අල්-ආරාෆ් · 31/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
۞ يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ ۝٣١
Yaa Banneee Adama khuzoo zeenatakum `inda kulli masjidinw wa kuloo washraboo wa laa tusrifoo; innahoo laa yuhibbul musrifeen
📖 සිංහලෙන්
ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 29-33 — සූරා අල්-ආරාෆ්

29قُلْ أَمَرَ رَبِّي بِالْقِسْطِ ۖ وَأَقِيمُوا وُجُوهَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۚ كَمَا بَدَأَكُمْ تَعُودُونَ
මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය!) නුඹ පවසනු. සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ මුහුණු ස්ථාපිත කරනු. තවද නුඹලා ඔහුට පමණක් දහම පුද කොට අවංකයින් ලෙසින් ඔහුව අයැදිනු. නුඹලා ව ඔහු උත්පාදනය කළාක් මෙන් නුඹලා නැවත (ඔහු වෙතම) හැරී යනු ඇත.
30فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلَالَةُ ۗ إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِن دُونِ اللَّهِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ
පිරිසකට ඔහු මඟ පෙන්වීය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ්ගෙන් තොරව ෂෙයිතානුන් ව හිත මිතුරන් ලෙස ගත්තෝය. තවද සැබැවින්ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති.
31۞ يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත.
32قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالطَّيِّبَاتِ مِنَ الرِّزْقِ ۚ قُلْ هِيَ لِلَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا خَالِصَةً يَوْمَ الْقِيَامَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණසම්පත් වලින් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය!) නුඹ විමසනු. මෙය මෙලොව ජීවිතයේ මෙන්ම විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී දේවත්වය විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.
33قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَن تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَن تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
"මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශීලාචාර දෑ මෙන්ම ඉන් මතුපිටින් ඇති දෑ ද අභ්‍යන්තරව ඇති දෑ ද පාපය ද යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළ දෙයකින් නුඹලා ඔහුට ආදේශ තැබීම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ" යැයි (නබිවරය!) නුඹ පවසනු.
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
31ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 31

සූරා අල්-ආරාෆ් ආයාත් 31 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. තවද…

සූරා ආයාත් 31/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 29–33. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers