අල්-ෆුර්කාන් · 19/77
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ෆුර්කාන්
فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا ۝١٩
Faqad kazzabookum bimaa taqooloona famaa tastatee`oona sarfanw wa laa nasraa; wa mai yazlim minkum nuziqhu `azaaban kabeeraa
📖 සිංහලෙන්
නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය. තවද නුඹලා අතරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු.
🎧 අසන්න

📜 ආයාත් 17-21 — අල්-ෆුර්කාන්

17وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ فَيَقُولُ أَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَٰؤُلَاءِ أَمْ هُمْ ضَلُّوا السَّبِيلَ
තවද එදින ඔවුන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දෑ ඔහු එක් රැස් කොට මාගේ ගැත්තන් වන මොවුන් නොමග යැව්වේ නුඹලා ද? එසේ නැතහොත් මොවුන් ම ඍජු මාර්ගයෙන් නොමග ගියෝ දැ?යි (අල්ලාහ්) විමසනු ඇත.
18قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنبَغِي لَنَا أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَاءَ وَلَٰكِن مَّتَّعْتَهُمْ وَآبَاءَهُمْ حَتَّىٰ نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا
නුඹ සුපිවිතුරුය. නුඹගෙන් තොර ව භාරකරුවන් ගැනීමට අපට යුතු නොවීය. එනමුත් ඔවුන් මෙනෙහි කිරීම අමතක කරන තරමට නුඹ ඔවුනට හා ඔවුන්ගේ මුතුන් මිත්තන් හට භුක්ති විඳින්නට සැප පහසුකම් සැළැස්වූවෙහිය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් වූහ යැයි ඔවුහු පවසා සිටිනු ඇත.
19فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا
නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය. තවද නුඹලා අතරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු.
20وَمَا أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا
තවද නුඹට පෙර වූ ධර්ම දූතයින් අතරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය.
21۞ وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوا فِي أَنفُسِهِمْ وَعَتَوْا عُتُوًّا كَبِيرًا
තවද අපගේ හමුව බලාපොරොත්තු නොවන්නන් අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නොවේ ද? යැයි පැවසුවෝය. සැබැවින්ම ඔවුන් ඔවුන් විෂයෙහි උඩඟු වූහ. තවද මහත් ලෙස සීමාව ඉක්මවා කටයුතු කළෝය.
අල්-ෆුර්කාන්කුර්ආන් දර්ශකය
77ආයාත්
MeccanRevelation
19ආයාත්

පරිවර්තනය — අල්-ෆුර්කාන් 19

සූරා අල්-ෆුර්කාන් ආයාත් 19 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය.…

සූරා ආයාත් 19/77 — අල්-ෆුර්කාන් الفرقان (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ෆුර්කාන් අසන්න, අල්-ෆුර්කාන් පරිවර්තනය, අල්-ෆුර්කාන් mp3, අල්-ෆුර්කාන් pdf. ආයාත් 17–21. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers