අල්-මාඉදා · 99/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
مَّا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ۝٩٩
Maa `alar Rasooli illal balaagh; wallaahu ya`lamu maa tubdoona wa maa taktumoon
📖 සිංහලෙන්
(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද අල්ලාහ් දන්නේය.
🎧 අසන්න

📜 ආයාත් 97-101 — අල්-මාඉදා

97۞ جَعَلَ اللَّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلَائِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට නියාමන ස්ථානයක් බවට නියම කළේය. තවද සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිස පරිශුද්ධවූ මාසය ද සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද නියම කළේය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය..
98اعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි බවත් සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් දැන ගනු.
99مَّا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ
(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද අල්ලාහ් දන්නේය.
100قُل لَّا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ ۚ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ
නපුරු දෑ බහුල ව තිබීම නුඹ ව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නොවන බව (නබිවරය!) නුඹ පවසනු. එබැවින් බුද්ධිමතුනි! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.
101يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللَّهُ عَنْهَا ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඇතැම් කරුණු පිළිබඳ ව නුඹලා නොවිමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබන අවස්ථාවේ නුඹලා ඒ ගැන විමසා සිටියෙහු නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් එ් ගැන නොසලකා හැරියේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; ඉවසිලිවන්තය.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
99ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 99

සූරා අල්-මාඉදා ආයාත් 99 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත පැවරී…

සූරා ආයාත් 99/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 97–101. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers