තාහා · 74/135
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — තාහා
إِنَّهُ مَن يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ۝٧٤
Innahoo mai yaati Rabbahoo mujriman fa inna lahoo Jahannama laa yamotu feehaa wa laa yahyaa
📖 සිංහලෙන්
නියත වශයෙන්ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.

🎧 අසන්න


📜 ආයාත් 72-76 — තාහා

72قَالُوا لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَاءَنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا ۖ فَاقْضِ مَا أَنتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِي هَٰذِهِ الْحَيَاةَ الدُّنْيَا
අප වෙත පැමිණි පැහැදිලි සාධක හා අප මැවූ අයට වඩා ඉහළින් අපි නුඹ කිසිවටෙක තෝරා නොගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතය පිළිබඳ පමණය යැයි ඔවුහු (ෆිර්අව්න් අමතා) පැවැසූහ.
73إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ ۗ وَاللَّهُ خَيْرٌ وَأَبْقَىٰ
නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදි වලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ශ්රේෂ්ඨය. වඩාත් ස්ථායීය.
74إِنَّهُ مَن يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
නියත වශයෙන්ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.
75وَمَن يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُولَٰئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَىٰ
කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.
76جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ مَن تَزَكَّىٰ
යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි.
තාහාකුර්ආන් දර්ශකය
135ආයාත්
MeccanRevelation
74ආයාත්

පරිවර්තනය — තාහා 74

සූරා තාහා ආයාත් 74 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින්…

සූරා ආයාත් 74/135 — තාහා طه (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: තාහා අසන්න, තාහා පරිවර්තනය, තාහා mp3, තාහා pdf. ආයාත් 72–76. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers