අල්-බකරා · 269/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
يُؤْتِي الْحِكْمَةَ مَن يَشَاءُ ۚ وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ ۝٢٦٩
Yu`til Hikmata mai yashaaa`; wa mai yutal Hikmata faqad ootiya khairan kaseeraa; wa maa yazzakkaru illaaa ulul albaab
📖 සිංහලෙන්
ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින්ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙනත් කිසිවෙකු මෙය) මෙනෙහි නොකරන්නේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 267-271 — සූරා අල්-බකරා

267يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنفِقُوا مِن طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلَّا أَن تُغْمِضُوا فِيهِ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නොසිතනු. නුඹලාගේ දෑස් වසා ගනිමින් මිස නුඹලා එවැනි දෑ ලබා ගන්නන් නොවන්නෙහුය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී බව නුඹලා දැන ගනු.
268الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاءِ ۖ وَاللَّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلًا ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
ෂෙයිතාන් නුඹලාට දිළිඳුකම ප්‍රතිඥා කරන්නේය. තවද ඔහු නුඹලාට අශික්ෂිත දෑ නියම කරන්නේය. එනමුත් අල්ලාහ් ඔහුගෙන් වූ සමාව ද භාග්‍යය ද ප්‍රතිඥා දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥානීය.
269يُؤْتِي الْحِكْمَةَ مَن يَشَاءُ ۚ وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින්ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙනත් කිසිවෙකු මෙය) මෙනෙහි නොකරන්නේය.
270وَمَا أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ اللَّهَ يَعْلَمُهُ ۗ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ
නුඹලා කිසියම් වියදමකින් වියදම් කළ ද නැතහොත් කිසියම් භාරයකින් භාරයක් කළ ද එවිට සැබැවින්ම අල්ලාහ් එය දන්නේය. තවද අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකු නොමැත.
271إِن تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ ۖ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَّكُمْ ۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّئَاتِكُمْ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
නුඹලා සදකාවන් හෙළි කරන්නේ නම් එවිට එය යහපත්ය. තවද නුඹලා එය සඟවා දිළින්ඳන් හට පිරිනමන්නේ නම් එවිට එය ද නුඹලාට උතුම්ය. එය නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කරවයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
269ආයාත්

පරිවර්තනය — අල්-බකරා 269

සූරා අල්-බකරා ආයාත් 269 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු…

සූරා ආයාත් 269/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 267–271. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers