අල්-හජ් සූරා අරාබි සහ සිංහල

අල්-හජ් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (78 ආයාත් — مدنية). අල්-හජ් අසන්න, අල්-හජ් පරිවර්තනය, අල්-හජ් mp3, අල්-හජ් pdf.

අල්-හජ් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අවසන් හෝරාවේ කම්පනය අතිබලවත් කරුණකි.
يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُم بِسُكَارَىٰ وَلَٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක්ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත්වූවන් සේ නුඹ දිකිනු ඇත. නමුත් ඔවුන් මත්වූවන් නොවෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩිය.
وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَّرِيدٍ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් සම්බන්ධයෙන් තර්ක කරන නොමඟ යවන සෑම ෂෙයිතානුවෙක්ම අනුගමනය කරන අය ජනයා අතරින් වෙති.
كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ السَّعِيرِ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
සැබැවින්ම කවරෙකු ඔහු භාරකාරත්වය යටතේ ගත්තේ ද නියත වශයෙන්ම ඔහු ඔහුව නොමඟ යවනු ඇත. තවද ඇවිළෙන නිරා ගින්නේ දඬුවමට ඔහු මග පෙන්වනු ඇතැයි ඔහු කෙරෙහි නියම කරන ලදී.
يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද, පසු ව ශුක්රාණුවෙන්ද, පසු ව ලේ කැටියෙන් ද, පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි.
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්යය වන බැවිනි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන්ම මිනිවළවල් තුළ සිටින්නන්ව අල්ලාහ් නැගිටුවයි.
وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද කිසිදු දැනුමකින් තොර ව එමෙන්ම කිසිදු මග පෙන්වීමකින් තොර ව හා ආලෝකමත් ධර්ම ග්රන්ථයකින් තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නන් ජනයා අතර සිටිති.
ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ ۖ لَهُ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
(ඔහු) අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට තම ගෙල වෙනතකට හරවමින් සිටියි. ඔහුට මෙලොවෙහි අවමානය ඇත. තවද අපි ඔහුට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැවෙන (ගින්නේ) දඬුවම භුක්ති විඳින්නට සලස්වන්නෙමු.
ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
එය නුඹගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ.
وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ۚ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
තවද ජනයා අතරින් මායිමක් මත සිට අල්ලාහ්ට නැමදුම් කරන්නා ද වෙයි. යම් යහපතක් ඔහුට ඇති වූයේ නම් එමගින් ඔහු සැනසුමට පත් වෙයි. නමුත් ඔහුට යම් අර්බුදයක් ඇති වූයේ නම් ඔහුගේ මුහුණ මත හැරී යයි. මෙලොවෙහි හා මතුලොවෙහි ඔහු පරාජිත විය. ප්‍රකට ඉමහත් පරාජය එයමය.
يَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنفَعُهُ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
ඔහු අල්ලාහ් හැර දමා තමන්ට හානියක් සිදු කළ නොහැකි එමෙන්ම තමන්ට ඵලක් නොදෙන දෑට අයැද සිටියි. එයමය අන්ත මුළාව වනුයේ.
يَدْعُو لَمَن ضَرُّهُ أَقْرَبُ مِن نَّفْعِهِ ۚ لَبِئْسَ الْمَوْلَىٰ وَلَبِئْسَ الْعَشِيرُ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
ඔහුගේ ප්‍රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීප ව ඇත්තාගෙන් ඔහු අයැද සිටියි. (එසේ ඔහු පතන) එම භාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය.
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කොට යහකම් කළවුන් ඊට යටින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වෙත ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් තමන් සිතන දෑ සිදු කරයි.
مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
මෙලොව හා මතුලොව අල්ලාහ් ඔහුට උදව් නොකරන්නේම යැයි කවරෙකු සිතන්නේ ද, ඔහු අහස දෙසට ආධාරකයක් දිගු කොට පසුව එය කපාහරිත්වා! එවිට ඔහුගේ කුමන්ත්රණය ඔහු කෝපය ඇති කරන දෑ ඉවත් කරනු ඇත්දැයි ඔහු බලත්වා!
وَكَذَٰلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَن يُرِيدُ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
තවද එලෙස අපි මෙය (අල් කුර්ආනය) පැහැදිලි සංඥාවන් වශයෙන් පහළ කළෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි.
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَىٰ وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
නියත වශයෙන්ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්වරු ද කිතුනුවන් ද ගිනි පුදන්නන් ද ආදේශ කළවුන් ද නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර විනිශ්චය ලබා දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකය.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِّنَ النَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ ۗ وَمَن يُهِنِ اللَّهُ فَمَا لَهُ مِن مُّكْرِمٍ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاءُ ۩ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
අහස්හි සිටින අය ද මහපොළොවේ සිටින අය ද හිරු ද සඳු ද තාරකා ද කඳු ද ගස් ද සතුන් ද ජනයා අතරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නොදුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි.
۞ هَٰذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ ۖ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ الْحَمِيمُ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
මෙම විවාදිත දෙපිරිස තම පරාමාධිපති සම්බන්ධයෙන් විවාද කළෝය. එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් හට (නිරා) ගින්නෙන් වූ ඇඟලුම් වෙන් කරන ලදී. ඔවුන්ගේ හිස් වලට ඉහළින් උණු දිය වක් කරනු ලැබේ.
يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
ඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා හම් එමගින් දිය කරනු ලැබේ.
وَلَهُم مَّقَامِعُ مِنْ حَدِيدٍ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද ඔවුනට යකඩින් වූ අත් මුගුරු ඇත.
كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا فِيهَا وَذُوقُوا عَذَابَ الْحَرِيقِ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
දුකින් ඔවුන් එතැනින් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු ඒ තුළට නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ).
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
ඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද මුතු ද ඔවුනට පළඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ ඇඟලුම් සේදය.
وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَىٰ صِرَاطِ الْحَمِيدِ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
තවද ප්‍රකාශයෙන් පිවිතුරු දෑ වෙතට ඔවුහු මග පෙන්වනු ලැබූහ. තවද ප්‍රශංසනීය මාවත වෙත ද ඔවුහු මග පෙන්වනු ලැබූහ.
إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ ۚ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
නියත වශයෙන්ම කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද තවද එහි රැඳී සිටින්නන්හට හා පිටස්තරයන්හට සමාන ලෙසින් අපි ජනයා වෙනුවෙන් පත් කළ ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් කවරෙකු අවහිර කරන්නේ ද තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු.
وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَن لَّا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
තවද මට කිසිවක් ආදේශ නොකරනු. තවද නුඹ (කඃබා ව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන් හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඃ කරන්නන් හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු යැයි පවසා (කඃබා ව නම්) ගෘහයේ ස්ථානය ඉබ්රාහීම්ට අපි පවරා දුන් අවස්ථාව සිහිපත් කරනු.
وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි.
لِّيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَّعْلُومَاتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ ۖ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
ඔවුන් සතු ප්‍රයෝජන ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන් වල ගොවිපළ සතුන් අතරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි (ඒවා කපන විට) අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිසත්ය. එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද දුෂ්කරතා ඇති දිළින්දාට ආහාර සපයනු.
ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
පසු ව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුහු සක්මන් කරත්වා!
ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَّهُ عِندَ رَبِّهِ ۗ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදී. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා බොරු කතාවෙන් වළකිනු.
حُنَفَاءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
ඔහුට ආදේශ නොතබන්නන් ලෙසින් හා අල්ලාහ්ට අවංකයින් ලෙසිනි. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටී පසුව ඔහුව පක්ෂීන් ඩැහැ ගෙන යන්නාක් මෙන් හෝ සුළඟ ඔහු දූර තැනකට රැගෙන යන්නාක් මෙන් හෝ වේ.
ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
(සත්යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද සැබැවින්ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි.
لَكُمْ فِيهَا مَنَافِعُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
නුඹලාට එහි නියමිත කාලයක් දක්වා (ඒවායෙහි) ප්‍රයෝජන ඇත. පසු ව එය ඉපැරණි ගෘහය වෙත ස්ථාන ගත කරනු ලබන්නක් වේ.
وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِّيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
තවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳුන්ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් වූවනට (නබිවරය) නුඹ ශුභාරංචි දන්වනු.
الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَىٰ مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
ඔවුහු වනාහි අල්ලාහ් මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනියි. තවද ඔවුනට ඇති වන දෑ මත ඉවසිලිවන්තයින් වෙති. සලාතය විධිමත් ව ඉටු කරන්නන් වෙති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُم مِّن شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
තවද ඔටුවන් ද අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද ඉල්ලා සිටින්නාට හා ඉල්ලා නොසිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු.
لَن يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِن يَنَالُهُ التَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නොලැබෙන්නේමය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා වෙතින් වූ බිය බැතිමත්භාවයයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ් ව ශ්රේෂ්ඨත්වයට පත් කරනු පිණිස එලෙස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු.
۞ إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට අත් වන හානිය) නියත වශයෙන්ම අල්ලාහ් වළක්වාලනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ගුණමකු වූ සෑම ද්‍රෝහියෙකුවම ප්රිය නොකරනු ඇත.
أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
සටන් කරන්නන්හට අනුමැතිය දෙන ලදී. හේතුව නියත වශයෙන්ම ඔවුන් අපරාධයට භාජනය කරනු ලැබූ හෙයිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට උදව් කිරීමට ශක්තිවන්තය.
الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِم بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ ۗ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
ඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ් ය යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු අයිතියකින් තොර ව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර කරනු ලැබූවෝ වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකු ව අල්ලාහ් නොවැළැක්වූයේ නම් ආරාම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධික ව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරීය.
الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට පහසුකම් ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් සතුය.
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයාද ආද් ජනයා ද සමූද් ජනයා ද සැබැවින්ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝය.
وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
තවද ඉබ්රාහීම්ගේ ජනයා ද ලූත්ගේ ජනයා ද,
وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
තවද මද්යන් වාසීහු ද (බොරු කළෝය.) එලෙස මූසාද බොරු කරනු ලැබීය. එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට මම අවකාශය දුනිමි. පසු ව මම ඔවුන් ග්රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
කොපමණ ගම්මානයන් වී ද? ඒවා අපරාධ කරමින් සිටිය දී අපි විනාශ කළෙමු. ඒවා උඩු වියන් සමඟ ගරා වැටී ඇත. එමෙන්ම කොපමණ හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර වී ද?
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَٰكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
ඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නොවේ ද? එවිට එමගින් වටහා ගත හැකි අයුරින් සිත් හා එමගින් සවන් දිය හැකි අයුරින් කන්ද ඔවුනට පිහිටනු ඇත. නිසැකවම එහි ඇස් අන්ධ නොවෙයි. නමුත් හදවත් තුළ ඇතිඔවුන් මහපොළොවේ ගමන් කර නැති ද? එසේ (ගමන් කළේ) නම් එමගින් වටහා ගත හැකි සිත් හා එමගින් සවන් දිය හැකි කන් ඔවුනට පිහිටනු ඇත. නිසැකවම දෘෂ්ඨීන් අන්ධ නොවෙයි. නමුත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි. සිත් අන්ධ වෙයි.
وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَن يُخْلِفَ اللَّهُ وَعْدَهُ ۚ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
තවද ඔවුහු එම දඬුවම ඉක්මන් කරන මෙන් ඔබගෙන් පතති. තවද අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නොකරන්නේමය. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස එක් දිනයක්, නුඹලා ගණනය කරන අවුරුදු දාහකට සමානය.
وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
තවද කෙතරම් ගම්මානයන් වීද? ඒවා අපරාධකරමින් සිටිය දී එයට මම අවකාශ දුනිමි. පසු ව මම ඒවා ග්රහණය කළෙමි. තවද (ඔවුන්ගේ) නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය.
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُّبِينٌ ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
අහෝ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු පමණය යැයි (නබිවරය!) නුඹ පවසනු.
فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
තවද අපගේ වදන් නිෂ්ඵල කරන්නට උත්සාහ දැරූවන් වන ඔවුහුමය නිරයේ සගයෝ.
وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّىٰ أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
තවද (නබිවරය!) ඔබට පෙර අප එවූ කිසිදු නබිවරයකු හෝ ධර්ම දූතයකු හෝ වේවා, ඔහු පාරායනා කරන විට ෂෙයිතාන් ඔහුගේ පාරායනයෙහි (ව්‍යාකූලත්වය) හෙළා සිටියා මිස නැත. එවිට ෂෙයිතාන් හෙළන දෑ අල්ලාහ් නිෂ්ප්‍රභ කරයි. පසු ව අල්ලාහ් ඔහුගේ වදන් ස්ථීර කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
لِّيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
(එය) තම හදවත් තුළ රෝගී බව ඇති අයට හා තම හදවත් දැඩිවූවන්හට ෂෙයිතාන් හෙළන දෑ පරීක්ෂණයක් බවට ඔහු පත් කරනු පිණිසය. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් අන්ත බෙදීම් තුළ වෙති.
وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ ۗ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
තවද (එය) සැබැවින්ම මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්යය බව ඥානය දෙනු ලැබූවන් දැන; එය විශ්වාස කොට; ඔවුන්ගේ හදවත් එයට යටහත් වනු පිණිසය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කළවුනට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නාය.
وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ක්ෂණික ව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙන තෙක් හෝ නිසරු දිනයක දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ ඒ ගැන සැකයෙන් ඉවත් නොවෙති.
الْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ ۝٥٦
📖 පරිවර්තනය ආයාත් 56
එදින සියලු බලය අල්ලාහ් සතුය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති.
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ ۝٥٧
📖 පරිවර්තනය ආයාත් 57
තවද දේවත්වය ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත.
وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ ۝٥٨
📖 පරිවර්තනය ආයාත් 58
තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය පෝෂණය කරන්නන් අතරින් ඉතා ශ්රේෂ්ඨ වන්නේ.
لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُ ۗ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ ۝٥٩
📖 පරිවර්තනය ආයාත් 59
ඔවුහු ඒ ගැන තෘප්තියට පත් වන පිවිසුමකින් ඔවුන් ව ඔහු ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහත් ඉවසිලිවන්තය.
۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنصُرَنَّهُ اللَّهُ ۗ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ ۝٦٠
📖 පරිවර්තනය ආයාත් 60
එය (අල්ලාහ්ගේ නියමයයි). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින්ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසන්නාය; අතික්ෂමාශීලීය.
ذَٰلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ ۝٦١
📖 පරිවර්තනය ආයාත් 61
එය නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින්ද දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින්ද වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවකය; සර්ව නිරීක්ෂකය.
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ ۝٦٢
📖 පරිවර්තනය ආයාත් 62
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුම සත්යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය; අති ශ්රේෂ්ඨය.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ ۝٦٣
📖 පරිවර්තනය ආයාත් 63
නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට පසුව මහපොළොව සරුසාරවත් වීම නුඹ නොදුටුවෙහි ද? නියත වශයෙන්ම අල්ලාහ් මෛත්‍රිය; අභිඥානවන්තය.
لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ ۝٦٤
📖 පරිවර්තනය ආයාත් 64
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය අවශ්යතාවන්ගෙන් තොර, ප්‍රශංසාලාභී වනුයේ.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاءَ أَن تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ ۗ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ ۝٦٥
📖 පරිවර්තනය ආයාත් 65
මහපොළොවේ ඇති දෑ ද ඔහුගේ නියෝගය පරිදි මුහුදේ ගමන් කරන නැව් ද අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නොදුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොර ව මහපොළොව මතට අහස කඩා නොවැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්තය; මහා කරුණාවන්තය.
وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ ۝٦٦
📖 පරිවර්තනය ආයාත් 66
තවද නුඹලාට ජීවය ලබා දී පසු ව නුඹලා ව මරණයට පත් කොට ඉන්පසු ව යළි නුඹලාට ජීවය ලබා දෙනුයේ ඔහුය. නියත වශයෙන්ම මිනිසා ගුණමකුය.
لِّكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْرِ ۚ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًى مُّسْتَقِيمٍ ۝٦٧
📖 පරිවර්තනය ආයාත් 67
සෑම සමූහයකටම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් එම කරුණ සම්බන්ධයෙන් ඔවුහු නුඹ සමග ගැටලු ඇති කර ගත නොයුතුය. තවද නුඹගේ පරමාධිපති වෙත නුඹ ඇරයුම් කරනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය.
وَإِن جَادَلُوكَ فَقُلِ اللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ۝٦٨
📖 පරිවර්තනය ආයාත් 68
තවද ඔවුහු නුඹ සමග තර්ක කළේ නම් එවිට නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා බව (නබිවරය!) නුඹ පවසනු.
اللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ۝٦٩
📖 පරිවර්තනය ආයාත් 69
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කවර විෂයක් මත ගැටුම් ඇති කර ගත්තේද ඒ ගැන අල්ලාහ් නුඹලා අතර තීන්දු කරයි.
أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاءِ وَالْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ ۝٧٠
📖 පරිවර්තනය ආයාත් 70
(නබිවරය!) නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නොදන්නෙහිද? නියත වශයෙන්ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන්ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි.
وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَا لَيْسَ لَهُم بِهِ عِلْمٌ ۗ وَمَا لِلظَّالِمِينَ مِن نَّصِيرٍ ۝٧١
📖 පරිවර්තනය ආයාත් 71
තවද අල්ලාහ් හැර දමා කිසිදු බලයක් එයට පහළ නොකළා වූ දෑට හා ඒ ගැන කිසිදු දැනුමක් ඔවුනට නොමැති දෑට ඔවුහු නැමැදුම් කරති. තවද අපරාධකරුවන්හට කිසිදු උදව් කරුවකු නොමැත.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكُمُ ۗ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا ۖ وَبِئْسَ الْمَصِيرُ ۝٧٢
📖 පරිවර්තනය ආයාත් 72
තවද ඔවුන් වෙත අපගේ වදන් පැහැදිලි ලෙස පාරායනය කර පෙන් වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණුවල පිළිකුල් බව නුඹ දකිනු ඇත. ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන්නන් හට පහර දීමට ඔවුහු තැත් කරති. එහෙයින් නුඹ පවසනු. මීට වඩා නපුරු දෙයක් පිළිබඳ නුඹලාට මම දැනුම් දෙන්නද? (එය දේව වදන්) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් ප්‍රතිඥා කළ (නිරා) ගින්නය. තවද යොමු වන ස්ථානය වන එය නපුරු විය.
يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ ۚ إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ لَن يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ ۖ وَإِن يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ ۝٧٣
📖 පරිවර්තනය ආයාත් 73
අහෝ ජනයිනි! උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන අය වනාහි ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුන් මුදවා ගන්නට පවා ඔවුනට නොහැක. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය.
مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ ۝٧٤
📖 පරිවර්තනය ආයාත් 74
අල්ලාහ් ව ගරු කළ යුතු ප්‍රමාණයට ඔවුහු ඔහුට ගරු නොකළෝය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය; සර්ව බලධාරීය.
اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ ۝٧٥
📖 පරිවර්තනය ආයාත් 75
මලක්වරුන් අතරින් හා ජනයා අතරින් අල්ලාහ් දූතවරුන් තෝරා ගත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවකය; සර්ව නිරීක්ෂකය.
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ ۝٧٦
📖 පරිවර්තනය ආයාත් 76
ඔවුන් ඉදිරියේ ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ ඔහු දනියි. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩ ۝٧٧
📖 පරිවර්තනය ආයාත් 77
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා (නැවී) රුකූඋ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට නැමදුම් කරනු. තවද යහකම් සිදු කරනු. නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස.
وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ ۚ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ ۚ مِّلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ ۚ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِن قَبْلُ وَفِي هَٰذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ ۚ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ ۖ فَنِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ ۝٧٨
📖 පරිවර්තනය ආයාත් 78
තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්රාහීම්ගේ පිළිවෙතයි. රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් මීට පෙර ද මෙහි (අල්කුර්ආනයෙහි) ද මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් කළේ ඔහු (අල්ලාහ්) ය. එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද සකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය.
← 21 අල්-හජ් (22/114) 23 →
කියවන්න අල්-හජ් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

22الحج Al-Hajj 📚 78 ආයාත් مدنية

ආයාත් ආයාත් – අල්-හජ් සූරා — 78 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers