අල්-ඉස්රා · 66/111
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉස්රා
رَّبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُوا مِن فَضْلِهِ ۚ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا ۝٦٦
Rabbukumul lazee yuzjee lakumul fulka fil bahri litabtaghoo min fadlih; innahoo kaana bikum Raheemaa
📖 සිංහලෙන්
නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා කරවනුයේ නුඹලාගේ පරමාධිපතිය. නියත වශයෙන්ම ඔහු නුඹලාට මහා කාරුණික විය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 64-68 — සූරා අල්-ඉස්රා

64وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ وَعِدْهُمْ ۚ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا
තවද ඔවුන් අතරින් නුඹට හැකි අය නුඹේ හඬින් මුලා කරනු. ඔවුනට එරෙහි ව නුඹගේ අශ්වාරෝහකයින් හා නුඹගේ පාබල සේනාව විධිමත් කර ගනු. තවද වස්තුවෙහි හා දරුවන්හි නුඹ ඔවුනට හවුල් වනු. තවද නුඹ ඔවුනට ප්‍රතිඥා දෙනු. ෂෙයිතාන් ඔවුනට රැවටීම මිස වෙනත් කිසිවක් පොරොන්දු නොදෙයි.
65إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًا
නියත වශයෙන්ම මාගේ (යහපත්) ගැත්තන් වනාහි, ඔවුනට එරෙහි ව නුඹට කිසිදු බලයක් නොමැත. තවද භාරකරු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත්ය.
66رَّبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُوا مِن فَضْلِهِ ۚ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا
නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා කරවනුයේ නුඹලාගේ පරමාධිපතිය. නියත වශයෙන්ම ඔහු නුඹලාට මහා කාරුණික විය.
67وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّا إِيَّاهُ ۖ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ الْإِنسَانُ كَفُورًا
තවද නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ කල්හි ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය මුවා වී යනු ඇත. ඔහු නුඹලා ව මුදවා ගොඩබිම වෙත ගෙන ආ විට නුඹලා පිටුපාන්නෙහුය. තවද මිනිසා මහා ගුණමකුවකු විය.
68أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا لَكُمْ وَكِيلًا
ඔහු නුඹලා ව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත ගල් වරුසාවක් යැවීමෙන් හෝ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? (එසේ සිදුවුවහොත්) පසු ව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නොදකිනු ඇත.
අල්-ඉස්රාකුර්ආන් දර්ශකය
111ආයාත්
MeccanRevelation
66ආයාත්

පරිවර්තනය — අල්-ඉස්රා 66

සූරා අල්-ඉස්රා ආයාත් 66 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා…

සූරා ආයාත් 66/111 — සූරා අල්-ඉස්රා الإسراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉස්රා අසන්න, සූරා අල්-ඉස්රා පරිවර්තනය, සූරා අල්-ඉස්රා mp3, සූරා අල්-ඉස්රා pdf. ආයාත් 64–68. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers