අල්-මාඉදා · 102/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا بِهَا كَافِرِينَ ۝١٠٢
Qad sa alahaa qawmum min qablikum summa asbahoo bihaa kaafireen
📖 සිංහලෙන්
නුඹලාට පෙර වූ ජනයා මේ ගැන විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු ප්‍රතික්ෂේප කළවුන් බවට පත් වූහ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 100-104 — සූරා අල්-මාඉදා

100قُل لَّا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ ۚ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ
නපුරු දෑ බහුල ව තිබීම නුඹ ව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නොවන බව (නබිවරය!) නුඹ පවසනු. එබැවින් බුද්ධිමතුනි! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.
101يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللَّهُ عَنْهَا ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඇතැම් කරුණු පිළිබඳ ව නුඹලා නොවිමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබන අවස්ථාවේ නුඹලා ඒ ගැන විමසා සිටියෙහු නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් එ් ගැන නොසලකා හැරියේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; ඉවසිලිවන්තය.
102قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا بِهَا كَافِرِينَ
නුඹලාට පෙර වූ ජනයා මේ ගැන විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු ප්‍රතික්ෂේප කළවුන් බවට පත් වූහ.
103مَا جَعَلَ اللَّهُ مِن بَحِيرَةٍ وَلَا سَائِبَةٍ وَلَا وَصِيلَةٍ وَلَا حَامٍ ۙ وَلَٰكِنَّ الَّذِينَ كَفَرُوا يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ
බහීරා (හෙවත් කන් ඉරා දමන ලද ඔටු දෙන) හෝ සාඉබා (හෙවත් ස්වයං ව තම ආහාරය සපයා ගන්නා ඔටු දෙන) හෝ වසීලා (හෙවත් පිළිම වලට භාර කරනු ලැබූ එළුවන්) හෝ හාමි (හෙවත් කිසිදු වැඩක් නොලබා ම අත හැර දමන ලද පිරිමි ඔටුවන්) හෝ (ආගමික කටයුත්තක් බවට) අල්ලාහ් පත් කළේ නැත. නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ය අල්ලාහ් කෙරෙහි (මෙසේ) බොරු ගොතා පවසනුයේ. තවද ඔවුන්ගෙන් බහතරයක් දෙනා වටහා නොගනිති.
104وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا ۚ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْلَمُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ
අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පැවසුවෝය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන; ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදී (ඔවුහු පිළිපදින්නෝ) ද?
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
102ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 102

සූරා අල්-මාඉදා ආයාත් 102 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලාට පෙර වූ ජනයා මේ ගැන විමසා සිටියහ. පසුව ඒ…

සූරා ආයාත් 102/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 100–104. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers