ආල්-ඉම්රාන් · 180/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ ۗ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ ۝١٨٠
Wa laa yahsabannal lazeena yabkhaloon bimaa aataahumul lahu min fadilhee huwa khairal lahum bal huwa sharrul lahum sayutaw waqoona maa bakhiloo bihee Yawmal Qiyaamah; wa lillaahi meeraasus samaawaati wal ard; wallaahu bimaa ta`maloona Khabeer
📖 සිංහලෙන්
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය (එසේ මසුරු වීම) තමන්ට යහපතක් යැයි නොසිතිය යුතුය. නමුත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරු වූයේ ද එමඟින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හට ගෙල මාල පලඳවනු ලබන්නේය. තවද අහස් හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 178-182 — සූරා ආල්-ඉම්රාන්

178وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا ۚ وَلَهُمْ عَذَابٌ مُّهِينٌ
ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට අප කල් දීම තමන්ට යහපතක් යැයි ඔවුන් නොසිතිය යුතුය. අප එසේ ඔවුනට කල් දෙනුයේ ඔවුන් අධික ව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන් හට නින්දා සහගත දඬුවම ඇත.
179مَّا كَانَ اللَّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَىٰ مَا أَنتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ ۗ وَمَا كَانَ اللَّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَٰكِنَّ اللَّهَ يَجْتَبِي مِن رُّسُلِهِ مَن يَشَاءُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ وَإِن تُؤْمِنُوا وَتَتَّقُوا فَلَكُمْ أَجْرٌ عَظِيمٌ
අල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින් ව අතහැර දමන්නට නොවීය. එමෙන් ම අදෘශ්‍යමාන දෑ නුඹලාට පෙන්වා දෙන්නට ද අල්ලාහ්ට නොවීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත කළ අයව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ ධර්ම දූතයින් ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කර; බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්‍රතිඵල ඇත.
180وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ ۗ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය (එසේ මසුරු වීම) තමන්ට යහපතක් යැයි නොසිතිය යුතුය. නමුත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරු වූයේ ද එමඟින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හට ගෙල මාල පලඳවනු ලබන්නේය. තවද අහස් හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත ය.
181لَّقَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا وَقَتْلَهُمُ الْأَنبِيَاءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا عَذَابَ الْحَرِيقِ
සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු වෙමු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොර ව නබි වරුන් ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේදී) පවසන්නෙමු.
182ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට (කිසිදු අයුරින්) අරපාධ කරන්නෙක් නොවේ.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
180ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 180

සූරා ආල්-ඉම්රාන් ආයාත් 180 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය…

සූරා ආයාත් 180/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 178–182. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers