අල්-අහ්සාබ් · 7/73
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අහ්සාබ්
وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَى ابْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا ۝٧
Wa iz akhaznaa minan Nabiyyeena meesaaqahum wa minka wa min Noohinw wa Ibraaheema wa Moosaa wa Eesab-ni-Maryama wa akhaznaa minhum meesaaqan ghaleezaa
📖 සිංහලෙන්
නබිවරුන් අතරින් ඔබගෙන් ද නූහ්, ඉබ්රාහීම්, මූසා හා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් දැඩි ප්‍රතිඥාවක් අපි ගත්තෙමු.

🎧 අසන්න


📜 ආයාත් 5-9 — අල්-අහ්සාබ්

5ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِندَ اللَّهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُم بِهِ وَلَٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
ඔවුන්ගේ පියවරුන්ගේ වාසගමින් නුඹලා ඔවුන් අමතනු. එය අල්ලාහ් අබියස වඩාත් සාධාරණනීයය. එසේ ඔවුන්ගේ පියවරුන් නුඹලා නොදන්නෙහු නම්, එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයින් හා නුඹලාගේ මිත්රයින් වෙති. කවර දෙයක් නුඹලාට වැරදුණෙහි ද එහි නුඹලා කෙරෙහි වරදක් නැත. නමුත් නුඹලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය.
6النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ ۗ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ إِلَّا أَن تَفْعَلُوا إِلَىٰ أَوْلِيَائِكُم مَّعْرُوفًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا
දේවත්වය විශ්වාස කරන්නන් හට ඔවුනටත් වඩා මෙම නබිවරයා වඩාත් ප්‍රමුඛය. ඔහුගේ බිරියෝ ඔවුන්ගේ මාතාවෝය. දේවත්වය විශ්වාස කරන්නන් හා නික්ම ගියවුනට වඩා අල්ලාහ්ගේ නියමය තුළ ඇති පරිදි ලේ ඥාතිත්වය ඇත්තෝ ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ප්‍රමුඛත්වය හිමි විය යුත්තෝ වෙති. නමුත් නුඹලාගේ මිතුරුන් වෙත යහපත් අයුරින් කටයුතු කරනු. එය ධර්ම ග්‍රන්ථයේ ලියන ලද්දක් විය.
7وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَى ابْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا
නබිවරුන් අතරින් ඔබගෙන් ද නූහ්, ඉබ්රාහීම්, මූසා හා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් දැඩි ප්‍රතිඥාවක් අපි ගත්තෙමු.
8لِّيَسْأَلَ الصَّادِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا أَلِيمًا
(එසේ දැඩි ප්‍රතිඥාවක් ලබා ගත්තේ) සත්යවාදීන්ගෙන් ඔවුන්ගේ සත්යතාව පිළිබඳ ඔහු විමසනු පිණිසය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කොට ඇත.
9يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَاءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත සේනාවන් පැමිණි විට ඔවුනට එරෙහි ව සැඩ සුළඟක් හා නුඹලා නොදුටු සේනාවන් ඔවුන් වෙත එවමින් අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් නිරීක්ෂක විය.
අල්-අහ්සාබ්කුර්ආන් දර්ශකය
73ආයාත්
MedinanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-අහ්සාබ් 7

සූරා අල්-අහ්සාබ් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නබිවරුන් අතරින් ඔබගෙන් ද නූහ්, ඉබ්රාහීම්, මූසා හා මර්යම්ගේ පුත්…

සූරා ආයාත් 7/73 — අල්-අහ්සාබ් الأحزاب (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අහ්සාබ් අසන්න, අල්-අහ්සාබ් පරිවර්තනය, අල්-අහ්සාබ් mp3, අල්-අහ්සාබ් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers