අල්-බකරා · 62/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ۝٦٢
Innal lazeena aamanoo wallazeena haadoo wan nasaaraa was Saabi`eena man aamana billaahi wal yawmil aakhiri wa `amila saalihan falahum ajruhum `inda Rabbihim wa laa khawfun `alaihim wa laa hum yahzanoon
📖 සිංහලෙන්
නියත වශයෙන්ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්‍රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නේ ද නැත..

🎧 අසන්න


📜 ආයාත් 60-64 — සූරා අල්-බකරා

60۞ وَإِذِ اسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِّعَصَاكَ الْحَجَرَ ۖ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ ۖ كُلُوا وَاشْرَبُوا مِن رِّزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
තව ද මූසා තම ජනයා වෙනු වෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹ ගේ සැරයටියෙන් ගල ට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තව ද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා සැරි නොසරනු.
61وَإِذْ قُلْتُمْ يَا مُوسَىٰ لَن نَّصْبِرَ عَلَىٰ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الْأَرْضُ مِن بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَىٰ بِالَّذِي هُوَ خَيْرٌ ۚ اهْبِطُوا مِصْرًا فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِّنَ اللَّهِ ۗ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ۗ ذَٰلِكَ بِمَا عَصَوا وَّكَانُوا يَعْتَدُونَ
අහෝ මූසා! අප ට එකම (ආකාරයේ) ආහාරයක් මත පමණක් ඉවසා සිටිය නොහැක. එබැවින් අපට මහපොළොවෙන් හට ගැන් වන පලා වර්ග, කැකිරි, සුදු ලූනු, පරිප්පු හා ලූනු වැනි දෑ අප වෙනුවෙන් මතු කරන්නැ යි නුඹ ගේ පරමාධිපතිගෙන් අයැද සිටිනු යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු මෙසේ කීය. කවර දෙයක් ශ්‍රේෂ්ඨ ද, ඒ වෙනුව ට කවර දෙයක් පහත් ද එය මාරු කර දෙන මෙන් නුඹලා පතන්නෙහු ද? නුඹලා නගරයක ට ගොඩ බසිනු. එවිට නුඹලා ඉල්ලන දෑ නුඹලා ට හිමි වේ. තව ද ඔවුන් වෙත අවමානය ද දිළිඳුකම ද වෙළා ගනු ලැබීය. අල්ලාහ් ගේ කෝපය ට ලක් වූහ. මෙයට හේතුව ඔවුන් අල්ලාහ් ගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් හා යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරමින් සිටි හේතුවෙනි. එය ඔවුන් පිටු පා සීමාව ඉක්මවා යමින් සිටි හේතුවෙනි.
62إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නියත වශයෙන්ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්‍රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නේ ද නැත..
63وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
"නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස, අපි නුඹලා ට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු" යනුවෙන් අපි නුඹලා ට ඉහළින් තූර් කන්ද ඔසවා තබා, අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු.
64ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ
අනතුරුව, ඉන් පසුවද නුඹලා (ප්‍රතිඥාවට) පිටුපෑවෙහුය. එවිට නුඹලා ට අල්ලාහ් ගේ භාග්‍යය හා ඔහු ගේ කරුණාව නොවී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
62ආයාත්

පරිවර්තනය — අල්-බකරා 62

සූරා අල්-බකරා ආයාත් 62 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන්…

සූරා ආයාත් 62/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 60–64. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers