අල්-මාඉදා · 58/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ ۝٥٨
Wa izaa naadaitum ilas Salaatit takhazoohaa huzu wan`w wa la`ibaa; zaalika biannnahum qawmul laa ya`qiloon
📖 සිංහලෙන්
නුඹලා සලාතය වෙත කැඳවන විට එය ඔවුහු විහිළුවට හා සෙල්ලමට ගත්තෝය. එය සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් වන බැවිනි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 56-60 — සූරා අල්-මාඉදා

56وَمَن يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ
තවද කවරෙකු හෝ අල්ලාහ්ව, ඔහුගේ ධර්ම දූතයාණන්ව, හා දේවත්වය විශ්වාස කළවුන්ව තම භාරකරුවන් ලෙස ගන්නේ ද (දැනගනු!) සැබැවින්ම අල්ලාහ්ගේ කණ්ඩායම වන ඔවූහුමය ජයග්‍රහකයෝ.
57يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الَّذِينَ اتَّخَذُوا دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِّنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاءَ ۚ وَاتَّقُوا اللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අය ව හා හා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව නුඹලා භාරකරුවන් ලෙස නොගනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ට බිය බැතිමත් වනු.
58وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ
නුඹලා සලාතය වෙත කැඳවන විට එය ඔවුහු විහිළුවට හා සෙල්ලමට ගත්තෝය. එය සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් වන බැවිනි.
59قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ
ධර්ම ග්‍රන්ථ හිමියනි! අල්ලාහ් ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද, මීට පෙර පහළ කරනු ලැබූ දෑ ද, අප විශ්වාස කළ හේතුවෙන් මිස වෙන කවර කරුණක් හේතුවෙන් නුඹලා අපෙන් පළිගන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ අසනු. තවද සැබැවින්ම නුඹලාගෙන් වැඩිදෙනා දුෂ්ඨයෝය.
60قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ اللَّهِ ۚ مَن لَّعَنَهُ اللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ ۚ أُولَٰئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ عَن سَوَاءِ السَّبِيلِ
(නබිවරය!) "අල්ලාහ් අබියසින් එයට වඩා දරුණු ප්‍රතිඵලයක් ගැන මම නුඹලාට දන්වා සිටින්න දැ?" යි අසනු. අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද තවද ඔහු කවරෙකු පිළිබඳව කෝප වූයේ ද තවද ඔවුන් අතරින් කවරෙකු වඳුරන් හා ඌරන් බවට ඔහු පත් කළේ ද තවද කවරෙකු නපුරු බලවේග වලට යටහත් වූයේ ද ඔවුහුමය නිලයෙන් වඩාත් දරුණුතම අය වන්නෝ. එමෙන්ම නිවැරදි මාර්ගයෙන් වඩාත් මුළාවූවන් වන්නෝ.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
58ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 58

සූරා අල්-මාඉදා ආයාත් 58 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා සලාතය වෙත කැඳවන විට එය ඔවුහු විහිළුවට හා සෙල්ලමට…

සූරා ආයාත් 58/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 56–60. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers