හූද් · 92/123
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා හූද්
قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُم مِّنَ اللَّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ ۝٩٢
Qaala yaa qawmi arahteee a`azzu `alaikum minal laahi wattakhaztumoohu waraaa`akum zihriyyan inna Rabbee bimaa ta`maloona muheet
📖 සිංහලෙන්
අහෝ මාගේ ජනයිනි! අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහු ව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහුය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නාය‍.

🎧 අසන්න


📜 ආයාත් 90-94 — සූරා හූද්

90وَاسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي رَحِيمٌ وَدُودٌ
තවද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අපරිමිත දයාන්විතය; සෙනෙහෙවන්තය.
91قَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ ۖ وَمَا أَنتَ عَلَيْنَا بِعَزِيزٍ
අහෝ ෂුඅයිබ්! නුඹ පවසන දැයින් බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. තවද ඔබ ව අප අතර දුර්වලයකු සේ නියත වශයෙන්ම අපි දකිමු. තවද නුඹේ පවුලේ අය නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. තවද නුඹ අප කෙරෙහි බලවතෙකු නොවේ යැයි ඔවුහු පැවසුවෝය.
92قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُم مِّنَ اللَّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ
අහෝ මාගේ ජනයිනි! අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහු ව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහුය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නාය‍.
93وَيَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَاذِبٌ ۖ وَارْتَقِبُوا إِنِّي مَعَكُمْ رَقِيبٌ
තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. නියත වශයෙන්ම මම ද කටයුතු කරමි. කවුරුන් වෙත අවමානය ගෙන දෙන දඬුවම පැමිණෙන්නේ දැයි ද බොරු පවසන්නා කවරෙකු දැයි ද නුඹලා මතු දැන ගනු ඇත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙක්මි.
94وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَأَخَذَتِ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ
තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමග විශ්වාස කළවුන් ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා ගිගුරුම් හඬ අපරාධ කළවුන් ග්‍රහණය කළේය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ.
හූද්කුර්ආන් දර්ශකය
123ආයාත්
MeccanRevelation
92ආයාත්

පරිවර්තනය — හූද් 92

සූරා හූද් ආයාත් 92 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ මාගේ ජනයිනි! අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ…

සූරා ආයාත් 92/123 — සූරා හූද් هود (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා හූද් අසන්න, සූරා හූද් පරිවර්තනය, සූරා හූද් mp3, සූරා හූද් pdf. ආයාත් 90–94. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers