යූනුස් · 72/109
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා යූනුස්
فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ ۝٧٢
Fa in tawallaitum famaa sa altukum min ajrin in ajriya illaa `alal laahi wa umirtu an akoona minal muslimeen
📖 සිංහලෙන්
නමුත් නුඹලා (මාගේ දූත මෙහෙය) පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිවය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස වෙනත් අයෙකු මත නැත. තවද මුස්ලිම්වරුන් අතරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 70-74 — සූරා යූනුස්

70مَتَاعٌ فِي الدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ الْعَذَابَ الشَّدِيدَ بِمَا كَانُوا يَكْفُرُونَ
(මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නැවත හැරීම අප වෙතය. පසු ව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු.
71۞ وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللَّهِ فَعَلَى اللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوا أَمْرَكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَلَا تُنظِرُونِ
තවද (නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට; “මාගේ ජනයිනි! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසුව නුඹලාගේ තීන්දුව හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා එකට එක්රැස් කර (තීන්දු) ගනු. අනතුරුව නුඹලාගේ තීන්දු කටයුතු නුඹලාට වසන් වූවක් නොවිය යුතුය. පසුව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නොදෙනු” යැයි ඔහු පැවසූ බව සිහිපත් කරනු.
72فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ
නමුත් නුඹලා (මාගේ දූත මෙහෙය) පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිවය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස වෙනත් අයෙකු මත නැත. තවද මුස්ලිම්වරුන් අතරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.
73فَكَذَّبُوهُ فَنَجَّيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ وَجَعَلْنَاهُمْ خَلَائِفَ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَ
නමුත් ඔවුහු ඔහු ව බොරු ක‍ළෝය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන; ඔවුන් ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට; අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. පසුව අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ බලනු.
74ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُم بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا بِهِ مِن قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ الْمُعْتَدِينَ
ඔහුගෙන් පසුව ධර්ම දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. මීට පෙර සිටියවුන් කවර දෙයක් බොරු කළේ ද මොවුහු ද එය විශ්වාස කරන්නට නොවූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්‍රා තබනුයේ එලෙසමය.
යූනුස්කුර්ආන් දර්ශකය
109ආයාත්
MeccanRevelation
72ආයාත්

පරිවර්තනය — යූනුස් 72

සූරා යූනුස් ආයාත් 72 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නමුත් නුඹලා (මාගේ දූත මෙහෙය) පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිවය.)…

සූරා ආයාත් 72/109 — සූරා යූනුස් يونس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා යූනුස් අසන්න, සූරා යූනුස් පරිවර්තනය, සූරා යූනුස් mp3, සූරා යූනුස් pdf. ආයාත් 70–74. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers