අත්-තව්බා · 93/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තව්බා
۞ إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَسْتَأْذِنُونَكَ وَهُمْ أَغْنِيَاءُ ۚ رَضُوا بِأَن يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ ۝٩٣
Innamas sabeelu `alal lazeena yastaazinoonaka wa hum aghniyaaa`; radoo biany-yakoonoo ma`al khawaalifi wa taba`al laahu `alaa quloobihim fahum laa ya`lamoon
📖 සිංහලෙන්
ක්‍රියා මාර්ගය ගනු ලබනුයේ, ඔවුන් පොහොසතුන් ව සිටිය දී (සටනට සහභාගී නොවන්නට) නුඹගෙන් අවසර පතන්නන් හටය. පසුපසින් රැඳී සිටියවුන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේය. එබැවින් ඔවුහු (ඒ බව) නොදනිති.
🎧 අසන්න

📜 ආයාත් 91-95 — අත්-තව්බා

91لَّيْسَ عَلَى الضُّعَفَاءِ وَلَا عَلَى الْمَرْضَىٰ وَلَا عَلَى الَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا لِلَّهِ وَرَسُولِهِ ۚ مَا عَلَى الْمُحْسِنِينَ مِن سَبِيلٍ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
දුබලයින් කෙරෙහි ද රෝගීන් කෙරෙහි ද (යුද්ධය කිරීම සඳහා) වියදම් කිරීමට යමක් නොලැබුණු අය කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට යහපත පතන්නේ නම් ඔවුනට කිසිදු වරදක් නැත. දැහැමියන්ට එරෙහිව කිසිදු මගක් නොමැත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
92وَلَا عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَا أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوا وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا مَا يُنفِقُونَ
(නබිවරය) නුඹ ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දෙනු පිණිස නුඹ වෙත ඔවුන් පැමිණ, නුඹද ඔවුනට "නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මා සතුව නැත” යැයි පැවසා තමන් හට වියදම් කිරීමට යමක් නොලැබුණු හේතුවෙන් දුකට පත් ව තම ඇස් වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත.
93۞ إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَسْتَأْذِنُونَكَ وَهُمْ أَغْنِيَاءُ ۚ رَضُوا بِأَن يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ
ක්‍රියා මාර්ගය ගනු ලබනුයේ, ඔවුන් පොහොසතුන් ව සිටිය දී (සටනට සහභාගී නොවන්නට) නුඹගෙන් අවසර පතන්නන් හටය. පසුපසින් රැඳී සිටියවුන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේය. එබැවින් ඔවුහු (ඒ බව) නොදනිති.
94يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُل لَّا تَعْتَذِرُوا لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා වෙත පැමිණ (සටනට නොපැමිණීම ගැන) ඔවුහු නිදහසට කරුණු දක්වති. "නුඹලා නිදහසට කරුණු නොදක්වනු. සැබැවින්ම අප නුඹලා ව විශ්වාස නොකරන්නෙමු. නුඹලාගේ පුවත් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් අපට දැන්වීය. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නුඹලාගේ ක්‍රියාව නිරීක්ෂණය කරනු ඇත. පසු ව ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැත්තා වෙත නුඹලා ව යොමු කරනු ලැබේ. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹලාට ඔහු දන්වයි" යැයි නුඹ පවසනු.
95سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ ۖ فَأَعْرِضُوا عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා ඔවුන් ගැන නොතකා හරිනු පිණිස ඔවුහු නුඹලා වෙත අල්ලාහ් මත දිවුරා (බොරු හේතු සාධක) පවසති. එබැවින් නුඹලා ද ඔවුන් ගැන නොසලකා හරිනු. නියත වශයෙන්ම ඔවුහු කිලිටිය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරය වේ. එය ඔවුන් උපයමින් සිටි දෑ සඳහා වූ ප්‍රතිවිපාකයක් වශයෙනි.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
93ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 93

සූරා අත්-තව්බා ආයාත් 93 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ක්‍රියා මාර්ගය ගනු ලබනුයේ, ඔවුන් පොහොසතුන් ව සිටිය දී (සටනට…

සූරා ආයාත් 93/129 — අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තව්බා අසන්න, අත්-තව්බා පරිවර්තනය, අත්-තව්බා mp3, අත්-තව්බා pdf. ආයාත් 91–95. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers