවද එම උපමාවන් අපි ජනයාට ගෙනහැර පාන්නෙමු. ප්‍රඥාව ඇත්තන් හැර වෙනත් කිසිවෙකු එය වටහා නොගනියි.
خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّلْمُؤْمِنِينَ ٤٤
📖 පරිවර්තනය
ආයාත් 44
අල්ලාහ් අහස් සහ මහපොළොව සත්යයෙන් යුතුව මැව්වේය. නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන් හට එහි සංඥාවක් ඇත.
اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ ٤٥
📖 පරිවර්තනය
ආයාත් 45
ධර්ම ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වනු ඇත. තවද අල්ලාහ් ව මෙනෙහි කිරීම අතිමහත්ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී.
۞ وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ ۖ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
තවද ධර්ම ග්‍රන්ථ ලත් අය සමග කවර දෙයක් යහපත් වන්නේ ද එය මගින් මිස වෙනත් කිසිවක් මගින් තර්ක නොකරනු. නමුත් ඔවුන් අතරින් අපරාධ කළවුන් සමග හැර. (ඔවුන් සමඟ තර්ක කිරීමට සිදු වුවහොත්) ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. තවද අපි ඔහුට අවනත වන්නෝ වෙමු.’ යැයි නුඹලා පවසනු.
وَكَذَٰلِكَ أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ ۚ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ ۖ وَمِنْ هَٰؤُلَاءِ مَن يُؤْمِنُ بِهِ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ ٤٧
📖 පරිවර්තනය
ආයාත් 47
තවද එලෙස අපි ඔබ වෙතට ද ධර්ම ග්‍රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය එය විශ්වාස කරති. තවද (මක්කාවාසීන් වන) මොවුන් අතුරින් ද එය විශ්වාස කරන්නන් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නොදකිති.
وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَّارْتَابَ الْمُبْطِلُونَ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
තවද මීට පෙර කිසිදු ධර්ම ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය.
بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ ٤٩
📖 පරිවර්තනය
ආයාත් 49
නමුත් මෙය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන්ය. තවද අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නොදකිති.
وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَاتٌ مِّن رَّبِّهِ ۖ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් (පෙර රසූල්වරුන්ට පහළ වූවාක් මෙන්) ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නොවේදැ?යි ඔවුහු විමසුවෝය. (අහෝ නබිවරය!) ‘නියත වශයෙන්ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි නුඹ පවසනු.
أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحْمَةً وَذِكْرَىٰ لِقَوْمٍ يُؤْمِنُونَ ٥١
📖 පරිවර්තනය
ආයාත් 51
නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම ධර්ම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි දෙවියන් දේවත්වය කරන ජනයාට ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් ඇත.
قُلْ كَفَىٰ بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا ۖ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ ٥٢
📖 පරිවර්තනය
ආයාත් 52
සාක්ෂිකරුවකු වශයෙන් මා අතර හා නුඹලා අතර අල්ලාහ් ප්‍රමාණවත් විය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු දනී. අසත්යය විශ්වාස කොට අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහුමය අලාභවන්තයෝ යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ ۚ وَلَوْلَا أَجَلٌ مُّسَمًّى لَّجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ ٥٣
📖 පරිවර්තනය
ආයාත් 53
තවද ඔවුහු ඔබගෙන් එම දඬුවම ඉක්මණින් පතති. (එයට) නියමිත කාලයක් නොවී නම් ඔවුන් වෙත එම දඬුවම පැමිණෙන්නට තිබුණි. තවද ඔවුන් නොදැනුවත් ව සිටිය දී එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙනු ඇත.
يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ ٥٤
📖 පරිවර්තනය
ආයාත් 54
ඔවුහු එම දඬුවම ඔබෙන් ඉක්මණින් පතති. තවද නියත වශයෙන්ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සර්වප්‍රකාරයෙන් වට කර ගන්නකි.
يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنتُمْ تَعْمَلُونَ ٥٥
📖 පරිවර්තනය
ආයාත් 55
එදින ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද දඬුවම ඔවුන් ව ආවරණය කරනු ඇත. "තවද නුඹලා සිදු කරමින් සිටී දෑ භුක්ති විඳිනු" යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.
يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ ٥٦
📖 පරිවර්තනය
ආයාත් 56
අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි! නියත වශයෙන්ම මාගේ භූමිය විශාලය. එහෙයින් නුඹලා මටම නැමදුම් කරනු.
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ ٥٧
📖 පරිවර්තනය
ආයාත් 57
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳින්නකි. පසු ව නුඹලා අප වෙත යොමු කරනු ලබන්නෙහුය.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُم مِّنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ نِعْمَ أَجْرُ الْعَامِلِينَ ٥٨
📖 පරිවර්තනය
ආයාත් 58
තවද දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය වනාහි, අපි ඔවුන් ස්වර්ග උයනෙහි ඊට යටින් ගංගාවන් ගලා බස්නා කුටි වල පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාතනිකයින්ය. යහකම් සිදු කරන්නන්ගේ කුලිය යහපත් විය.
الَّذِينَ صَبَرُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ٥٩
📖 පරිවර්තනය
ආයාත් 59
තවද ඔවුන් වනාහි ඉවසිලිමත් වූ අය වෙති. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරති.
وَكَأَيِّن مِّن دَابَّةٍ لَّا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ٦٠
📖 පරිවර්තනය
ආයාත් 60
තවද කොපමණක් ප්රාණීහු වෙත් ද? උන්ගේ පෝෂණය උන් උසුලන්නේ නැත. අල්ලාහ් උන්ට හා නුඹලාට පෝෂණය කරයි. තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ٦١
📖 පරිවර්තනය
ආයාත් 61
තවද අහස් හා මහපොළොව මවා හිරු හා සඳු වසඟ කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ٦٢
📖 පරිවර්තනය
ආයාත් 62
අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කරයි. තවද ඔහු ඔහුට (ඒවා) සීමා කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ مِن بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ ٦٣
📖 පරිවර්තනය
ආයාත් 63
තවද අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව මියගිය පසුව එය ප්රාණවත් කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, අල්ලාහ් යැයි නියත වශයෙන්ම ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) වටහා නොගනිති යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ ۚ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ ٦٤
📖 පරිවර්තනය
ආයාත් 64
තවද මෙලොව ජීවිතය විනෝදයක් හා සෙල්ලමක් මිස වෙනකක් නොවේ. තවද නියත වශයෙන්ම මතු ලොව ජීවිතය එයමය සැබෑ ජීවිතය. ඔවුහු දැන සිටියාහු නම්.
فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ ٦٥
📖 පරිවර්තනය
ආයාත් 65
ඔවුහු නැවට ගොඩ වී ගමන් ගත්තේ නම්, (විපතෙන් මිදීමට) දහම ඔහු වෙත පමණක් පුද කරමින් අවංකයින් ලෙස අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරති. පසු ව ඔවුන් ගොඩබිම වෙත මුදවා ගෙන පැමිණි කල්හි එවිට ඔවුහු (ඔහුට) ආදේශ කරන්නෝ වෙති.
لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ وَلِيَتَمَتَّعُوا ۖ فَسَوْفَ يَعْلَمُونَ ٦٦
📖 පරිවර්තනය
ආයාත් 66
(එසේ ඔවුන් සිදු කරනුයේ) අපි ඔවුනට පිරිනැමූ දෑ ප්‍රතික්ෂේප කරනු පිණිස හා ඔවුහු (පතන පරිදි) භුක්ති විදිනු පිණිසය. එහෙත් ඔවුහු මතු දැනගනු ඇත.
أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ ٦٧
📖 පරිවර්තනය
ආයාත් 67
ඔවුන් වටා සිටින මිනිසුන් පැහැරගෙන යනු ලබමින් තිබිය දී (මක්කාව) සුරක්ෂිත ශුද්ධ (වූ භූමියක්) බවට අප පත් කර තිබෙන බව ඔවුහු නොදුටුවෝ ද? එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරමින් අසත්යය ඔවුහු විශ්වාස කරන්නෝ ද?
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْكَافِرِينَ ٦٨
📖 පරිවර්තනය
ආයාත් 68
තවද අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ සත්යය පැමිණි කල්හි එය බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නොවී ද?
وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ ٦٩
📖 පරිවර්තනය
ආයාත් 69
තවද අප විෂයයෙහි කැපවූවන් වනාහි අපි ඔවුනට අපගේ මාර්ග පෙන්වා දෙන්නෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන් සමග සිටින්නේය.
කියවන්න අල්-අන්කබූත් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

