අල්-මාඉදා · 8/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ ۝٨
Yaaa aiyuhal lazeena aamaanoo koonoo qawwaa meena lillaahi shuhadaaa`a bilqist, wa laa yajrimannakum shana aanu qawmin `alaaa allaa ta`diloo; i`diloo; huwa aqrabu littaqwaa wattaqul laah; innal laaha khabeerum bimaa ta`maloon
📖 සිංහලෙන්
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නොකිරීමට නුඹලා ව නොපොළඹවිය යුතුය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 6-10 — සූරා අල්-මාඉදා

6يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُوا ۚ وَإِن كُنتُم مَّرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنكُم مِّنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් මැණික් කටුව දක්වා ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසිදු වනු. නමුත් නුඹලා රෝගී ව හෝ යම් ගමනක නිරත ව සිටියෙහු නම් හෝ නුඹලා අතරින් කිසිවකු මළමූත්‍රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් හෝ ඉන්පසුව (පිරිසිදු වීමට) නුඹලා ජලය නොලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් ද පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි. නමුත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා ව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි.
7وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ද නුඹලාට කවර දෙයක් ප්‍රතිඥා කළේ ද ඔහුගේ එම ප්‍රතිඥාව ද සිහිපත් කරනු. එවිට 'අපි සවන් දුනිමු. අවනත වූයෙමු' යැයි නුඹලා පැවසුවෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්වඥානීය.
8يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නොකිරීමට නුඹලා ව නොපොළඹවිය යුතුය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය.
9وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۙ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් හට සමාව ද මහත් වූ ප්‍රතිඵල ද ඇතැයි අල්ලාහ් පොරොන්දු විය.
10وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් අසත්‍ය කළවුන් වනාහි ඔවුහුමය නිරයේ සගයෝ වන්නෝ.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 8

සූරා අල්-මාඉදා ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස…

සූරා ආයාත් 8/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers