අල්-මාඉදා · 90/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ۝٩٠
yaaa aiyuhal lazeena aamanooo innamal khamru walmaisiru wal ansaabu wal azlaamu rijsum min `amalish shaitaani fajtaniboohu la`al lakum tuflihoon
📖 සිංහලෙන්
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 88-92 — සූරා අල්-මාඉදා

88وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي أَنتُم بِهِ مُؤْمِنُونَ
තවද අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත පිරිසිදු දෑ නුඹලා අනුභව කරනු. නුඹලා කවරෙකු විශ්වාස කරමින් සිටින්නේ ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
89لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الْأَيْمَانَ ۖ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ۚ ذَٰلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَاحْفَظُوا أَيْمَانَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලාගේ දිවුරීම්හි නිකමට පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලා ව හසු නොකරයි. නමුත් නුඹලා ව ඔහු හසු කරනුයේ තිරසාර ලෙස පවසන දිවුරීම් වෙනුවෙනි. (දිවුරුම කඩ කළේ නම්) එවිට එහි ප්‍රතිකර්මය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථ ව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීමය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීමය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීමය. නමුත් කවරෙකු (ඒවායින් යමක්) නොලැබුවේද ඔහු දින තුනක් උපවාසයේ නියැළිය යුතුය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් (කඩ කිරීම්) වලට ප්‍රතිකර්මය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙසය.
90يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.
91إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව අවහිර කිරීමටය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?
92وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේසමෙන් කටයුතු කරනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
90ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 90

සූරා අල්-මාඉදා ආයාත් 90 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි…

සූරා ආයාත් 90/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 88–92. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers