අල්-මාඉදා · 67/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
۞ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ ۝٦٧
Yaaa aiyuhar Rasoolu balligh maaa unzila ilaika mir Rabbika wa il lam taf`al famaaa ballaghta Risaalatah; wallaahu ya`simuka minan naas; innal laaha laa yahdil qawmal kaafireen
📖 සිංහලෙන්
අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නොකළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹ ව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින්ම දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.
🎧 අසන්න

📜 ආයාත් 65-69 — අල්-මාඉදා

65وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُوا وَاتَّقَوْا لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأَدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ
ධර්ම ග්‍රන්ථ හිමි ජනයා විශ්වාස කර දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළේ නම් ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් අපි පහ කොට ඔවුන් ව සැප පහසුකම් වලින් යුත් ස්වර්ග උයන් වලට නිසැකවම අපි ඇතුළත් කරන්නෙමු.
66وَلَوْ أَنَّهُمْ أَقَامُوا التَّوْرَاةَ وَالْإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ ۖ وَكَثِيرٌ مِّنْهُمْ سَاءَ مَا يَعْمَلُونَ
තවද තව්රාතය ද ඉන්ජීලය ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුහු ක්‍රියාත්මක කළේ නම් ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද ඔවුහු භුක්ති විඳින්නට තිබුණි. ඔවුන් අතරින් මධ්‍යස්ථ සමූහයක් ද විය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සිදු කරන දෑ නපුරු විය.
67۞ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නොකළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹ ව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින්ම දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.
68قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَىٰ شَيْءٍ حَتَّىٰ تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا ۖ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ
ධර්ම ග්‍රන්ථ හිමියනි! නුඹලා තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ක්‍රියාවට නංවන තෙක් නුඹලා කිසිවක් මත (පිහිටා) නොමැත යැයි (නබිවරය) නුඹ පවසනු. (නබිවරය) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්‍රතික්ෂේපය සැබැවින්ම වර්ධනය කරනු ඇත. එබැවින් දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයා සඳහා නුඹ දුක් නොවනු.
69إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ وَالنَّصَارَىٰ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද කිතුනුවන් ද ඔවුන් අතරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුක ට පත්වන්නෝ ද නොවෙති.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
67ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 67

සූරා අල්-මාඉදා ආයාත් 67 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ…

සූරා ආයාත් 67/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 65–69. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers