යූනුස් · 62/109
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — යූනුස්
أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ۝٦٢
Alaa innaa awliyaaa`al laahi laa khawfun `alaihim wa laa hum yahzanoon
📖 සිංහලෙන්
දැනගනු! නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමීපතයින් වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති.
🎧 අසන්න

📜 ආයාත් 60-64 — යූනුස්

60وَمَا ظَنُّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන්ගේ සිතුවිලි කුමක් ද? නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්නය. එනමුත් සැබැවින් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
61وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِن قُرْآنٍ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَلَا أَصْغَرَ مِن ذَٰلِكَ وَلَا أَكْبَرَ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ
තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දෙයක් අල්-කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි !) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත අප සාක්ෂිකරුවන් ලෙස සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත.
62أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
දැනගනු! නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමීපතයින් වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති.
63الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
ඔවුන් වනාහි විශ්වාස කළෝය. තවද බිය හැඟීමෙන් යුතුව සිටියෝය
64لَهُمُ الْبُشْرَىٰ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَاتِ اللَّهِ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එයමය අතිමහත් ජයග්‍රහණය වනුයේ.
යූනුස්කුර්ආන් දර්ශකය
109ආයාත්
MeccanRevelation
62ආයාත්

පරිවර්තනය — යූනුස් 62

සූරා යූනුස් ආයාත් 62 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දැනගනු! නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමීපතයින් වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත.…

සූරා ආයාත් 62/109 — යූනුස් يونس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: යූනුස් අසන්න, යූනුස් පරිවර්තනය, යූනුස් mp3, යූනුස් pdf. ආයාත් 60–64. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers