අල්-බකරා · 267/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنفِقُوا مِن طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلَّا أَن تُغْمِضُوا فِيهِ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ ۝٢٦٧
Yaaa `ayyuhal lazeena aamanooo anfiqoo min taiyibaati maa kasabtum wa mimmaaa akhrajuaa lakum minal ardi wa laa tayammamul khabeesa minhu tunfiqoona wa lastum bi aakhizeehi illaaa an tughmidoo feeh; wa`lamooo annal laaha Ghaniyyun Hameed
📖 සිංහලෙන්
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නොසිතනු. නුඹලාගේ දෑස් වසා ගනිමින් මිස නුඹලා එවැනි දෑ ලබා ගන්නන් නොවන්නෙහුය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී බව නුඹලා දැන ගනු.

🎧 අසන්න


📜 ආයාත් 265-269 — අල්-බකරා

265وَمَثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා තම ආත්මය ස්ථාවරවත් කරමින් තම ධන සම්පත වියදම් කරන්නවුනට උපමා ව උස් තැනිතලාවක ඇති උයනක් මෙනි ය. එයට මහා වර්ෂාවක් ඇති විය. එහෙයින් එය එහි අස්වැන්න දෙගුණයක් බැගින් ගෙන ආවේය. නමුත් එසේ එයට මහා වර්ෂාවක් පතිත නොවූව ද සුළු වර්ෂාවක් වුව ද ප්‍රමාණවත් ය. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
266أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُ جَنَّةٌ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ لَهُ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاءُ فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ
කෙනෙකුට එහි යටින් ගංඟාවන් ගලා බසින ඉඳි හා මිදි උයනක් ඇත. එහි ඔහුට සියලු වර්ගයේ පලතුරු ද ඇත. ඔහුට දුර්වල පරපුරක් සිටිය දී ඔහුට වයෝවෘද්ධභාවය හට ගනී. එවිට (එම උයනට) ගින්නෙන් යුත් කුණාටුවක් ඇති වී එය ගිනිබත් වී යාමට ඔබ අතුරින් කිසිවෙකු හෝ ප්‍රිය කරන්නෙහි ද? නුඹලා වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ මෙලෙසය.
267يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنفِقُوا مِن طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلَّا أَن تُغْمِضُوا فِيهِ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නොසිතනු. නුඹලාගේ දෑස් වසා ගනිමින් මිස නුඹලා එවැනි දෑ ලබා ගන්නන් නොවන්නෙහුය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී බව නුඹලා දැන ගනු.
268الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاءِ ۖ وَاللَّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلًا ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
ෂෙයිතාන් නුඹලාට දිළිඳුකම ප්‍රතිඥා කරන්නේය. තවද ඔහු නුඹලාට අශික්ෂිත දෑ නියම කරන්නේය. එනමුත් අල්ලාහ් ඔහුගෙන් වූ සමාව ද භාග්‍යය ද ප්‍රතිඥා දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥානීය.
269يُؤْتِي الْحِكْمَةَ مَن يَشَاءُ ۚ وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින්ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙනත් කිසිවෙකු මෙය) මෙනෙහි නොකරන්නේය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
267ආයාත්

පරිවර්තනය — අල්-බකරා 267

සූරා අල්-බකරා ආයාත් 267 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට…

සූරා ආයාත් 267/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 265–269. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers