අල්-හජ් · 4/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හජ්
كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ السَّعِيرِ ۝٤
Kutiba `alaihi annahoo man tawallaahu fa annahoo yudil lauhoo wa yahdeehi ilaa `azaabis sa`eer
📖 සිංහලෙන්
සැබැවින්ම කවරෙකු ඔහු භාරකාරත්වය යටතේ ගත්තේ ද නියත වශයෙන්ම ඔහු ඔහුව නොමඟ යවනු ඇත. තවද ඇවිළෙන නිරා ගින්නේ දඬුවමට ඔහු මග පෙන්වනු ඇතැයි ඔහු කෙරෙහි නියම කරන ලදී.
🎧 අසන්න

📜 ආයාත් 2-6 — අල්-හජ්

2يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُم بِسُكَارَىٰ وَلَٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ
නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක්ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත්වූවන් සේ නුඹ දිකිනු ඇත. නමුත් ඔවුන් මත්වූවන් නොවෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩිය.
3وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَّرِيدٍ
තවද කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් සම්බන්ධයෙන් තර්ක කරන නොමඟ යවන සෑම ෂෙයිතානුවෙක්ම අනුගමනය කරන අය ජනයා අතරින් වෙති.
4كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ السَّعِيرِ
සැබැවින්ම කවරෙකු ඔහු භාරකාරත්වය යටතේ ගත්තේ ද නියත වශයෙන්ම ඔහු ඔහුව නොමඟ යවනු ඇත. තවද ඇවිළෙන නිරා ගින්නේ දඬුවමට ඔහු මග පෙන්වනු ඇතැයි ඔහු කෙරෙහි නියම කරන ලදී.
5يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ
අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද, පසු ව ශුක්රාණුවෙන්ද, පසු ව ලේ කැටියෙන් ද, පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි.
6ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්යය වන බැවිනි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
අල්-හජ්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-හජ් 4

සූරා අල්-හජ් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම කවරෙකු ඔහු භාරකාරත්වය යටතේ ගත්තේ ද නියත වශයෙන්ම ඔහු…

සූරා ආයාත් 4/78 — අල්-හජ් الحج (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හජ් අසන්න, අල්-හජ් පරිවර්තනය, අල්-හජ් mp3, අල්-හජ් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers