ෆාතිර් · 14/45
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ෆාතිර්
إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ ۝١٤
in tad`oohum laa yasma`oo du`aaa`akum wa law sami`oo mas tajaaboo lakum; wa Yawmal Qiyaamati Yakfuroona bishirkikum; wa laa yunabbi`uka mislu khabeer
📖 සිංහලෙන්
නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) නොදන්වයි.
🎧 අසන්න

📜 ආයාත් 12-16 — ෆාතිර්

12وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි රසැතිය. තවද එය තිත්ත ලුණු රසැතිය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පළඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය.
13يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۚ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ
රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති.
14إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ
නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) නොදන්වයි.
15۞ يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ ۖ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත යැපෙන්නෝය. තවද අල්ලාහ් වන ඔහුමය අවශ්යතාවන්ගෙන් තොර; ප්‍රශංසාලාභී.
16إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ
ඔහු අභිමත කරන්නේ නම් නුඹලා පහකර, නව මැවීමක් ගෙන එනු ඇත.
ෆාතිර්කුර්ආන් දර්ශකය
45ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — ෆාතිර් 14

සූරා ෆාතිර් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති.…

සූරා ආයාත් 14/45 — ෆාතිර් فاطر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ෆාතිර් අසන්න, ෆාතිර් පරිවර්තනය, ෆාතිර් mp3, ෆාතිර් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers