අල්-හජ් · 42/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හජ්
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ ۝٤٢
Wa iny yukazzibooka faqad kazzabat qablahum qawmu Nooinw wa Aadunw wa Samood
📖 සිංහලෙන්
තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයාද ආද් ජනයා ද සමූද් ජනයා ද සැබැවින්ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝය.
🎧 අසන්න

📜 ආයාත් 40-44 — අල්-හජ්

40الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِم بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ ۗ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
ඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ් ය යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු අයිතියකින් තොර ව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර කරනු ලැබූවෝ වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකු ව අල්ලාහ් නොවැළැක්වූයේ නම් ආරාම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධික ව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරීය.
41الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ
ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට පහසුකම් ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් සතුය.
42وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ
තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයාද ආද් ජනයා ද සමූද් ජනයා ද සැබැවින්ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝය.
43وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ
තවද ඉබ්රාහීම්ගේ ජනයා ද ලූත්ගේ ජනයා ද,
44وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
තවද මද්යන් වාසීහු ද (බොරු කළෝය.) එලෙස මූසාද බොරු කරනු ලැබීය. එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට මම අවකාශය දුනිමි. පසු ව මම ඔවුන් ග්රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
අල්-හජ්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
42ආයාත්

පරිවර්තනය — අල්-හජ් 42

සූරා අල්-හජ් ආයාත් 42 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන…

සූරා ආයාත් 42/78 — අල්-හජ් الحج (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හජ් අසන්න, අල්-හජ් පරිවර්තනය, අල්-හජ් mp3, අල්-හජ් pdf. ආයාත් 40–44. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers