අල්-බකරා · 225/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
لَّا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ ۝٢٢٥
Laa yu`aakhi zukumul laahu billaghwi feee aymaa nikum wa laakiny yu`aakhi zukum bimaa kasabat quloo bukum; wallaahu Ghafoorun Haleem
📖 සිංහලෙන්
පුහු ලෙස නුඹලා දෙන නුඹලාගේ දිවුරුම් වලදී අල්ලාහ් නුඹලා ව (වරදකරුවන් ලෙස) ග්‍රහනය කරන්නේ නැත. නමුත් නුඹලාව ග්‍රහනය කරනුයේ නුඹලාගේ හදවත් ඉපැයූ දෑ අනුවය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; ඉවසිලිවන්ත ය.
🎧 අසන්න

📜 ආයාත් 223-227 — අල්-බකරා

223نِسَاؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّىٰ شِئْتُمْ ۖ وَقَدِّمُوا لِأَنفُسِكُمْ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُم مُّلَاقُوهُ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ
නුඹලාගේ බිරියන් නුඹලා සතු කෙත් බිමකි. එබැවින් නුඹලා කැමති පරිදි නුඹලාගේ කෙත වෙතට යනු. තවද නුඹලා වෙනුවෙන් (දැහැමි දෑ) ඉදිරිපත් කරනු. අල්ලාහ්ට බැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු ව මුණ ගැසෙන්නන් බව දැන ගනු. තවද විශ්වාසවන්තයින් ට නුඹ ශුභාරංචි පවසනු.
224وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِّأَيْمَانِكُمْ أَن تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
නුඹලා දැහැමි දෑ කිරීම, (අල්ලාහ්ට) බැතිමත් වීම, ජනයා අතර සාමය ඇති කිරීම (වැනි යහකම් නොකිරීමට) නුඹලාගේ දිවුරුම් තුළින් අල්ලාහ් ව හේතුවක් බවට පත් නොකරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
225لَّا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ
පුහු ලෙස නුඹලා දෙන නුඹලාගේ දිවුරුම් වලදී අල්ලාහ් නුඹලා ව (වරදකරුවන් ලෙස) ග්‍රහනය කරන්නේ නැත. නමුත් නුඹලාව ග්‍රහනය කරනුයේ නුඹලාගේ හදවත් ඉපැයූ දෑ අනුවය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; ඉවසිලිවන්ත ය.
226لِّلَّذِينَ يُؤْلُونَ مِن نِّسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ ۖ فَإِن فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
(ලිංගික ඇසුරෙන්) තම බිරියන්ගෙන් තමන් ඉවත් ව සිටින බවට දිවුරා සිටින්නවුනට මාස හතරක අවකාශ පොරොත්තු කාලයක් ඇත. එසේ ඔවුන් (එම කාලය තුළ) නැවත හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
227وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
(එම කාලය තුළ) ඔවුන් දික්කසාද වීම ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
225ආයාත්

පරිවර්තනය — අල්-බකරා 225

සූරා අල්-බකරා ආයාත් 225 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පුහු ලෙස නුඹලා දෙන නුඹලාගේ දිවුරුම් වලදී අල්ලාහ් නුඹලා ව…

සූරා ආයාත් 225/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 223–227. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers