අල්-කසස් · 80/88
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කසස්
وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ اللَّهِ خَيْرٌ لِّمَنْ آمَنَ وَعَمِلَ صَالِحًا وَلَا يُلَقَّاهَا إِلَّا الصَّابِرُونَ ۝٨٠
Wa qaalal lazeena ootul `ilma wailakum sawaabul laahi khairul liman aamana wa `amila saalihaa; wa laa yulaq qaahaaa illas saabiroon
📖 සිංහලෙන්
තවද නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම්ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නොලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ.
🎧 අසන්න

📜 ආයාත් 78-82 — අල්-කසස්

78قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ عِندِي ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ اللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِ مِنَ الْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَأَكْثَرُ جَمْعًا ۚ وَلَا يُسْأَلُ عَن ذُنُوبِهِمُ الْمُجْرِمُونَ
මෙය මට දෙනු ලැබුවේ මා වෙත තිබෙන දැනුම හේතුකොටගෙනය යැයි (කාරූන්) පැවසීය. ඔහුට පෙර ඔහුට වඩා ශක්තියෙන් බලවත් එමෙන්ම පිරිසෙන් වැඩි පරම්පරාවන් අල්ලාහ් විනාශ කර ඇති බව ඔහු නොදත්තේ ද? තවද ඔවුන්ගේ පාපයන් ගැන මෙම අපරාධකරුවෝ විමසනු නොලබති.
79فَخَرَجَ عَلَىٰ قَوْمِهِ فِي زِينَتِهِ ۖ قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنْيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ
ඔහු අලංකාරයෙන් සැරසී ඔහුගේ ජනයා වෙත පිටත් ව පැමිණියේය. කාරූන්ට දෙනු ලැබූ දෑ මෙන් අපට ද තිබුණා නම්! නියත වශයෙන්ම ඔහු ඉමහත් භාග්යය සම්පන්නයකු යැයි මෙලොව ජීවිතය ප්රිය කරන්නෝ පැවසූහ.
80وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ اللَّهِ خَيْرٌ لِّمَنْ آمَنَ وَعَمِلَ صَالِحًا وَلَا يُلَقَّاهَا إِلَّا الصَّابِرُونَ
තවද නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම්ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නොලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ.
81فَخَسَفْنَا بِهِ وَبِدَارِهِ الْأَرْضَ فَمَا كَانَ لَهُ مِن فِئَةٍ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مِنَ الْمُنتَصِرِينَ
එහෙයින් අපි ඔහු හා ඔහුගේ නිවස මහපොළොවට ගිල්වූයෙමු. එවිට අල්ලාහ්ගෙන් තොර ව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු උදව් ලබන්නන් අතරින් ද නොවීය.
82وَأَصْبَحَ الَّذِينَ تَمَنَّوْا مَكَانَهُ بِالْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ ۖ لَوْلَا أَن مَّنَّ اللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ
අහෝ! තම ගැත්තන් අතරින් අල්ලාහ් අභිමත කරන අයට පෝෂණ සම්පත් ඔහු ව්යාප්ත කර දෙයි. තවද ඔහු ප්‍රමාණ කොට දෙයි. අල්ලාහ් අප වෙත කාරුණික නොවූයේ නම් අප ද ගිලී යන්නට තිබුණි. අහෝ! දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ජය නොලබනු ඇතැයි පෙර දින ඔහුගේ නිලයට ආශා කළවුන් පවසන්නන් බවට පත් වූහ.
අල්-කසස්කුර්ආන් දර්ශකය
88ආයාත්
MeccanRevelation
80ආයාත්

පරිවර්තනය — අල්-කසස් 80

සූරා අල්-කසස් ආයාත් 80 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ…

සූරා ආයාත් 80/88 — අල්-කසස් القصص (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කසස් අසන්න, අල්-කසස් පරිවර්තනය, අල්-කසස් mp3, අල්-කසස් pdf. ආයාත් 78–82. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers