අන්-නූර් · 64/64
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නූර්
أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَا أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ۝٦٤
Alaaa inna lillaahi maa fis samaawaati wal ardi qad ya`lamu maaa antum `alaihi wa Yawma yurja`oona ilaihi fa yunaabi `uhum bimaa `amiloo; wallaahu bikulli shai`in `Aleem
📖 සිංහලෙන්
දැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතුය. නුඹලා කවර දෙයක් මත සිටින්නෙහු ද එය ඔහු සැබැවින්ම දනියි. තවද ඔහු වෙත ඔවුන් යොමු කරනු ලබන දින ඔහු ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව ඔවුනට දන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

🎧 අසන්න
📜

පරිවර්තනය — Tafsir

අල්ලාහ්ට අයත්ය අහස් හි ඇති දෑ සහ පොළොවේ ඇති දෑ බව දැන ගනුව. ඔහු තනිවම ඒ සියල්ල මැවූ අතර, ඒවායේ හිමිකාරිත්වය ද ඔහුට පමණක් අයත්ය. ඔහු ඒවා පාලනය කරන්නේ ද තම ඥානයෙනි. ඔබ යම් තත්ත්වයක සිටින්නේ ද එය ඔහු හොඳින් දනී. එය රහසක් වුව ද, ප්රසිද්ධයක් වුව ද, කුඩා වුව ද, විශාල වුව ද ඔහුගේ දැනුමෙන් බැහැර නොවේ. එමෙන්ම ඔවුන් (මිනිසුන්) මරණයෙන් පසු නැගිටුවනු ලබන දිනයේ දී ඔහු වෙතට ආපසු හරවනු ලබන විට, ඔවුන් මෙලොව දී කළ කුඩා හා විශාල සියලු ක්රියාවන් ගැන ඔහු ඔවුන්ට දන්වා, ඒ අනුව ඔවුන්ට විපාක දෙනු ඇත. අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥානීයය. අහස් හෝ පොළොවේ කිසිදු දෙයක් ඔහුගෙන් සැඟවිය නොහැක.

මෙම ආයාවෙන් ලැබෙන පාඩම්:

  • අල්ලාහ්ට පමණක් මුළු විශ්වයේම පාලන බලය අයත් බව තහවුරු වීම නිසා, ඔහු හැර වෙනත් කිසිවෙකුට බිය වීමට හෝ බලාපොරොත්තු තැබීමට අවශ්ය නැත. ඔහු පමණක් සියලු කටයුතු පාලනය කරන්නාය.
  • අල්ලාහ්ගේ දැනුම සියල්ල වැළඳ ගන්නා බැවින්, අපගේ සෑම ක්රියාවක්ම, සෑම වචනයක්ම, සෑම සිතුවිල්ලක්ම ඔහු දකී. මෙය අපට යහපත් දෑ කිරීමට සහ නපුරෙන් වැළකී සිටීමට ඇති ලොකුම දිරිගැන්වීමකි.
  • මරණයෙන් පසු ජීවිතය පිළිබඳ විශ්වාසය තහවුරු වීම නිසා, මෙලොව ජීවිතය අවසානය නොවේ. සෑම කෙනෙකුම තම ක්රියාවන්ගේ ප්රතිඵල ලබන දිනයක් පැමිණෙනු ඇත. මෙය අපට ඉවසීමෙන් හා යහපත් ලෙස ජීවත් වීමට උපකාරී වේ.
  • අල්ලාහ් සාධාරණයෙන් පිරිපුන් බැවින්, කිසිදු යහපත් ක්රියාවක් නිෂ්ඵල නොවන අතර, කිසිදු අයහපත් ක්රියාවක් දඬුවම් නොමැතිව ඉතිරි නොවේ. මෙය අපගේ ජීවිතයට අර්ථයක් සහ බලාපොරොත්තුවක් ලබා දෙයි.


📜 ආයාත් 62-64 — සූරා අන්-නූර්

62إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَىٰ أَمْرٍ جَامِعٍ لَّمْ يَذْهَبُوا حَتَّىٰ يَسْتَأْذِنُوهُ ۚ إِنَّ الَّذِينَ يَسْتَأْذِنُونَكَ أُولَٰئِكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ ۚ فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
දේවත්වය විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන්ය. තවද ඔවුහු ඔහු සමග යම් සාමුහික කරුණක සිටි විට ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු නික්ම නොයති. නියත වශයෙන්ම නුඹගෙන් අවසර පැතූවන් වනාහි ඔවුහුමය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කරන්නෝ වන්නේ. එහෙයින් ඔවුන්ගේ ඇතැම් කරුණු සඳහා ඔවුහු නුඹගෙන් අවසර පැතූ විට ඔවුන් අතරින් නුඹ කැමති අයට අවසර දෙනු. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.
63لَّا تَجْعَلُوا دُعَاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاءِ بَعْضِكُم بَعْضًا ۚ قَدْ يَعْلَمُ اللَّهُ الَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًا ۚ فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ
නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට අමතන සේ නුඹලා අතර රසූල්වරයාව නොඅමතනු. නුඹලා අතරින් සැඟ වී ලිස්සා යන්නන් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් දනී. ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුදයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්‍රවේශම් විය යුතුය.
64أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَا أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
දැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතුය. නුඹලා කවර දෙයක් මත සිටින්නෙහු ද එය ඔහු සැබැවින්ම දනියි. තවද ඔහු වෙත ඔවුන් යොමු කරනු ලබන දින ඔහු ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව ඔවුනට දන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
අන්-නූර්කුර්ආන් දර්ශකය
64ආයාත්
MedinanRevelation
64ආයාත්

පරිවර්තනය — අන්-නූර් 64

සූරා අන්-නූර් ආයාත් 64 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ්…

සූරා ආයාත් 64/64 — සූරා අන්-නූර් النور (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නූර් අසන්න, සූරා අන්-නූර් පරිවර්තනය, සූරා අන්-නූර් mp3, සූරා අන්-නූර් pdf. ආයාත් 62–64. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers