ඝාෆිර් · 42/85
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ඝාෆිර්
تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ ۝٤٢
Tad`oonanee li-akfura billaahi wa ushrika bihee maa laisa lee bihee `ilmunw wa ana ad`ookum ilal`Azeezil Ghaffaar
📖 සිංහලෙන්
“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහුය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අති ක්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙතය.”

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 40-44 — සූරා ඝාෆිර්

40مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ
“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නොලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහුමය.”
41۞ وَيَا قَوْمِ مَا لِي أَدْعُوكُمْ إِلَى النَّجَاةِ وَتَدْعُونَنِي إِلَى النَّارِ
තවද “අහෝ මාගේ ජනයිනි! මට තිබෙන අවශ්යතාව කුමක්ද? මම නුඹලා ජයග්‍රහණය වෙත ඇරයුම් කරමි. නමුත් නුඹලා (නිරයේ) ගින්න වෙත මා ඇරයුම් කරන්නෙහුය.”
42تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ
“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහුය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අති ක්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙතය.”
43لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ
“නියත වශයෙන්ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින්ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.”
44فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
එබැවින් මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
ඝාෆිර්කුර්ආන් දර්ශකය
85ආයාත්
MeccanRevelation
42ආයාත්

පරිවර්තනය — ඝාෆිර් 42

සූරා ඝාෆිර් ආයාත් 42 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක්…

සූරා ආයාත් 42/85 — සූරා ඝාෆිර් غافر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ඝාෆිර් අසන්න, සූරා ඝාෆිර් පරිවර්තනය, සූරා ඝාෆිර් mp3, සූරා ඝාෆිර් pdf. ආයාත් 40–44. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers