මර්යම් · 49/98
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — මර්යම්
فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا ۝٤٩
Falamma` tazalahum wa maa ya`budoona min doonil laahi wahabnaa lahoo is-haaqa wa ya`qoob, wa kullan ja`alnaa Nabiyyaa
📖 සිංහලෙන්
ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.
🎧 අසන්න

📜 ආයාත් 47-51 — මර්යම්

47قَالَ سَلَامٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي ۖ إِنَّهُ كَانَ بِي حَفِيًّا
ඔබට ශාන්තිය අත්වේවා! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමා ව අයැදිමි. නියත වශයෙන්ම ඔහු මා හට කරුණාවන්ත විය යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය.
48وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَىٰ أَلَّا أَكُونَ بِدُعَاءِ رَبِّي شَقِيًّا
තවද මම නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්රාර්ථනාවෙන් මා දුර්භාග්යවන්තයකු ලෙස නොවන්නට පුළුවන.
49فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا
ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.
50وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا
තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්රශංසාව ද ඇති කළෙමු.
51وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَىٰ ۚ إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا
තවද ධර්ම ග්රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.
මර්යම්කුර්ආන් දර්ශකය
98ආයාත්
MeccanRevelation
49ආයාත්

පරිවර්තනය — මර්යම් 49

සූරා මර්යම් ආයාත් 49 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම්…

සූරා ආයාත් 49/98 — මර්යම් مريم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: මර්යම් අසන්න, මර්යම් පරිවර්තනය, මර්යම් mp3, මර්යම් pdf. ආයාත් 47–51. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers