අල්-මාඉදා · 21/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
يَا قَوْمِ ادْخُلُوا الْأَرْضَ الْمُقَدَّسَةَ الَّتِي كَتَبَ اللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا عَلَىٰ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ ۝٢١
Yaa qawmid khulul Ardal MMuqaddasatal latee katabal laahu lakum wa laa tartaddoo `alaaa adbaarikum fatanqaliboo khaasireen
📖 සිංහලෙන්
අහෝ මාගේ ජනයිනි! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු. නුඹලා පිටුපසට හැරී පෙරළා නොයනු. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස හැරී යනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 19-23 — සූරා අල්-මාඉදා

19يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُوا مَا جَاءَنَا مِن بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَاءَكُم بَشِيرٌ وَنَذِيرٌ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහෝ ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! (ඊසාට පසු) ධර්ම දූතයින් නොපැමිණි කාලයේ අප වෙත ශුභාරංචි පවසන්නෙකු හෝ අවවාද කරන්නෙකු හෝ නොපැමිණියේ යැයි නුඹලා නොපවසනු වස් (දැන්) නුඹලාට පැහැදිලි කර දෙන අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. දැන් ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු නුඹලා වෙත පැමිණ ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
20وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاءَ وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّنَ الْعَالَمِينَ
අහෝ මාගේ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. මන්ද ඔහු නුඹලා අතර නබිවරුන් පත් කළේය. තවද නුඹලා ව රජවරුන් බවට පත් කළේය. ලෝවැසියන් අතරින් කිසිවකුට නොදුන් දෑ නුඹලාට ඔහු පිරිනැමුවේය යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
21يَا قَوْمِ ادْخُلُوا الْأَرْضَ الْمُقَدَّسَةَ الَّتِي كَتَبَ اللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا عَلَىٰ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ
අහෝ මාගේ ජනයිනි! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු. නුඹලා පිටුපසට හැරී පෙරළා නොයනු. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස හැරී යනු ඇත.
22قَالُوا يَا مُوسَىٰ إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا مِنْهَا فَإِن يَخْرُجُوا مِنْهَا فَإِنَّا دَاخِلُونَ
(එයට) අහෝ මූසා! නියත වශයෙන්ම එහි බලවත් පිරිසක් වෙති. ඔවුහු එයින් බැහැරවන තෙක් අපි එහි නොපිවිසෙමු. එසේ ඔවුන් එයින් බැහැර වන්නේ නම් එවිට සැබැවින්ම අපි එහි පිවිසෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
23قَالَ رَجُلَانِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمَا ادْخُلُوا عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ ۚ وَعَلَى اللَّهِ فَتَوَكَّلُوا إِن كُنتُم مُّؤْمِنِينَ
‘‘නුඹලා ඔවුන් වෙත දොරටුවෙන් පිවිසෙනු. එසේ නුඹලා එහි පිවිසුනෙහු නම් එවිට සැබැවින්ම නුඹලාමය ජයග්‍රාහකයෝ වන්නෝ. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු” යැයි දේවත්වය ගැන බිය හැඟීමෙන් පසුවන්නන් අතරින් අල්ලාහ් ඔවුන් වෙත ආශිර්වාද කළ මිනිසුන් දෙදෙනක් පැවසුවෝය.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
21ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 21

සූරා අල්-මාඉදා ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ මාගේ ජනයිනි! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු.…

සූරා ආයාත් 21/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers