අල්-අන්ආම් · 13/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අන්ආම්
۞ وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ۝١٣
Wa lahoo maa sakana fillaili wannahaar; wa Huwas Samee`ul Aleem
📖 සිංහලෙන්
තවද රාත්‍රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතුය. තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
🎧 අසන්න

📜 ආයාත් 11-15 — අල්-අන්ආම්

11قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
මහපොළොවෙහි සැරිසරා පසුව බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
12قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۚ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ? යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලා ව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වනාහි ඔවුහු දේවත්වය විශ්වාස නොකරති.
13۞ وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
තවද රාත්‍රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතුය. තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
14قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
අල්ලාහ්ගෙන් තොරව (වෙනත් කෙනෙකු) භාරකරු වශයෙන් මම ගන්නෙම්ද? (ඔහු) අහස් හා මිහිතලයේ නිර්මාපකයාය. තවද ඔහු ආහාර සපයන අතර ඔහුට ආහාර සපයනු නොලැබේ යැයි නුඹ පවසනු. සැබැවින්ම (අල්ලාහ්ට) අවනත වූවන්ගෙන් මා පළමු වැන්නා වීමට මම අණ කරනු ලැබුවෙමි යැයි ද පවසනු. තවද නුඹලා කිසිකලෙක ආදේශ තබන්නන් අතරින් (කෙනෙකු) නොවනු.
15قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අති මහත් දිනයේ (නියම වන) දඬුවමට මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 13

සූරා අල්-අන්ආම් ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද රාත්‍රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතුය. තවද…

සූරා ආයාත් 13/165 — අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අන්ආම් අසන්න, අල්-අන්ආම් පරිවර්තනය, අල්-අන්ආම් mp3, අල්-අන්ආම් pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers