ආල්-ඉම්රාන් · 122/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
إِذْ هَمَّت طَّائِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ۝١٢٢
Iz hammat taaa`ifataani minkum an tafshalaa wallaahu waliyyuhumaa; wa `alal laahi falyatawakkalil mu`minoon
📖 සිංහලෙන්
නුඹලා අතරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත් ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ්ය. එබැවින් විශ්වාස කළවුන් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහි ම ය.
🎧 අසන්න

📜 ආයාත් 120-124 — ආල්-ඉම්රාන්

120إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا ۖ وَإِن تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا ۗ إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
නුඹලාට යම් යහපතක් ස්පර්ශ කළේ නම් එය ඔවුන් දුකට පත් කරවයි. තවද නුඹලාට යම් අයහපතක් අත් වූයේ නම් එමගින් ඔවුහු සතුටට පත් වෙති. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් නුඹලාට හානිදායක නොවෙයි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ප්‍රකාරයෙන්ම දන්නා ය.
121وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
(නබිවරය! උහද් ) යුද්ධය සඳහා නියමිත ස්ථානයන්හි විශ්වාස කළ අයව ව සීරුවෙන් තැබීම පිණිස නුඹගේ පවුලෙන් උදෑසන පිටත් ව ගිය අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
122إِذْ هَمَّت طَّائِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
නුඹලා අතරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත් ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ්ය. එබැවින් විශ්වාස කළවුන් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහි ම ය.
123وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ ۖ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලා දුබලයින් ව සිටිය දී ඇත්තෙන්ම අල්ලාහ් බද්ර් (සටනෙ) හි නුඹලාට උදව් කළේය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.
124إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَاثَةِ آلَافٍ مِّنَ الْمَلَائِكَةِ مُنزَلِينَ
මලක්වරුන් අතරින් තුන් දහසක පිරිසක් පහළ කර නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නොවන්නේ දැ යි දේව විශ්වාස කළ අයට (නබිවරය) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
122ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 122

සූරා ආල්-ඉම්රාන් ආයාත් 122 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා අතරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත් ව ඇතැයි සිතූ අවස්ථාව…

සූරා ආයාත් 122/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 120–124. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers