අල්-මුමිනුන් සූරා අරාබි සහ සිංහල

අල්-මුමිනුන් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (118 ආයාත් — مكية). අල්-මුමිනුන් අසන්න, අල්-මුමිනුන් පරිවර්තනය, අල්-මුමිනුන් mp3, අල්-මුමිනුන් pdf.

අල්-මුමිනුන් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින්ම ජය ලැබුවෝය.
الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති.
وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති.
وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
තවද ඔවුහු වනාහි සකාත් ඉටු කරන්නෝ වෙති.
وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමග) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුහු දොස් නගනු ලබන්නන් නොවෙති.
فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.
وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති.
وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَوَاتِهِمْ يُحَافِظُونَ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් පිළිබඳ සුපරීක්ෂාවෙන් කටයුතු කරන්නෝ වෙති.
أُولَٰئِكَ هُمُ الْوَارِثُونَ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
ඔවුහුමය උරුමක්කරුවෝ.
الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
ෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.
ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَّكِينٍ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්රාණුවක් ලෙස තැන්පත් කළෙමු.
ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
පසු ව අපි එම ශුක්රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් උත්පාදකයින්ගෙන් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය.
ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
ඉන් අනතුරු ව නියත වශයෙන්ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති.
ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
පසු ව නියත වශයෙන්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නැගිටුවනු ලබති.
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
තවද නුඹලාට ඉහළින් මාවත් හතක් මැව්වෙමු. තවද මැවීම් පිළිබඳ ව අපි අනවධානීන් නොවූයෙමු.
وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍ بِهِ لَقَادِرُونَ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
තවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන්ම නියත වශයෙන්ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු.
فَأَنشَأْنَا لَكُم بِهِ جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ لَّكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
පසු ව අපි එමගින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරුද ඇත. එමගින් නුඹලා අනුභව කරන්නෙහුය.
وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَاءَ تَنبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِّلْآكِلِينَ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
තවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල ද අනුභව කරන්නන්හට ව්යංජනයක් ද හට ගන්වයි.
وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُّسْقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
තවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහුය.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් නොවන්නෙහු ද?
فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنزَلَ مَلَائِكَةً مَّا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
එවිට ඔහුගේ ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ.
إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّىٰ حِينٍ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
ඔහු උමතු ව ඇති මිනිසකු මිස නැත. එහෙයින් ටික කලක් දක්වා ඔහු ගැන බලා පොරොත්තුවෙන් සිටිනු.
قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේය.
فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُم مُّغْرَقُونَ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
අපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින්ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි විනිශ්චය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නෝ වෙති.
فَإِذَا اسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
නුඹ හා නුඹ සමග වූවන් නැවට නැග සිටි විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා’ යැයි නුඹ පවසනු.
وَقُل رَّبِّ أَنزِلْنِي مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ الْمُنزِلِينَ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
තවද මාගේ පරමාධිපතියාණනි! සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්රේෂ්ඨය යැයි නුඹ පවසනු.
إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
නියත වශයෙන්ම එහි සංඥා ඇත. තවද සැබැවින්ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු.
ثُمَّ أَنشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.
فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِّنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
‘නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ’යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු.
وَقَالَ الْمَلَأُ مِن قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
ඔහුගේ ජනයා අතරින් ( සත්ය්ය) ප්‍රතික්ෂේප කළ, පරමාන්ත දිනයේ හමු ව (ගැන) බොරු කළ, තවද මෙලොවෙහි ඔවුනට සුපෝඛබෝගී ජීවිතයක් අප පිරිනැමූ ප්‍රධානීහු "මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත, නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි" යැයි පැවසුවෝය.
وَلَئِنْ أَطَعْتُم بَشَرًا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًا لَّخَاسِرُونَ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
තවද නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් එවිට නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වන්නෙහුය.
أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُم مُّخْرَجُونَ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
නියත වශයෙන්ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන්ම නුඹලා (ට නැවත ප්රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට ප්‍රතිඥාවක් දෙන්නේ ද?
۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ දුරස්ය. ඉතා දුරස්ය.
إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නොවේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.
إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
ඔහු අල්ලාහ්ට එරෙහිව බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහු ව විශ්වාස කරන්නන් නොවෙමු.
قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේය.
قَالَ عَمَّا قَلِيلٍ لَّيُصْبِحُنَّ نَادِمِينَ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
මද කලකින් සැබැවින්ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේය.
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً ۚ فَبُعْدًا لِّلْقَوْمِ الظَّالِمِينَ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
එවිට මහා හඬ සබෑ ලෙසින්ම ඔවුන් ව හසු කර ගත්තේය. පසු ව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. එහෙයින් අපරාධකාරී ජනයාට ශාපයක්ම වේවා!
ثُمَّ أَنشَأْنَا مِن بَعْدِهِمْ قُرُونًا آخَرِينَ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි වෙනත් පරම්පරාවන් බිහි කළෙමු.
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
කිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නොයනු ඇත. තවද ඔවුහු ප්‍රමාද ද නොවනු ඇත.
ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ ۖ كُلَّ مَا جَاءَ أُمَّةً رَّسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُونَ ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
පසු ව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි පණිවිඩකරුවෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට පසු අනුගමනය කිරීමට සැළැස්සුවෙමු. තවද ඔවුන්ව (පුරාණ ඉතිහාස) පුවත් බවට පත් කළෙමු. එහෙයින් දේවත්වය විශ්වාස නොකරන ජනයාට (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරසක් ම වේවා!
ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
පසු ව අපි අපගේ සංඥා හා පැහැදිලි සාධක සමග මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යැව්වෙමු.
إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ.
فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
අප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කළ යුතු ද? ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නනෝ වෙති යැයි ඔවුහු පැවසුවෝය.
فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
එහෙයින් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. එවිට ඔවුහු විනාශ කරනු ලැබූවන් අතරින් වූහ.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
තවද ඔවුන් ඍජු මග ලැබිය හැකි වනු පිණිස සැබැවින්ම අපි මූසාට ධර්ම ග්රන්ථය පිරිනැමුවෙමු.
وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
තවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. තවද උල්පත් හා නිශ්චල උස් තැනි තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු.
يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන්ම මා නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ඥානීය.
وَإِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
තවද නුඹලාගේ මෙම සමාජය එකම සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.
فَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
නමුත් ඔවුහු ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් වෙන් ව බෙදා වෙන් කර ගත්තෝය. සෑම පක්ෂයක්ම ඔවුන් සතු දෑ පිළිබඳ ව සතුටු වන්නෝ වූහ.
فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
එහෙයින් මද කලකට ඔවුන්ගේ අඥානකමෙහි නුඹ ඔවුන් අත් හැර දමනු.
أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
අප කවර දෙයක් ධනයෙන් හා දරුවන්ගෙන් ඔවුනට පිරිනමන්නේ ද එමගින්...
نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ ۚ بَل لَّا يَشْعُرُونَ ۝٥٦
📖 පරිවර්තනය ආයාත් 56
අපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝද? නැත. ඔවුහු (ඒ බව) නොහඟති.
إِنَّ الَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ ۝٥٧
📖 පරිවර්තනය ආයාත් 57
නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපති ගැන වූ බිය හේතුවෙන් තැති ගත් අය ද,
وَالَّذِينَ هُم بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ ۝٥٨
📖 පරිවර්තනය ආයාත් 58
තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් පිළිබඳ විශ්වාස කරන අය ද,
وَالَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ ۝٥٩
📖 පරිවර්තනය ආයාත් 59
තවද ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ නොතබන අය ද,
وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوا وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَاجِعُونَ ۝٦٠
📖 පරිවර්තනය ආයාත් 60
නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත හැරෙන්නන් වනු ඇතැයි ඔවුන්ගේ හදවත් තැති ගනිමින් තිබිය දී ඔවුනට පිරිනැමූ දෑ පිරිනමන අය ද,
أُولَٰئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ ۝٦١
📖 පරිවර්තනය ආයාත් 61
තවද (මෙවැන්නන්) යහකම් කිරීමෙහි යුහුසුලු වනුයේ ඔවුහුමය. තවද ඔවුහු ඒ සඳහා ඉදිරියෙන් සිටින්නෝ වෙති.
وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَابٌ يَنطِقُ بِالْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ ۝٦٢
📖 පරිවර්තනය ආයාත් 62
තවද කිසිදු ආත්මයකට එහි ප්‍රමාණයට මිස අපි (කිසිවක්) නොපටවන්නෙමු. සත්යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِّنْ هَٰذَا وَلَهُمْ أَعْمَالٌ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَامِلُونَ ۝٦٣
📖 පරිවර්තනය ආයාත් 63
නමුත් ඔවුන්ගේ හදවත් මේ පිළිබඳ ව අඥානභාවයෙහි පවතී. තවද ඔවුනට මේ හැර වෙනත් (අයහපත්) ක්රියාදාමයන් ද ඇත. ඔවුහු එය සිදු කරන්නෝ වෙති.
حَتَّىٰ إِذَا أَخَذْنَا مُتْرَفِيهِم بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ ۝٦٤
📖 පරිවර්තනය ආයාත් 64
අපි ඔවුන් අතර වූ සුඛෝපභෝගී ජීවිතයක් දෙනු ලැබූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති.
لَا تَجْأَرُوا الْيَوْمَ ۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ۝٦٥
📖 පරිවර්තනය ආයාත් 65
අද දින නුඹලා බැගෑපත් නොවනු. නියත වශයෙන්ම නුඹලා අපගෙන් උදව් නොලබනු ඇත.
قَدْ كَانَتْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰ أَعْقَابِكُمْ تَنكِصُونَ ۝٦٦
📖 පරිවර්තනය ආයාත් 66
නුඹලා කෙරෙහි මාගේ වදන් පාරායනය කරනු ලබමින් තිබිණ. නමුත් නුඹලා (එයින්) වැළකී නුඹලා හැරී පලා යමින් සිටියෙහුය.
مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ ۝٦٧
📖 පරිවර්තනය ආයාත් 67
එවිට නුඹලා ඒ ගැන උඩඟුවන්නන් ලෙසින් රාත්‍රියේ පුහු කතා වල නිරතවෙමින් සිටියෙහුය.
أَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ أَمْ جَاءَهُم مَّا لَمْ يَأْتِ آبَاءَهُمُ الْأَوَّلِينَ ۝٦٨
📖 පරිවර්තනය ආයාත් 68
එහෙයින් ඔවුහු එම ප්‍රකාශය (අල් කුර්ආනය) පරිශීලනය නොකළෝ ද? එසේ නැතහොත් ඔවුන්ගේ මුල් මුතුන් මිත්තන්හට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණ තිබේ ද?
أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنكِرُونَ ۝٦٩
📖 පරිවර්තනය ආයාත් 69
එසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, පසුව ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?
أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ ۚ بَلْ جَاءَهُم بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ ۝٧٠
📖 පරිවර්තනය ආයාත් 70
එසේ නැතහොත් ඔහු උමතුවෙන් පෙළෙනු ඇතැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව, ඔහු ඔවුන් වෙත සත්යය සමග පැමිණියේය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්යය පිළිකුල් කරන්නෝ වූහ.
وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَن فِيهِنَّ ۚ بَلْ أَتَيْنَاهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ ۝٧١
📖 පරිවර්තනය ආයාත් 71
තවද සත්යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද දූෂිත වී යනු ඇත. එසේ නොව, ඔවුනට උපදෙසක් අපි පිරිනැමුවෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ.
أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ ۝٧٢
📖 පරිවර්තනය ආයාත් 72
එසේ නැතහොත්, නුඹලා ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලුවෙහි ද? නුඹගේ පරමාධිපතිගේ කුලිය ශ්රේෂ්ඨය. තවද ඔහු පෝෂකයින් අතරින්ද ශ්රේෂ්ඨයාය
وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ ۝٧٣
📖 පරිවර්තනය ආයාත් 73
තවද නියත වශයෙන්ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහිය.
وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ ۝٧٤
📖 පරිවර්තනය ආයාත් 74
තවද නියත වශයෙන්ම මතු ලොව විශ්වාස නොකරන්නන් එම මාර්ගයෙන් හැරෙන්නෝ වෙති.
۞ وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ ۝٧٥
📖 පරිවර්තනය ආයාත් 75
තවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට අත් වූ පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත.
وَلَقَدْ أَخَذْنَاهُم بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ ۝٧٦
📖 පරිවර්තනය ආයාත් 76
තවද සැබැවින්ම අපි ඔවුන් දඬුවමින් ග්රහණය කළෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නොවූහ. තවද ඔවුහු බැගෑපත් නොවූහ.
حَتَّىٰ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ ۝٧٧
📖 පරිවර්තනය ආයාත් 77
අවසානයේ අපි ඔවුන් වෙත දැඩි දඬුවමින් යුත් දොරටු විවෘත කළ විට ඔවුහු එහි බලාපොරොත්තු සුන් වූවෝ වූහ.
وَهُوَ الَّذِي أَنشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَّا تَشْكُرُونَ ۝٧٨
📖 පරිවර්තනය ආයාත් 78
තවද නුඹලාට ශ්රවණය ද දෘෂ්ටීන් ද හදවත් ද නිර්මාණය කළේ ඔහුමය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි.
وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ ۝٧٩
📖 පරිවර්තනය ආයාත් 79
මහපොළොවේ නුඹලා ව මැව්වේ ඔහුමය. තවද ඔහු වෙතම නුඹලා රැස් කරනු ලබනු ඇත.
وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ ۝٨٠
📖 පරිවර්තනය ආයාත් 80
තවද ජීවය දෙන්නා ද මරණයට පත් කරන්නා ද ඔහුය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතුය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?
بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ ۝٨١
📖 පරිවර්තනය ආයාත් 81
එසේ නොව, මුතුන් මිත්තන් පැවසුවාක් මෙන් ඔවුහු ද පැවසුවෝය.
قَالُوا أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ ۝٨٢
📖 පරිවර්තනය ආයාත් 82
අපි මියගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෙමු දැයි ඔවුහු විමසූවෝය.
لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِن قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ ۝٨٣
📖 පරිවර්තනය ආයාත් 83
මීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනත් කිසිවක් නැත.
قُل لِّمَنِ الْأَرْضُ وَمَن فِيهَا إِن كُنتُمْ تَعْلَمُونَ ۝٨٤
📖 පරිවර්තනය ආයාත් 84
නුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතුදැ?යි නුඹ විමසනු.
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ ۝٨٥
📖 පරිවර්තනය ආයාත් 85
අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නොවේදැයි විමසනු.
قُلْ مَن رَّبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ ۝٨٦
📖 පරිවර්තනය ආයාත් 86
අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන්දැ?යි නුඹ විමසනු.
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ ۝٨٧
📖 පරිවර්තනය ආයාත් 87
අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ?යි නුඹ විමසනු.
قُلْ مَن بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ ۝٨٨
📖 පරිවර්තනය ආයාත් 88
සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන්දැයි නුඹ විමසනු. තවද ඔහු රැකවරණය සලසයි. තවද ඔහු කිසිවකුගෙන් රැකවරණය නොලබයි. නුඹලා දැන සිටියාහු නම්!
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ ۝٨٩
📖 පරිවර්තනය ආයාත් 89
අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා වශී කරනු ලබනුයේ කෙසේදැයි නුඹ විමසනු.
بَلْ أَتَيْنَاهُم بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ ۝٩٠
📖 පරිවර්තනය ආයාත් 90
එසේ නොව, අපි ඔවුන් වෙත සත්යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුමය.
مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَٰهٍ ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ ۝٩١
📖 පරිවර්තනය ආයාත් 91
අල්ලාහ් කිසිදු දරුවකු නොගත්තේය. තවද ඔහු සමග කිසිදු දෙවියකු ද නොවීය. එසේ (දෙිවිවරු කිහිප දෙනෙකු) වූ විට සෑම දෙවියෙකුම ඔහු මැවූ දෑ සමග පහ ව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරුය.
عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ ۝٩٢
📖 පරිවර්තනය ආයාත් 92
ඔහු අදෘශ්යමාන දෑ හා දෘශ්යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය.
قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ ۝٩٣
📖 පරිවර්තනය ආයාත් 93
මාගේ පරමාධිපතියාණනි! ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට පෙන්වා දෙන්නේ නම් මැනව! යැයි නුඹ පවසනු.
رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ ۝٩٤
📖 පරිවර්තනය ආයාත් 94
මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයා අතරට මා පත් නොකරනු මැනව! (යැයි නුඹ පවසනු.)
وَإِنَّا عَلَىٰ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ ۝٩٥
📖 පරිවර්තනය ආයාත් 95
තවද අප ඔවුනට පොරොන්දු වන දෑ නුඹට පෙන්වීමට නියත වශයෙන්ම අපි බලය ඇත්තෝ වෙමු.
ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ ۝٩٦
📖 පරිවර්තනය ආයාත් 96
වඩාත් අලංකාර වනුයේ කුමක් ද එමගින් (නබිතුමණි) නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳ ව අපි මැනවින් දන්නෙමු.
وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ ۝٩٧
📖 පරිවර්තනය ආයාත් 97
තවද මාගේ පරමාධිපතියාණනි! ෂෙයිතානුන්ගේ පෙලඹවීම් වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු.
وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ ۝٩٨
📖 පරිවර්තනය ආයාත් 98
තවද මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි.
حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ ۝٩٩
📖 පරිවර්තනය ආයාත් 99
අවසානයේ ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නැවත හරවා යවනු මැනව! යැයි ඔහු පවසයි.
لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ۝١٠٠
📖 පරිවර්තනය ආයාත් 100
මා අතපසු කළ දෑහි දැහැමි දෑ ඉටු කිරීම සඳහා (එසේ හරවා යවනු මැනව!) එසේ නොව නියත වශයෙන්ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසු ව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත.
فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ ۝١٠١
📖 පරිවර්තනය ආයාත් 101
එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර සම්බන්ධතා නොපවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නොගනිති.
فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ ۝١٠٢
📖 පරිවර්තනය ආයාත් 102
එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහුමය ජයග්රාහකයෝ.
وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ ۝١٠٣
📖 පරිවර්තනය ආයාත් 103
තවද කවරෙකුගේ තුලාවන් බරින් සැහැල්ලු වූයේ ද තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති.
تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ ۝١٠٤
📖 පරිවර්තනය ආයාත් 104
(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි විකෘති වූවෝ වෙති.
أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ ۝١٠٥
📖 පරිවර්තනය ආයාත් 105
මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නොලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහුය.
قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ ۝١٠٦
📖 පරිවර්තනය ආයාත් 106
අපගේ පරමාධිපතියාණනි! “අපගේ අභාග්යය අපට ඉහළින් අබිබවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු” යැයි ඔවුහු පවසති.
رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ ۝١٠٧
📖 පරිවර්තනය ආයාත් 107
අපගේ පරමාධිපතියාණනි! අප ව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි (නොමඟ වෙත) හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අපි අපරාධකරුවෝ වෙමු. (යැයි ඔවුහු පවසති.)
قَالَ اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ ۝١٠٨
📖 පරිවර්තනය ආයාත් 108
නුඹලා එහි පහත් බවින් සිටිනු. තවද නුඹලා මට කතා නොකරනු යැයි ඔහු පවසයි.
إِنَّهُ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ ۝١٠٩
📖 පරිවර්තනය ආයාත් 109
නියත වශයෙන්ම මාගේ ගැත්තන් අතරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති.
فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰ أَنسَوْكُمْ ذِكْرِي وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ ۝١١٠
📖 පරිවර්තනය ආයාත් 110
එවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කරවන තෙක් නුඹලා ඔවුන් සරදමට ගත්තෙහුය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහුය.
إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ ۝١١١
📖 පරිවර්තනය ආයාත් 111
(නුඹලාගේ සරදම් නොතකා) ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන්ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන්ම ඔවුහුමය ජයග්රාහකයෝ
قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ ۝١١٢
📖 පරිවර්තනය ආයාත් 112
නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද? යැයි ඔහු විමසනු ඇත.
قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ ۝١١٣
📖 පරිවර්තනය ආයාත් 113
දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු යැයි ඔවුහු පවසති.
قَالَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ ۝١١٤
📖 පරිවර්තනය ආයාත් 114
නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නොසිටියෙහුය. නියත වශයෙන්ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේය.
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ ۝١١٥
📖 පරිවර්තනය ආයාත් 115
නියත වශයෙන්ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?
فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ ۝١١٦
📖 පරිවර්තනය ආයාත් 116
එහෙයින් සත්ය රජු වූ අල්ලාහ් උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ් හි හිමිපාණන්ය.
وَمَن يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِندَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ ۝١١٧
📖 පරිවර්තනය ආයාත් 117
තවද කවරෙකු අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ජය නොලබනු ඇත.
وَقُل رَّبِّ اغْفِرْ وَارْحَمْ وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ ۝١١٨
📖 පරිවර්තනය ආයාත් 118
මාගේ පරමාධිපතියාණනි! නුඹ සමාව දෙනු මැනව! තවද කරුණා කරනු මැනව! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අති ශ්රේෂ්ඨය යැයි (නබිවරය!) නුඹ පවසනුත
← 22 අල්-මුමිනුන් (23/114) 24 →
කියවන්න අල්-මුමිනුන් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

23المؤمنون Al-Mu'minun 📚 118 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-මුමිනුන් සූරා — 118 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers