අස්-සුමර් · 69/75
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අස්-සුමර්
وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ ۝٦٩
Wa ashraqatil ardu binoori Rabbihaa wa wudi`al Kitaabu wa jeee`a bin nabiyyeena wash shuhadaaa`i wa qudiya bainahum bilhaqqi wa hum laa yuzlamoon
📖 සිංහලෙන්
තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
🎧 අසන්න

📜 ආයාත් 67-71 — අස්-සුමර්

67وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
තවද අල්ලාහ් ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහුව මහිමයට පත් නොකළෝය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින්ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය; සුවිශුද්ධය.
68وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاءَ اللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنظُرُونَ
සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසු ව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිමින් අවධානයෙන් බලා සිටිති.
69وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ
තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
70وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ
තවද සෑම ආත්මයක්ම ඒවා සිදු කළ දෑට පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ලබයි. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය.
71وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا بَلَىٰ وَلَٰكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන ධර්ම දූතවරුන් නුඹලා අතරින් නුඹලා වෙත නොපැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නොකළේ දැ?යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය, යැයි ඔවුහු පවසති. එනමුත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට දඬුවමේ ප්‍රකාශය නියම විය.
අස්-සුමර්කුර්ආන් දර්ශකය
75ආයාත්
MeccanRevelation
69ආයාත්

පරිවර්තනය — අස්-සුමර් 69

සූරා අස්-සුමර් ආයාත් 69 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන…

සූරා ආයාත් 69/75 — අස්-සුමර් الزمر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අස්-සුමර් අසන්න, අස්-සුමර් පරිවර්තනය, අස්-සුමර් mp3, අස්-සුමර් pdf. ආයාත් 67–71. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers