අල්-බකරා · 138/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
صِبْغَةَ اللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً ۖ وَنَحْنُ لَهُ عَابِدُونَ ۝١٣٨
Sibghatal laahi wa man ahsanu minal laahi sibghatanw wa nahnu lahoo `aabidoon
📖 සිංහලෙන්
(අපව වර්ණවත් කරවන) අල්ලාහ් ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ් ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තව ද අපි ඔහු ට යටහත් වන්නෝ වෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 136-140 — සූරා අල්-බකරා

136قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَا أُوتِيَ النَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු.
137فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنتُم بِهِ فَقَدِ اهْتَدَوا ۖ وَّإِن تَوَلَّوْا فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ ۖ فَسَيَكْفِيكَهُمُ اللَّهُ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
එබැවින් නුඹලා මෙය (ධර්මය) ගැන විශ්වාස කළාක් මෙන් ඔවුන් ද විශ්වාස කළේ නම් නියතව ඔවුන් ද යහ මඟ ලබන්නෝය. ඔවුහු පිටු පෑවෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු බේද යෙහි ය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹ ට ප්‍රමාණවත් වේ. තව ද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.
138صِبْغَةَ اللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً ۖ وَنَحْنُ لَهُ عَابِدُونَ
(අපව වර්ණවත් කරවන) අල්ලාහ් ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ් ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තව ද අපි ඔහු ට යටහත් වන්නෝ වෙමු.
139قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ
“අපගේ ද නුඹලාගේ ද පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අප ගේ ක්‍රියාවන් අපට ය නුඹලා ගේ ක්‍රියාවන් නුඹලාට ය. තව ද අපි ඔහු ට අවංකයෝ වෙමු.” යැයි නුඹ පවසනු.
140أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَىٰ ۗ قُلْ أَأَنتُمْ أَعْلَمُ أَمِ اللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَادَةً عِندَهُ مِنَ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
“නැතහොත් සැබැවින් ම ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ” යි (නබිවරය!) අසනු. ඔහු අබියස වූ අල්ලාහ් ගේ සාධකයක් වසන් කරන්නන් ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තව ද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
138ආයාත්

පරිවර්තනය — අල්-බකරා 138

සූරා අල්-බකරා ආයාත් 138 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (අපව වර්ණවත් කරවන) අල්ලාහ් ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ් ට…

සූරා ආයාත් 138/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 136–140. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers