අල්-මාඉදා · 75/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
مَّا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ ۖ كَانَا يَأْكُلَانِ الطَّعَامَ ۗ انظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الْآيَاتِ ثُمَّ انظُرْ أَنَّىٰ يُؤْفَكُونَ ۝٧٥
Mal Maseehub nu Maryama illaa Rasoolun qad khalat min qablihir Rusulu wa ummuhoo siddeeqatun kaanaa yaa kulaanit ta`aam; unzur kaifa nubaiyinu lahumul Aayaati suman zur annaa yu`fakoon
📖 සිංහලෙන්
මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත් ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ යි ද අවධානයෙන් බලනු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 73-77 — සූරා අල්-මාඉදා

73لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ ۘ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا إِلَٰهٌ وَاحِدٌ ۚ وَإِن لَّمْ يَنتَهُوا عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින්ම අල්ලාහ් (ත්‍රිත්වය හෙවත් පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් යන) තිදෙනාගෙන් කෙනෙකි යැයි පැවසූ අය ද ඒක දේවත්වය ප්‍රතික්ෂේප කළෝය. එකම දෙවියන් (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නොවැළකුණේ නම් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන්ම අත් වනු ඇත.
74أَفَلَا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නොවේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
75مَّا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ ۖ كَانَا يَأْكُلَانِ الطَّعَامَ ۗ انظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الْآيَاتِ ثُمَّ انظُرْ أَنَّىٰ يُؤْفَكُونَ
මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත් ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ යි ද අවධානයෙන් බලනු.
76قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا نَفْعًا ۚ وَاللَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු හානියක් හෝ කිසිදු ප්‍රයෝජනයක් හෝ කිරීමට බලය නොමැති දෑට නුඹලා වන්දනාමාන කරන්නෙහු දැ යි (නබිවරය!) නුඹ අසනු. තවද අල්ලාහ් වන ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
77قُلْ يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلَا تَتَّبِعُوا أَهْوَاءَ قَوْمٍ قَدْ ضَلُّوا مِن قَبْلُ وَأَضَلُّوا كَثِيرًا وَضَلُّوا عَن سَوَاءِ السَّبِيلِ
ධර්ම ග්‍රන්ථ හිමියනි! නුඹලා නුඹලාගේ දහමෙහි සත්‍ය නොවන දෑ(පැවසීමෙ)හි සීමාව ඉක්මවා නොයනු. මීට පෙර නොමඟ ගිය ජනයාගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන් බොහෝ දෙනාව නොමඟ යැවූ අතර ඔවුහු ද නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියහැයි (නබිවරය!) නුඹ පවසනු.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
75ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 75

සූරා අල්-මාඉදා ආයාත් 75 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ…

සූරා ආයාත් 75/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 73–77. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers