අල්-අන්ආම් · 90/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අන්ආම්
أُولَٰئِكَ الَّذِينَ هَدَى اللَّهُ ۖ فَبِهُدَاهُمُ اقْتَدِهْ ۗ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَالَمِينَ ۝٩٠
Ulaaa`ikal lazeena hadal laahu fabihudaahumuq tadih; qul laaa as`alukum `alaihi ajran in huwa illaa zikraa lil `aalameen
📖 සිංහලෙන්
අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස වෙනෙකක් නැතැයි (නබිවරය!) නුඹ පවසනු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 88-92 — සූරා අල්-අන්ආම්

88ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۚ وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُم مَّا كَانُوا يَعْمَلُونَ
මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීමය. තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට මෙමගින් ඔහු මඟ පෙන්වනු ඇත. නමුත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් සිටි (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි.
89أُولَٰئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ۚ فَإِن يَكْفُرْ بِهَا هَٰؤُلَاءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُوا بِهَا بِكَافِرِينَ
ධර්ම ග්‍රන්ථය, දහම් නීතිය හා දූත මෙහෙය අපි ඔවුනට පිරිනැමූ අය ඔවූහුය. එබැවින් (මක්කා වැසියන් වන) මොවූහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ප්‍රතික්ෂේප නොකළ පිරිසකට සැබැවින්ම අපි එය පවරන්නෙමු.
90أُولَٰئِكَ الَّذِينَ هَدَى اللَّهُ ۖ فَبِهُدَاهُمُ اقْتَدِهْ ۗ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَالَمِينَ
අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස වෙනෙකක් නැතැයි (නබිවරය!) නුඹ පවසනු.
91وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنزَلَ اللَّهُ عَلَىٰ بَشَرٍ مِّن شَيْءٍ ۗ قُلْ مَنْ أَنزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَىٰ نُورًا وَهُدًى لِّلنَّاسِ ۖ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوا أَنتُمْ وَلَا آبَاؤُكُمْ ۖ قُلِ اللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ
අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නොකළහ. මන්ද "අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නොකළේය" යැයි ඔවුහු පැවසූ බැවිනි. "ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවුදැ?" යි (නබිවරය!) නුඹ අසනු. නුඹලා එය වෙන් වෙන් පත්‍රිකාවන් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කරන අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහුය. නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ නොදැන සිටි දෑ නුඹලාට (එමගින්) උගන්වනු ලැබීය. (නබිවරය! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන් ව අතහැර දමනු.
92وَهَٰذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَالَّذِينَ يُؤْمِنُونَ بِالْآخِرَةِ يُؤْمِنُونَ بِهِ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ
මෙය අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. (එය) ඒ ඉදිරියේ ඇති දෑ සත්‍ය කරවන්නකි. තවද (එය පහළ කළේ) මව් නගරයට හා ඒ අවට සිටින්නන්ට නුඹ අවවාද කරනු පිණිසය. තවද පරමාන්ත දිනය විශ්වාස කරන්නන් වනාහි ඔවුහු මෙය විශ්වාස කරති. තවද ඔවුහු තම සලාතයන් සුරක්ෂිත ව ඉටු කරන්නෝ වෙති.
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
90ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 90

සූරා අල්-අන්ආම් ආයාත් 90 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ…

සූරා ආයාත් 90/165 — සූරා අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අන්ආම් අසන්න, සූරා අල්-අන්ආම් පරිවර්තනය, සූරා අල්-අන්ආම් mp3, සූරා අල්-අන්ආම් pdf. ආයාත් 88–92. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers