අල්-ආරාෆ් · 161/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَّغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ ۚ سَنَزِيدُ الْمُحْسِنِينَ ۝١٦١
Wa iz qeela lahumuskunoo haazihil qaryata wa kuloo minhaa haisu shi`tum wa qooloo hittatunw wadkhulul baaba sujjadan naghfir lakum khateee`aatikum; sanazeedul muhsineen
📖 සිංහලෙන්
තවද නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති පරිදි ඉන් අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් (පාපයෙන් ගැලවීම ලබා දෙනු) යැයි පවසනු. තවද එහි දොරටුවෙන් සිරස නමමින් ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 159-163 — සූරා අල්-ආරාෆ්

159وَمِن قَوْمِ مُوسَىٰ أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ
මූසාගේ ජනයා අතරින් සත්‍යය අනුව යහමඟ පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන ප්‍රජාවක් වෙති.
160وَقَطَّعْنَاهُمُ اثْنَتَيْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا ۚ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ إِذِ اسْتَسْقَاهُ قَوْمُهُ أَنِ اضْرِب بِّعَصَاكَ الْحَجَرَ ۖ فَانبَجَسَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ الْغَمَامَ وَأَنزَلْنَا عَلَيْهِمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ
ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලීය. සෑම ජන කොට්ඨාසයක්ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද ඔවුහු අපට අපරාධ නොකළහ. එහෙත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියහ.
161وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَّغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ ۚ سَنَزِيدُ الْمُحْسِنِينَ
තවද නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති පරිදි ඉන් අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් (පාපයෙන් ගැලවීම ලබා දෙනු) යැයි පවසනු. තවද එහි දොරටුවෙන් සිරස නමමින් ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
162فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا مِنْهُمْ قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَظْلِمُونَ
ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්‍රකාශයක් වෙනස් කොට පැවසුවෝය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු.
163وَاسْأَلْهُمْ عَنِ الْقَرْيَةِ الَّتِي كَانَتْ حَاضِرَةَ الْبَحْرِ إِذْ يَعْدُونَ فِي السَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُم بِمَا كَانُوا يَفْسُقُونَ
මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳ ව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුහු සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගියහ. මන්ද ඔවුන්ගේ සෙනසුරාදා දින මතස්‍යයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නොවන දිනයෙහි ඔවුන් වෙත එසේ නොපැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කරනුයේ එලෙසය
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
161ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 161

සූරා අල්-ආරාෆ් ආයාත් 161 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති පරිදි…

සූරා ආයාත් 161/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 159–163. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers