අල්-කහ්ෆ් · 51/110
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කහ්ෆ්
۞ مَّا أَشْهَدتُّهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا ۝٥١
Maaa ash hattuhum khalqas samaawaati wal ardi wa laa khalqa anfusihim wa maa kuntu muttakizal mudilleena `adudaa
📖 සිංහලෙන්
අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ මා ඔවුන් ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන්ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නොවූයෙමි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 49-53 — සූරා අල්-කහ්ෆ්

49وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا
තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි.
50وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا
"නුඹලා ආදම්ට සුජූද් (ආචාර) කරනු" යැයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) සුජූද් (ආචාර) කළෝය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරුය. (අල්ලාහ්) වෙනුවට (වෙනත් ආරක්ෂකයින්) ගැනීම අපරාධකරුවන්ට නපුරු විය.
51۞ مَّا أَشْهَدتُّهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا
අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ මා ඔවුන් ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන්ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නොවූයෙමි.
52وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا
තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන් ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන් ව කැඳවති. නමුත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නොදක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු.
53وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا
තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන්ම තමන් එහි වැටෙන්නන් බව දැන ඔවුහු වටහා ගනිති. තවද ඉන් හැරීමක් ඔවුහු නොදකිනු ඇත.
අල්-කහ්ෆ්කුර්ආන් දර්ශකය
110ආයාත්
MeccanRevelation
51ආයාත්

පරිවර්තනය — අල්-කහ්ෆ් 51

සූරා අල්-කහ්ෆ් ආයාත් 51 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ මා…

සූරා ආයාත් 51/110 — සූරා අල්-කහ්ෆ් الكهف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කහ්ෆ් අසන්න, සූරා අල්-කහ්ෆ් පරිවර්තනය, සූරා අල්-කහ්ෆ් mp3, සූරා අල්-කහ්ෆ් pdf. ආයාත් 49–53. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers