අල්-අන්ෆාල් සූරා අරාබි සහ සිංහල
අල්-අන්ෆාල් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (75 ආයාත් — مدنية). අල්-අන්ෆාල් අසන්න, අල්-අන්ෆාල් පරිවර්තනය, අල්-අන්ෆාල් mp3, අල්-අන්ෆාල් pdf.අල්-අන්ෆාල් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
يَسْأَلُونَكَ عَنِ الْأَنفَالِ ۖ قُلِ الْأَنفَالُ لِلَّهِ وَالرَّسُولِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِن كُنتُم مُّؤْمِنِينَ ١
📖 පරිවර්තනය
ආයාත් 1
(නබිවරය!) යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු අල්ලාහ්ට හා රසූල්වරයාට හිමි බව නුඹ පවසනු. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. තවද නුඹලා අතර ඇති බැඳීම් ක්‍රමවත් කරනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු.
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ٢
📖 පරිවර්තනය
ආයාත් 2
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නෝ වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට දේව විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති.
أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
සැබෑ දේව විශ්වාසීහු ඔවුහුමය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත.
كَمَا أَخْرَجَكَ رَبُّكَ مِن بَيْتِكَ بِالْحَقِّ وَإِنَّ فَرِيقًا مِّنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
(නබිවරය) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹව පිට කළාක් මෙන් නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කළවුන් අතරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති.
يُجَادِلُونَكَ فِي الْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنظُرُونَ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
බලා සිටිය දී ම මරණය වෙත ඔවුන් ඇදගෙන යනු ලබන්නාක් මෙන් (යුද වැදීම අවශ්‍ය බව ඔවුනට) පැහැදිලි වූවායින් පසු ඔවුහු සත්‍යය සම්බන්ධයෙන් නුඹ සමඟ තර්ක කරති.
وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللَّهُ أَن يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
(සතුරු) කණ්ඩායම් දෙකින් එකකට සැබැවින්ම නුඹලාට එය (හිමි වනු) ඇතැයි අල්ලාහ් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. තවද නියත වශයෙන්ම නිරායුධ තවලමක් එය නුඹලාට විය යුතු යැයි නුඹලා ප්‍රිය කරන්නෙහුය. අල්ලාහ් ඔහුගේ වදන් තුළින් සත්‍යය සැබෑ ලෙසින් ස්ථාපිත කිරීමටත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුදුන් මුල කපා හැරීමටත් අපේක්ෂා කරයි.
لِيُحِقَّ الْحَقَّ وَيُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
(එය) වැරදි කරන්නන් පිළිකුල් කළ ද ඔහු සත්‍යය ස්ථාපිත කොට අසත්‍යය විනාශ කරනු පිණිසය.
إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ أَنِّي مُمِدُّكُم بِأَلْفٍ مِّنَ الْمَلَائِكَةِ مُرْدِفِينَ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා උදව් පතන විට ‘නියත වශයෙන්ම මම මලක්වරුන් දහසක් දෙනා එකිනෙකාට පරව පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේය.
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِ قُلُوبُكُمْ ۚ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ ۚ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමගින් සැනසුම ලබනු පිණිස මිස අල්ලාහ් එය නියම කළේ නැත. සැබෑ උපකාරය අල්ලාහ්ගෙන් මිස වෙනත් නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; සර්ව ප්‍රඥාවන්තය.
إِذْ يُغَشِّيكُمُ النُّعَاسَ أَمَنَةً مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ السَّمَاءِ مَاءً لِّيُطَهِّرَكُم بِهِ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ الشَّيْطَانِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ الْأَقْدَامَ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
එවිට ඉන් බිය නොවී සිටින්නට සුළු නින්දෙන් ඔහු නුඹලා වෙළා ගත්තේය. නුඹලා එමගින් පිරිසිදු කරවා ෂෙයිතාන්ගේ කිලිටි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත් නුඹලාගේ හදවත් ධෛර්‍යමත් කරවා එමගින් පාද ස්ථාවර කරනු පිණිසත් නුඹලා වෙත ඔහු අහසින් ජලය පහළ කළේය.
إِذْ يُوحِي رَبُّكَ إِلَى الْمَلَائِكَةِ أَنِّي مَعَكُمْ فَثَبِّتُوا الَّذِينَ آمَنُوا ۚ سَأُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوا فَوْقَ الْأَعْنَاقِ وَاضْرِبُوا مِنْهُمْ كُلَّ بَنَانٍ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
එවිට නුඹගේ පරමාධිපති මලක්වරුන් වෙත ‘නිසැකවම මම නුඹලා සමග සිටිමි. එබැවින් විශ්වාස කළවුන් ව නුඹලා ස්ථාවර කරනු. ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට මම භීතිය හෙළමි. එබැවින් නුඹලා ගෙලට ඉහළින් කපා දමනු. තවද ඔවුන්ගෙන් වූ සෑම පුරුකක්ම කපා දමනු’ යැයි දන්වා සිටියේය.
ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۚ وَمَن يُشَاقِقِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
එය ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වූ බැවිනි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වන්නේ ද එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
එයයි (දඬුවම), නුඹලා එය භුක්ති විදිනු. තවද නියත වශයෙන්ම නිරා ගින්නේ දඬුවම දේවත්වය ප්‍රතික්ෂේප කළ අයට ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا زَحْفًا فَلَا تُوَلُّوهُمُ الْأَدْبَارَ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව නුඹලා කණ්ඩායමක් ලෙසින් මුණ ගැසුණු විට නුඹලා ඔවුනට පසුපස ලා පලා නොයනු.
وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍ فَقَدْ بَاءَ بِغَضَبٍ مِّنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
යුද්ධයේ (යුද්ධෝපාය ලෙස) ප්‍රමාද වී පහර දෙන්නකු හා කණ්ඩායමක් වෙත එකතු වන්නෙකු හැර එදින කවරෙකු පසුපස ලා ඔවුන්ගෙන් පලා යන්නේද එවිට සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය සමඟ හැරී ගියේය. තවද ඔහුගේ නවාතැන නිරයයි. තවද එම (නිරය) යොමු කරනු ලබන ස්ථානයෙන් නපුරු විය.
فَلَمْ تَقْتُلُوهُمْ وَلَٰكِنَّ اللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ اللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِيَ الْمُؤْمِنِينَ مِنْهُ بَلَاءً حَسَنًا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
තවද නුඹලා ඔවුන් ඝාතනය නොකළෙහුය. එනමුත් අල්ලාහ් ඔවුන් ඝාතනය කළේය. තවද නුඹ විසි කළ විට දී (එය) නුඹ විසි නොකළෙහිය. එනමුත් අල්ලාහ් විසි කළේය. එය දේවත්වය විශ්වාස කරන්නන් ව එමගින් අලංකාර පිරික්සුමකින් පිරික්සනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
ذَٰلِكُمْ وَأَنَّ اللَّهَ مُوهِنُ كَيْدِ الْكَافِرِينَ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
එය නියත වශයෙන්ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණ දුර්වල කරන්නා බැවිනි.
إِن تَسْتَفْتِحُوا فَقَدْ جَاءَكُمُ الْفَتْحُ ۖ وَإِن تَنتَهُوا فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَإِن تَعُودُوا نَعُدْ وَلَن تُغْنِيَ عَنكُمْ فِئَتُكُمْ شَيْئًا وَلَوْ كَثُرَتْ وَأَنَّ اللَّهَ مَعَ الْمُؤْمِنِينَ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
(දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි!) නුඹලා තීන්දුවක් පැතුවෙහු නම් සැබැවින්ම නුඹලා වෙත එම තීන්දුව පැමිණ ඇත. තවද නුඹලා වැළකී සිටියෙහු නම් එය නුඹලාට යහපතකි. තවද නුඹලා (සටන් කිරීමට) නැවත හැරෙන්නෙහු නම් අපි ද හැරෙන්නෙමු. තවද නුඹලාගේ පිරිස අධික වූවත් එය නුඹලාට කිසිවකින් ප්‍රයෝජනවත් නොවන්නේමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නන් සමඟය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَوَلَّوْا عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වනු. නුඹලා (ඔහුට) සවන් දෙමින් සිටිය දී ඔහුගෙන් නුඹලා හැරී නොයනු.
وَلَا تَكُونُوا كَالَّذِينَ قَالُوا سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ ٢١
📖 පරිවර්තනය
ආයාත් 21
අපි සවන් දුනිමු යැයි පවසා පසුව සවන් නොදෙන්නන් මෙන් නුඹලා නොවනු.
۞ إِنَّ شَرَّ الدَّوَابِّ عِندَ اللَّهِ الصُّمُّ الْبُكْمُ الَّذِينَ لَا يَعْقِلُونَ ٢٢
📖 පරිවර්තනය
ආයාත් 22
නියත වශයෙන්ම අල්ලාහ් අබියස පොළොවේ සැරිසරන්නන් අතරින් ඉතා නපුරුවන්නේ (සත්‍යය) වටහා නොගන්නා බිහිරන් හා ගොළුවන්ය.
وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَّأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا وَّهُم مُّعْرِضُونَ ٢٣
📖 පරිවර්තනය
ආයාත් 23
ඔවුන් තුළ යහපතක් තිබේ යැයි අල්ලාහ් දන්නේ නම් ඔහු ඔවුනට සවන් දීමට සලස් වන්නට තිබුණි. තවද ඔවුනට සවන් දීමට ඔහු සැලැස්සුව ද ඔවුන් පිටුපාන්නන් ලෙසින්ම හැරී යනු ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ව ජීවත් කරවනු පිණිස නුඹලාට අල්ලාහ්ගේ පණිවිඩකරු ඇරයුම් කළ විට නුඹලා අල්ලාහ්ට හා රසූල් වරයාට පිළිතුරු දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් පුද්ගලයකු හා ඔහුගේ හදවත අතර වෙලී සිටින බවත් සැබැවින්ම නුඹලා ඔහු වෙතටම එක්රැස් කරනු ලබන බවත් නුඹලා දැන ගනු.
وَاتَّقُوا فِتْنَةً لَّا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنكُمْ خَاصَّةً ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
තවද නුඹලා අතරින් අපරාධ කළවුනට පමණක් ඇති නොවන අර්බුදයක් ගැන නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැන ගනු.
وَاذْكُرُوا إِذْ أَنتُمْ قَلِيلٌ مُّسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ النَّاسُ فَآوَاكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِ وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
නුඹලා පොළොවේ ස්වල්ප දෙනෙකු වශයෙන් දුබල ව සිටය දී ජනයා නුඹලාව ඩැහැ ගනු ඇතැයි නුඹලා බියෙන් සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස ඔහු නුඹලාට ඉඩ පහසුකම් සලසා ඔහුගේ උපකාරය තුළින් නුඹලාව ඔහු ශක්තිමත් කළේය. තවද යහපත් දැයින් නුඹලාට පෝෂණය කළේය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්ව ම අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නොකරනු. තවද නුඹලාට පවරන ලද දෑට ද වංචා නොකරනු.
وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللَّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
නියත වශයෙන්ම නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් (නුඹලාට) පරීක්ෂණයක් වේ යැයි ද නියත වශයෙන්ම අල්ලාහ්, ඔහු අබියස මහත් වූ ප්‍රතිඵල ඇතැයි ද නුඹලා දැන ගනු.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تَتَّقُوا اللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලාගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති මහත් වූ භාග්‍ය සම්පන්නය.
وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
නුඹව සිරගත කිරීමට හෝ නුඹ ව මරා දැමීමට හෝ නුඹ ව පිටුවහල් කිරීමට හෝ දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹට කුමන්ත්‍රණ කළ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරති. (එයට එරෙහිව) අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. කුමන්ත්‍රණ කරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ්ය.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا لَوْ نَشَاءُ لَقُلْنَا مِثْلَ هَٰذَا ۙ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි සවන් දුනිමු. අපි සිතුවේ නම් මෙවැනිම දෙයක් අපි පවසන්නට තිබුණි. මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධයන් මිස (වෙන කිසිවක්) නැත යැයි ඔවුහු පැවසුවෝය.
وَإِذْ قَالُوا اللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ الْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ السَّمَاءِ أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
අහෝ අල්ලාහ්!, මෙය නුඹ වෙතින් වූ සත්‍යයක් නම් අප මත අහසින් ගල් වරුසාවක් වස්සවනු. නැතිනම් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
නුඹ ඔවුන් අතර සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය. තවද ඔවුන් සමාව අයැදිමින් සිටියදී ඔවුනට දඬුවම් කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් නොවීය.
وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ ۚ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ٣٤
📖 පරිවර්තනය
ආයාත් 34
අල්ලාහ් ඔවුනට දඬුවම් නොකළ යුත්තේ මන්ද? ඔවුහු මස්ජිදුල් හරාමය ඔවුනට අවහිර කරති. තවද ඔවුහු එහි භාරකරුවන් නොවෙති. එහි භාරකරුවන් වන්නේ දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් මිස වෙනත් කිසිවකු නොවේ. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ الْبَيْتِ إِلَّا مُكَاءً وَتَصْدِيَةً ۚ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නොවීය. එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු.
إِنَّ الَّذِينَ كَفَرُوا يُنفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَن سَبِيلِ اللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ ۗ وَالَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කරනු පිණිස තමන්ගේ ධනය වියදම් කරති. එබැවින් ඔවුන් මතුවටත් වියදම් කරනු ඇත. පසුව එය ඔවුනට තැවුලක් බවට පත් වේ. පසුව ඔවුන් අබිබවා යනු ලබනු ඇත. තවද ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත එක් රැස් කරනු ලබති.
لِيَمِيزَ اللَّهُ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَيَجْعَلَ الْخَبِيثَ بَعْضَهُ عَلَىٰ بَعْضٍ فَيَرْكُمَهُ جَمِيعًا فَيَجْعَلَهُ فِي جَهَنَّمَ ۚ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
(එය) කිලිටි අයගෙන් පිවිතුරු අය අල්ලාහ් වෙන් කොට, එම කිලිටි අයගෙන් ඇතැමුන් ඇතැමුන් මත තබා, ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙහි දැමීම පිණිසය. අලාභවන්තයෝ ඔවුහුමය.
قُل لِّلَّذِينَ كَفَرُوا إِن يَنتَهُوا يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّتُ الْأَوَّلِينَ ٣٨
📖 පරිවර්තනය
ආයාත් 38
(නබිවරය!) අකටයුතුකම් කිරීමෙන් ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර සිදු කළ දෑ ට ඔවුනට සමාව දෙනු ලැබේ. ඔවුන් නැවතත් (ඒ වෙත) හැරැන්ණේ නම් පැරැන්නන්ගේ (විෂයෙහි ක්‍රියාත්මක වූ දඬුවම්) පිළිවෙත සැබැවින්ම ඉකුත් වී ගොස් ඇත. (එබැවින් එවැනිම දඬුවමක් මොවුනටත් හිමි වනු ඇත) යැයි ප්‍රතික්ෂේප කළවුනට පවසනු.
وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ ۚ فَإِنِ انتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
අර්බුදයක් නොපවතින තෙක්, එමෙන්ම දහම මුළුමනින්ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමග සටන් කරනු. නමුත් ඔවුන් වැළකුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සුපරික්ෂාකාරීය.
وَإِن تَوَلَّوْا فَاعْلَمُوا أَنَّ اللَّهَ مَوْلَاكُمْ ۚ نِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
තවද ඔවුන් පිටුපෑවේ නම් අල්ලාහ් නුඹලාගේ භාරකරු බව නුඹලා දැන ගනු. භාරකරුගෙන් ඔහු යහපත් විය. තවද උදව්කරුගෙන් ද ඔහු යහපත් විය.
۞ وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُم بِاللَّهِ وَمَا أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
කණ්ඩායම් දෙක හමු වූ දින (සත්‍ය අසත්‍යයෙන්) වෙන් කළ දින අපගේ ගැත්තා වෙත අපි පහළ කළ දෑ නුඹලා විශ්වාස කර සිටියෙහු නම්, නියත වශයෙන්ම යමක් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගත්තේ ද ඉන් පහෙන් කොටසක් අල්ලාහ්ට ද ධර්ම දූතයාණන්ට ද ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද (සරන පතන) මගියන්ට ද සතු බව දැන ගනු. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
إِذْ أَنتُم بِالْعُدْوَةِ الدُّنْيَا وَهُم بِالْعُدْوَةِ الْقُصْوَىٰ وَالرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَاخْتَلَفْتُمْ فِي الْمِيعَادِ ۙ وَلَٰكِن لِّيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَن بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَيَّ عَن بَيِّنَةٍ ۗ وَإِنَّ اللَّهَ لَسَمِيعٌ عَلِيمٌ ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
ළඟින් පිහිටි මිටියාවතෙහි නුඹලා ද, දුරින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද නුඹලාට පහළින් වෙළඳ කණ්ඩායම ද සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා එය සැලසුම් කර තිබුණේ නම් නියමිත වේලාවෙහි නුඹලා භේද වන්නට තිබුණි. එනමුත් සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කිරීම පිණිසත් විනාශ කරනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත විනාශ කරනු පිණිසත් ජීවත් කරවනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත ජීවත් කරවනු පිණිසත් (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේ)ය. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
إِذْ يُرِيكَهُمُ اللَّهُ فِي مَنَامِكَ قَلِيلًا ۖ وَلَوْ أَرَاكَهُمْ كَثِيرًا لَّفَشِلْتُمْ وَلَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَلَٰكِنَّ اللَّهَ سَلَّمَ ۗ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ٤٣
📖 පරිවර්තනය
ආයාත් 43
(නබිවරය) නුඹේ සිහිනයෙහි නුඹට ඔවුන් ව ස්වල්ප දෙනෙකු වශයෙන් අල්ලාහ් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් ව අධික වශයෙන් ඔහු නුඹට පෙන්වා තිබුණේ නම් නුඹලා අධෛර්යයට පත් වනු ඇත. තවද නුඹලා එම විෂයයෙහි මත ගැටුම් ඇති කර ගනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ ٤٤
📖 පරිවර්තනය
ආයාත් 44
නුඹලා (යුද බිමෙහි) හමු වූ විට නුඹලාගේ ඇස්වලට ඔවුන් ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වා, නුඹලා ව ඔවුන්ගේ ඇස්වලට ස්වල්ප දෙනකු වශයෙන් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. එය සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කරනු පිණිසය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ ٤٥
📖 පරිවර්තනය
ආයාත් 45
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා පිරිසක් හමු වූ විට ස්ථාවර ව සිටිනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අධික වශයෙන් නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු.
وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَاصْبِرُوا ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
තවද අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට නුඹලා අවනත වනු. නුඹලා ගැටුම් ඇති කර නොගනු. එවිට නුඹලා අධෛර්යයට පත් වනු ඇත. නුඹලාගේ බලය පහ ව යනු ඇත. තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
وَلَا تَكُونُوا كَالَّذِينَ خَرَجُوا مِن دِيَارِهِم بَطَرًا وَرِئَاءَ النَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ ۚ وَاللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌ ٤٧
📖 පරිවර්තනය
ආයාත් 47
අහංකාරයෙන් හා ජනයාට ප්‍රදර්ශනය කරමින් තම නිවෙස් වලින් පිටත් ව ගියවුන් මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වති. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්වප්‍රකාරයෙන් දන්නාය.
وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَّكُمْ ۖ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِّنكُمْ إِنِّي أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ ۚ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන් වූ අවස්ථා වේ “අද දින ජනයා අතරින් නුඹලා අබිබවා යන කිසිවකු නොමැත. තවද සැබැවින්ම මම නුඹලාගේ අසල් වැසියකු වෙමි. නමුත් දෙපිරිස හමුවීම ඔහු දුටු කල්හි ඔහුගේ විලුඹ දෙක මත ඔහු හැරී ගොස් මම නුඹලාගෙන් නික්ම යමි. නුඹලා නොදකින දෑ සැබැවින්ම මම දකිමි. සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි යැ”යි ඔහු පැවසීය.
إِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَٰؤُلَاءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَإِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ ٤٩
📖 පරිවර්තනය
ආයාත් 49
ඔවුන්ගේ දහම ඔවුන් මුළා කළේය යැයි කුහකයෝ හා තම හදවත් වල රෝග ඇත්තෝ පවසා සිටි අවස්ථා ව සිහිපත් කරනු. තවද කවරෙකු අල්ලාහ් වෙත භාර කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; සියුම් ඥානීය.
وَلَوْ تَرَىٰ إِذْ يَتَوَفَّى الَّذِينَ كَفَرُوا ۙ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ وَذُوقُوا عَذَابَ الْحَرِيقِ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව සුර දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නම්! ඔවුහු (එම දූතවරු) ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙති. නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසති).
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ ٥١
📖 පරිවර්තනය
ආයාත් 51
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට අසාධාරණකම් කරන්නෙකු නොවේ.
كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَفَرُوا بِآيَاتِ اللَّهِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ اللَّهَ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ ٥٢
📖 පරිවර්තනය
ආයාත් 52
(අප දඬුවම් කිරීමේ දී) ෆිර්අවුන්ගේ සේනාවේ හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළෝය. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය; දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
ذَٰلِكَ بِأَنَّ اللَّهَ لَمْ يَكُ مُغَيِّرًا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنفُسِهِمْ ۙ وَأَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ ٥٣
📖 පරිවර්තනය
ආයාත් 53
එය කිසිදු සමූහයක් තමන් සතු ව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින්ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නොවූ බැවිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِ رَبِّهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ ۚ وَكُلٌّ كَانُوا ظَالِمِينَ ٥٤
📖 පරිවර්තනය
ආයාත් 54
එය ෆිර්අවුන්ගේ සේනාව හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු තම පරමාධිපතිගේ වදන් බොරු කළෝය. එහෙයින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන් ව අපි විනාශ කළෙමු. තවද අපි ෆිර්අවුන්ගේ සේනාව හා අපරාධකරුවන් ලෙස සිටි සියලු දෙනා දියේ ගිල්වූයෙමු.
إِنَّ شَرَّ الدَّوَابِّ عِندَ اللَّهِ الَّذِينَ كَفَرُوا فَهُمْ لَا يُؤْمِنُونَ ٥٥
📖 පරිවර්තනය
ආයාත් 55
අල්ලාහ් අබියස නියත වශයෙන්ම ප්‍රාණීන් අතරින් වඩාත් නපුරු අය වන්නේ දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ය. මන්ද ඔවුහු විශ්වාස නොකරති.
الَّذِينَ عَاهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ ٥٦
📖 පරිවර්තනය
ආයාත් 56
(නබිවරය) ඔවුන් වනාහි නුඹ ඔවුන් සමඟ ගිවිස ගත් අය වෙති. ඉන් පසු ව ඔවුන් ඒ සෑම වාරයකම ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. තවද ඔවුහු බිය හැඟීමෙන් යුතු ව කටයුතු නොකරති.
فَإِمَّا تَثْقَفَنَّهُمْ فِي الْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ ٥٧
📖 පරිවර්තනය
ආයාත් 57
එහෙයින් යුද බිමෙහි නුඹ ඔවුන් හමු වන්නෙහි නම් ඔවුන්ගේ පසුපසින් සිටින්නවුන් ඔවුන් ගෙන් විසිර යන්නට සලස්වනු. ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةً فَانبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَاءٍ ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْخَائِنِينَ ٥٨
📖 පරිවර්තනය
ආයාත් 58
(නබිවරය) යම් පිරිසකගෙන් වංචාවක් සිදු වනු ඇතැයි නුඹ බිය වෙතොත් ඊට සමාන අයුරින් (එම ගිවිසුම) ඔවුන් වෙත විසිකර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් වංචා කරන්නන් ප්‍රිය නොකරයි.
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا سَبَقُوا ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ ٥٩
📖 පරිවර්තනය
ආයාත් 59
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින්ම නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (අප) පරාජය කිරීමට නොහැකි වෙති.
وَأَعِدُّوا لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنفِقُوا مِن شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ ٦٠
📖 පරිවර්තනය
ආයාත් 60
(ආයුධ) බලයෙන් හා අශ්ව සේනාවන්ගෙන් නුඹලාට හැකි පමණින් ඔවුනට එරෙහි ව නුඹලා සූදානම් වනු. අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුනට අමතර ව ඔවුන් ගැන නුඹලා නොදන්නා නමුත් අල්ලාහ් ඔවුන් ගැන දන්නා වෙනත් අය ද නුඹලා එමගින් බිය වද්දනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර කරුණක් වියදම් කරන්නේ ද නුඹලා වෙත එය පූර්ණ ව දෙනු ලැබේ. නුඹලා අසාධාරණකම් කරනු නොලබනු ඇත.
۞ وَإِن جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ ٦١
📖 පරිවර්තනය
ආයාත් 61
තවද ඔවුන් සමාදානය වෙත නැඹුරු වූයේ නම් එවිට නුඹ ද ඒ වෙත නැඹුරු වනු. තවද අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
وَإِن يُرِيدُوا أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ ۚ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ ٦٢
📖 පරිවර්තනය
ආයාත් 62
තවද නුඹට ද්‍රෝහිකම් කිරීමට ඔවුන් සිතන්නේ නම් එවිට (දැන ගනු) නියත වශයෙන්ම අල්ලාහ් නුඹට ප්‍රමාණවත්ය. ඔහුගේ උපකාරය හා දේවත්වය විශ්වාස කරන්නන් මඟින් නුඹ ව ස්ථාවර කළේ ඔහුය.
وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَّا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ ٦٣
📖 පරිවර්තනය
ආයාත් 63
ඔවුන්ගේ හදවත් අතර ඔහු සෙනෙහස ගොඩ නැගුවේය. මහපොළොවේ ඇති සියලු දෑ නුඹ වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර සෙනෙහස ගොඩ නැගීමට නුඹට නොහැකිය. එනමුත් අල්ලාහ් ඔවුන් අතර සෙනෙහස ගොඩ නැගුවේය. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය; සියුම් ඥානීය.
يَا أَيُّهَا النَّبِيُّ حَسْبُكَ اللَّهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ ٦٤
📖 පරිවර්තනය
ආයාත් 64
අහෝ නබිවරය! නුඹට හා දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹ ව අනුගමනය කළවුන්හට අල්ලාහ් ප්‍රමාණවත්ය.
يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّائَةٌ يَغْلِبُوا أَلْفًا مِّنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ ٦٥
📖 පරිවර්තනය
ආයාත් 65
අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන්නන් යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් අතරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් වූ බැවිනි.
الْآنَ خَفَّفَ اللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا ۚ فَإِن يَكُن مِّنكُم مِّائَةٌ صَابِرَةٌ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌ يَغْلِبُوا أَلْفَيْنِ بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ ٦٦
📖 පරිවර්තනය
ආයාත් 66
දැන් අල්ලාහ් නුඹලාට (දුන් සහනය) හීන කළේය. තවද නුඹලා තුළ දුර්වලකම් ඇති බව ඔහු දැන සිටියේය. එහෙයින් නුඹලා අතරින් ඉවසිලිවන්ත සිය දෙනකු වන්නේ නම් ඔවුහු (ඔවුන්ගෙන්) දෙසිය දෙනකු අබිබවා යනු ඇත. තවද නුඹලා අතරින් දහසක් දෙනා වන්නේ නම් අල්ලාහ්ගේ අනුහසින් දෙදහසක් දෙනා ඔවුහු අබිබවා යනු ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ ٦٧
📖 පරිවර්තනය
ආයාත් 67
මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට (සුදුසු) නොවීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහුය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරීය; සියුම් ඥානීය.
لَّوْلَا كِتَابٌ مِّنَ اللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَا أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌ ٦٨
📖 පරිවර්තනය
ආයාත් 68
අල්ලාහ්ගේ පෙර නියමයක් නොවූයේ නම් (සිරකරුවන් මුදා හරින්නට) නුඹලා ලබා ගත් දෙයහි මහත් දඬුවමක් නුඹලා ව ස්පර්ශ කරන්නට තිබුණි.
فَكُلُوا مِمَّا غَنِمْتُمْ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ ٦٩
📖 පරිවර්තනය
ආයාත් 69
එහෙයින් යුද බිමෙන් නුඹලා ලැබූ දැයින් අනුමත පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
يَا أَيُّهَا النَّبِيُّ قُل لِّمَن فِي أَيْدِيكُم مِّنَ الْأَسْرَىٰ إِن يَعْلَمِ اللَّهُ فِي قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِّمَّا أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ ٧٠
📖 පරිවර්තනය
ආයාත් 70
අහෝ නබිවරය! ‘නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපතක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ දෑට වඩා යහපත් දෑ නුඹලාට ඔහු පිරිනමනු ඇත. තවද නුඹලාට ඔහු සමා ව දෙනු ඇත’ යැයි නුඹලාගේ අත්අඩංගුවේ පසුවන සිරුකරුවන් හට නුඹ පවසනු. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
وَإِن يُرِيدُوا خِيَانَتَكَ فَقَدْ خَانُوا اللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ ٧١
📖 පරිවර්තනය
ආයාත් 71
ඔවුහු නුඹට ද්‍රෝහිකම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් මීට පෙර ද සැබැවින්ම ඔවුහු අල්ලාහ්ට ද්‍රෝහිකම් කළෝය. ඔහු ඔවුන් විෂයයෙහි (නුඹට) ඉඩ ලබා දී ඇත. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තය.
إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوا وَّنَصَرُوا أُولَٰئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُم مِّن وَلَايَتِهِم مِّن شَيْءٍ حَتَّىٰ يُهَاجِرُوا ۚ وَإِنِ اسْتَنصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ٧٢
📖 පරිවර්තනය
ආයාත් 72
නියත වශයෙන්ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරෝ වෙති. විශ්වාස කොට නික්ම නොගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නොවනු ඇත. නමුත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීමය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නිරීක්ෂා කරන්නාය.
وَالَّذِينَ كَفَرُوا بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ ٧٣
📖 පරිවර්තනය
ආයාත් 73
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. මෙය (එකිනෙකා රැකගැනීම) නුඹලා නොකරන්නේ නම් මහ පොළොවේ අර්බුද හා මහා කලහකම් සිදු වනු ඇත.
وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوا وَّنَصَرُوا أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَّهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ ٧٤
📖 පරිවර්තනය
ආයාත් 74
තවද විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් හා සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් වන ඔවුහුමය සැබෑ ලෙසින් දේවත්වය විශ්වාස කරන්නන් වන්නෝ. ඔවුනට සමාව ද ගෞරවාන්විත සංග්‍රහය ද ඇත.
وَالَّذِينَ آمَنُوا مِن بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَٰئِكَ مِنكُمْ ۚ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ٧٥
📖 පරිවර්තනය
ආයාත් 75
තවද විශ්වාස කොට පසුව (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් නුඹලා සමඟම (අල්ලාහ්ගේ මාර්ගයේ) කැප වූවන් වන ඔවුහු නුඹලා අතරින් වෙති. අල්ලාහ්ගේ නියමය පරිදි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ඉතා සමීප ඥාතීන් වෙති. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
කියවන්න අල්-අන්ෆාල් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

