අල්-මාඉදා · 91/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ ۝٩١
Innamaa yureedush Shaitaanu ai yooqi`a bainakumul `adaawata wal baghdaaa`a fil khamri wal maisiri wa yasuddakum `an zikril laahi wa `anis Salaati fahal antum muntahoon
📖 සිංහලෙන්
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව අවහිර කිරීමටය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?
🎧 අසන්න

📜 ආයාත් 89-93 — අල්-මාඉදා

89لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الْأَيْمَانَ ۖ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ۚ ذَٰلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَاحْفَظُوا أَيْمَانَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලාගේ දිවුරීම්හි නිකමට පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලා ව හසු නොකරයි. නමුත් නුඹලා ව ඔහු හසු කරනුයේ තිරසාර ලෙස පවසන දිවුරීම් වෙනුවෙනි. (දිවුරුම කඩ කළේ නම්) එවිට එහි ප්‍රතිකර්මය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථ ව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීමය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීමය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීමය. නමුත් කවරෙකු (ඒවායින් යමක්) නොලැබුවේද ඔහු දින තුනක් උපවාසයේ නියැළිය යුතුය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් (කඩ කිරීම්) වලට ප්‍රතිකර්මය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙසය.
90يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.
91إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව අවහිර කිරීමටය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?
92وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේසමෙන් කටයුතු කරනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු.
93لَيْسَ عَلَى الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُوا إِذَا مَا اتَّقَوا وَّآمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ثُمَّ اتَّقَوا وَّآمَنُوا ثُمَّ اتَّقَوا وَّأَحْسَنُوا ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
විශ්වාස කොට යහකම් කළවුන් කෙරෙහි ඔවුන් තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට යහකම් කර පසුව ද තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට ඉන් පසුව ද තමන් ආරක්ෂා කොට දැහැමි කටයුතු කළ විට (අතීතයේ) ඔවුන් භුක්ති විඳී දෑ සම්බන්ධයෙන් ඔවුනට වරදක් නැත. තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන් ව ප්‍රිය කරයි.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
91ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 91

සූරා අල්-මාඉදා ආයාත් 91 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම…

සූරා ආයාත් 91/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 89–93. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers