අන්-නම්ල් සූරා අරාබි සහ සිංහල
අන්-නම්ල් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (93 ආයාත් — مكية). අන්-නම්ල් අසන්න, අන්-නම්ල් පරිවර්තනය, අන්-නම්ල් mp3, අන්-නම්ල් pdf.අන්-නම්ල් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
طس ۚ تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُّبِينٍ ١
📖 පරිවර්තනය
ආයාත් 1
තා, සීන්. මේවා අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන්ය.
هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ ٢
📖 පරිවර්තනය
ආයාත් 2
දේවත්වය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි.
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
ඔවුන් වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහුමය.
إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
නියත වශයෙන්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) මුලාවෙහි සිටින්නෝ වෙති.
أُولَٰئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහුමය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහුමය.
وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
තවද (නබිවරය,) සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහිය.
إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ آتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
فَلَمَّا جَاءَهَا نُودِيَ أَن بُورِكَ مَن فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබීය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබීය.
يَا مُوسَىٰ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
(එවිට) අහෝ මූසා! නියත වශයෙන්ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි.
وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ නලියමින් සිටිනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේය. තවද ඔහු නැවත හැරී නොබැලුවේය. අහෝ මූසා! නුඹ බිය නොවනු. නියත වශයෙන්ම මම වනාහි, මා ඉදිරියේ ධර්ම දූතයෝ බිය නොවෙති.
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَّحِيمٌ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
නමුත් අපරාධයක් සිදු කොට අනතුරු ව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන්ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි.
وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
තවද නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.
فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَٰذَا سِحْرٌ مُّبِينٌ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි මායාවක් යැයි ඔවුහු පැවසූහ.
وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.
وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
තවද සැබැවින්ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතරින් දේවත්වය විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියෝය.
وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنطِقَ الطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَيْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
තවද සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබීය. තවද සෑම දෙයකින්ම අපට පිරිනමනු ලැබීය. නියත වශයෙන්ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය.
وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
සුලෙයිමාන් වෙනුවෙන් ජින් වර්ගයාගෙන් ද මිනිස් වර්ගයාගෙන්ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදී. පසු ව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබීය.
حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත් ව නුඹලා පාගා නොදැමිය යුතු යැයි කුහුඹුවක් කීවාය.
فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසීය.
وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
තවද ඔහු (සුලෙයිමාන්) පක්ෂීන්ව නිරීක්ෂණය කළේය. හුද් හුද් කුරුල්ලා මා නොදකිනුයේ ඇයි? නැතහොත් ඌ නොපැමිණියවුන් අතරින් වීදැ?යි ඔහු පැවසීය.
لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُّبِينٍ ٢١
📖 පරිවර්තනය
ආයාත් 21
මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. එසේ නැතහොත් මම ඌ කපා දමමි. එසේත් නැතහොත් ඌ (නිදහසට කරුණු දක්වමින්) පැහැදිලි බලවත් සාධකයක් මා වෙත ගෙන ආ යුතුය.
فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِن سَبَإٍ بِنَبَإٍ يَقِينٍ ٢٢
📖 පරිවර්තනය
ආයාත් 22
නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්‍රහණය නොකළේ ද එවන්නක් මා ග්‍රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමග නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසීය.
إِنِّي وَجَدتُّ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ ٢٣
📖 පරිවර්තනය
ආයාත් 23
නියත වශයෙන් ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත.
وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
තවද ඇය හා ඇයගේ ජනයා අල්ලාහ් හැර දමා ව හිරුට සුජූද් කරනු මම දුටුවෙමි. තවද ඔවුනට ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වා (ඍජු) මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එහෙයින් ඔවුහු මගපෙන්වීම් නොලබති.
أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
අහස්හි හා මහපොළොවෙහි සැඟවුණු රහස් හෙළි කරන්නා වූ අල්ලාහ්ට ඔවුන් සුජූද් කළ යුතු නොවේද? තවද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළි කරන දෑ ඔහු දනියි.
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ ۩ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන්ය.
۞ قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ الْكَاذِبِينَ ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
නුඹ සත්ය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතරින් වූයෙහි දැයි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේය.
اذْهَب بِّكِتَابِي هَٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانظُرْ مَاذَا يَرْجِعُونَ ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
නුඹ මාගේ මෙම ලිපිය රැගෙන ගොස් එය ඔවුන් වෙත දමා පසු ව ඔවුන්ගෙන් නුඹ හැරී එනු. ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි නුඹ අධීක්ෂණය කරනු. (යැයි පැවසීය)
قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
අහෝ ප්‍රධානියනි! නියත වශයෙන්ම මා වෙත උතුම් ලිපියක් දමා ගොස් ඇත යැයි ඇය පැවසුවාය.
إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
නියත වශයෙන්ම එය සුලයිමාන්ගෙනි. තවද නියත වශයෙන්ම එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගේ නාමයෙන් වූවකි.
أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
නුඹලා මට එරෙහි ව අහංකාර නොවනු. තවද නුඹලා මා වෙත අවනත වන්නන් ලෙසින් පැමිණෙනු.
قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
අහෝ ප්‍රධානියනි! මාගේ විෂයයෙහි නුඹලා මට තීන්දු ලබා දෙනු. නුඹලා පැමිණ සාක්ෂි දරන තෙක් මම කිසිදු කරුණක් තීන්දු කරන්නියක් නොවූයෙමි යැයි ඇය පැවසුවාය.
قَالُوا نَحْنُ أُولُو قُوَّةٍ وَأُولُو بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانظُرِي مَاذَا تَأْمُرِينَ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
අපි බලවත් උදවියයි. දැඩි සටන් කාමී උදවියයි. කරුණ ඔබ වෙතය. එහෙයින් ඔබ නියෝග කරනුයේ කුමක් දැයි ඔබ ම බලනු යැයි ඔවුහු (ඇයට) පැවසුවෝය.
قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ ٣٤
📖 පරිවර්තනය
ආයාත් 34
නියත වශයෙන්ම රජවරු දේශයකට පිවිසුණහොත් එහි කලහකම් ඇති කරති. එහි වැසියන් අතර වූ වැදගත් පුද්ගලයින් පහත් තත්ත්වයට පත් කරති. එලෙසය ඔවුන් සිදු කරනුයේ යැයි ඇය පැවසුවාය.
وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
තවද නියත වශයෙන්ම මම ඔවුන් වෙත ත්යාග එවන්නෙක්මි. එමෙන්ම එම දූතවරුන් කවර දෙයක් නැවත ගෙන එන්නේ දැයි බලා සිටින්නෙක්මි.
فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
එවිට සුලෙයිමාන් වෙත ඔහු (දූතයා) පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම්ය. නමුත් නුඹලා නුඹලාගේ ත්යාග පිළිබඳ ව සතුටු වන්නෙහුය යැයි (සුලෙයිමාන්) පැවසීය.
ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින්ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට පත් කරමින් පහත් වූවන් ලෙසින් අපි ඔවුන් එයින් පිටුවහල් කරන්නෙමු.
قَالَ يَا أَيُّهَا الْمَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِي مُسْلِمِينَ ٣٨
📖 පරිවර්තනය
ආයාත් 38
අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැයි ඔහු (සුලෙයිමාන්) විමසීය.
قَالَ عِفْرِيتٌ مِّنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ ۖ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන්ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින් වර්ගයා අතරින් බලවතෙක් පැවසීය.
قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِندَهُ قَالَ هَٰذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසීය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි "මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැයි මා පරීක්ෂා කරනු පිණිස, මෙය මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්යයකි" යැයි (සුලෙයිමාන්) පැවසීය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන්මය. තවද කවරෙකු ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන්ම මාගේ පරමාධිපති අවශ්යතාවන්ගෙන් තොර වූ උපකාරශීලීය.
قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදි ව හඳුනා ගන්නී ද එසේ නැතහොත් හඳුනා නොගන්නවුන් අතරින් වන්නී දැ?යි අපි බලමු යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය.
فَلَمَّا جَاءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
පසු ව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැයි විමසනු ලැබීය. ඇය නියත වශයෙන්ම මෙය එය වගේම ය යැයි (රැජිණ) පැවසුවාය. තවද ඇයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් වූයෙමු (යැයි සුලෙයිමාන් පැවසීය).
وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ اللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَافِرِينَ ٤٣
📖 පරිවර්තනය
ආයාත් 43
අල්ලාහ් හැර දමා ඇය නමදිමින් සිටි දෑ ඇය ව වැළැක්වීය. නියත වශයෙන්ම ඇය දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයා අතරින් කෙනෙකු විය.
قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ٤٤
📖 පරිවර්තනය
ආයාත් 44
ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබීය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවාය. ඇය ඇයගේ වස්ත්රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තාය. නියත වශයෙන්ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය. මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමග සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවාය.
وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ ٤٥
📖 පරිවර්තනය
ආයාත් 45
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින්ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ.
قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
මාගේ ජනයිනි, යහකමට පෙර පාපකම සොයන්නට නුඹලා ඉක්මන් වනුයේ ඇයි? නුඹලා කරුණා කරනු ලබනු පිණිස නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිය යුතු නොවේ දැයි ඔහු පැවසීය.
قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِندَ اللَّهِ ۖ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ ٤٧
📖 පරිවර්තනය
ආයාත් 47
නුඹ හා නුඹ සමග වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් අබියස ඇත. නමුත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසීය.
وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
තවද මහපොළොවේ කලහකම් කරන එමෙන්ම විධිමත් නොකරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය.
قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ ٤٩
📖 පරිවර්තනය
ආයාත් 49
නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ විනාශ කර දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු. නියත වශයෙන්ම අපි සත්යාවාදීහු වෙමු යැයි ඔහුගේ භාරකාර අයට පවසන්නෙමු යැයි අල්ලාහ් මත දිවුරා ඔවුහු පැවසුවෝය.
وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
ඔවුහු දැඩි කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෝය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්රණයකින් කුමන්ත්රණය කළෙමු.
فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ ٥١
📖 පරිවර්තනය
ආයාත් 51
ඔවුන්ගේ කුමන්ත්රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු.
فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَعْلَمُونَ ٥٢
📖 පරිවර්තනය
ආයාත් 52
ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන්ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත.
وَأَنجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ ٥٣
📖 පරිවර්තනය
ආයාත් 53
තවද දේවත්වය විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ ٥٤
📖 පරිවර්තනය
ආයාත් 54
තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම අශීලාචාර දෑ වෙත පැමිණෙන්නෙහු දැ?යි විමසූ අවස්ථාව සිහිපත් කරනු.
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ ٥٥
📖 පරිවර්තනය
ආයාත් 55
කාන්තාවන් හැර දමා, කාමාශාවෙන් යුතු ව පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නෙහු ද? එසේය, නුඹලා අඥාන පිරිසකි.
۞ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ ٥٦
📖 පරිවර්තනය
ආයාත් 56
නුඹලා ලූත්ගේ පරපුර නුඹලාගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන්ම ඔවුන් පිවිතුරුකම පතන ජන පිරිසකි, යැයි පැවසීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය.
فَأَنجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ ٥٧
📖 පරිවර්තනය
ආයාත් 57
එවිට අපි ඔහු හා ඔහුගේ පවුලේ අය මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර. ඇය රැඳී සිටින්නන් අතර පත් වීමට අපි සැළසුම් කළෙමු.
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنذَرِينَ ٥٨
📖 පරිවර්තනය
ආයාත් 58
තවද අපි ඔවුන් වෙත (ගල්) වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලැබූවන් මත පතිත වූ වර්ෂාව නපුරු විය.
قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَىٰ عِبَادِهِ الَّذِينَ اصْطَفَىٰ ۗ آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ ٥٩
📖 පරිවර්තනය
ආයාත් 59
(නබිවරය!) නුඹ පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් ආදේශ කරන දෑ ද?
أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ السَّمَاءِ مَاءً فَأَنبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنبِتُوا شَجَرَهَا ۗ أَإِلَٰهٌ مَّعَ اللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ ٦٠
📖 පරිවර්තනය
ආයාත් 60
(උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමගින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි.
أَمَّن جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا ۗ أَإِلَٰهٌ مَّعَ اللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٦١
📖 පරිවර්තනය
ආයාත් 61
එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කර ඒ අතර ගංගාවන් ඇති කර එහි කඳු ද ඇති කර මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය (උතුම්) ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَٰهٌ مَّعَ اللَّهِ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ ٦٢
📖 පරිවර්තනය
ආයාත් 62
එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා (උතුම්) ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ සුඵ වශයෙනි.
أَمَّن يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَن يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۗ أَإِلَٰهٌ مَّعَ اللَّهِ ۚ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ ٦٣
📖 පරිවර්තනය
ආයාත් 63
එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා (උතුම්) ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවන්නා (උතුම්) ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතරය.
أَمَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَن يَرْزُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ ۗ أَإِلَٰهٌ مَّعَ اللَّهِ ۚ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ ٦٤
📖 පරිවර්තනය
ආයාත් 64
එසේ නැතහොත්, (පූර්වාදර්ශයකින් තොර ව) මැවීම් නිර්මාණය කොට (එය මරණයට පත් වූ) පසු ව යළි ( ප්රාණය දී) ගෙන එන්නා (උතුම්) ද ද? තවද අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙන්නා (උතුම්) ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ ٦٥
📖 පරිවර්තනය
ආයාත් 65
අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්යමාන දෑ නොදනී යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති.
بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِّنْهَا ۖ بَلْ هُم مِّنْهَا عَمُونَ ٦٦
📖 පරිවර්තනය
ආයාත් 66
එසේ නොව මතු ලොව පිළිබඳ ඔුවන්ගේ දැනුම පටු විය. නමුත් ඔවුන් ඒ ගැන සැකයෙහිය. නමුත් ඔවුහු ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙන්නෝ වෙති.
وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ ٦٧
📖 පරිවර්තනය
ආයාත් 67
අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නෝ වෙම්දැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝය.
لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَآبَاؤُنَا مِن قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ ٦٨
📖 පරිවර්තනය
ආයාත් 68
මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනකක් නොවීය.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ ٦٩
📖 පරිවර්තනය
ආයාත් 69
මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ ٧٠
📖 පරිවර්තනය
ආයාත් 70
තවද ඔවුන් කෙරෙහි ඔබ දුක් නොවනු. තවද ඔවුන් කරන කුමන්ත්රණ හේතුවෙන් ඔබ පීඩනයට පත් නොවනු.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ ٧١
📖 පරිවර්තනය
ආයාත් 71
තවද නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි ඔවුහු විමසති.
قُلْ عَسَىٰ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ ٧٢
📖 පරිවර්තනය
ආයාත් 72
නුඹලා ඉක්මනින් පතන දැයින් කොටසක් නුඹලාට ළඟා වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ ٧٣
📖 පරිවර්තනය
ආයාත් 73
තවද නියත වශයෙන්ම ඔබගේ පරමාධිපති ජනයා වෙත අනුග්‍රහශීලීය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ ٧٤
📖 පරිවර්තනය
ආයාත් 74
තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන්ම ඔබේ පරමාධිපති දනී.
وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ ٧٥
📖 පරිවර්තනය
ආයාත් 75
තවද අහස්හි හා මහපොළොවේ සැඟ වී පවතින කිසිවක් පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස නැත.
إِنَّ هَٰذَا الْقُرْآنَ يَقُصُّ عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ ٧٦
📖 පරිවර්තනය
ආයාත් 76
කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි.
وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ ٧٧
📖 පරිවර්තනය
ආයාත් 77
තවද නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දේවත්වය විශ්වාස කරන්නන් හට දයාවකි
إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُم بِحُكْمِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ ٧٨
📖 පරිවර්තනය
ආයාත් 78
නියත වශයෙන්ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහුමය සර්ව ඥානී සර්ව බලධාරී.
فَتَوَكَّلْ عَلَى اللَّهِ ۖ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ ٧٩
📖 පරිවර්තනය
ආයාත් 79
එහෙයින් ඔබ අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන්ම ඔබ පැහැදිලි සත්ය මත සිටින්නෙහිය.
إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ ٨٠
📖 පරිවර්තනය
ආයාත් 80
නියත වශයෙන්ම නුඹට මළවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. තවද බිහිරන්ට ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැක.
وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ ٨١
📖 පරිවර්තනය
ආයාත් 81
තවද අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. නුඹට සවන් වැකෙන්නට සැළැස්විය හැක්කේ අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් ලෙස සිටියවුන්ට පමණි.
۞ وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِّنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ ٨٢
📖 පරිවර්තනය
ආයාත් 82
තවද ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ විට ‘නියත වශයෙන්ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නොකරමින් සිටියහ’ යැයි ඔවුන් සමග කතා කරන සත්ත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු
وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ ٨٣
📖 පරිවර්තනය
ආයාත් 83
තවද සෑම සමූහයකින්ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනයේ ඔවුහු පෙළ ගස්වා තබනු ලබති.
حَتَّىٰ إِذَا جَاءُوا قَالَ أَكَذَّبْتُم بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ ٨٤
📖 පරිවර්තනය
ආයාත් 84
ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නොතිබිය දී නුඹලා එය බොරු කළෙහු ද? එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක්දැ?යි ඔහු විමසයි.
وَوَقَعَ الْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنطِقُونَ ٨٥
📖 පරිවර්තනය
ආයාත් 85
තවද ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය නියම වනු ඇත. එවිට ඔවුහු (කිසිවක්) කතා නොකරති
أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ ٨٦
📖 පරිවර්තනය
ආයාත් 86
ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රිය හා පෙනෙන්නක් ලෙස දහවල නියත වශයෙන්ම අපි ඇති කළ බව ඔවුහු නොදුටුවෝද? නියත වශයෙන්ම එහි දේවත්වය විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
وَيَوْمَ يُنفَخُ فِي الصُّورِ فَفَزِعَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاءَ اللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ ٨٧
📖 පරිවර්තනය
ආයාත් 87
තවද හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත යටහත් වන්නන් ලෙසින් පැමිණෙනු ඇත.
وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ ۚ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ ۚ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ ٨٨
📖 පරිවර්තනය
ආයාත් 88
තවද ඔබ ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහිය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකටම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
مَن جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ ٨٩
📖 පරිවර්තනය
ආයාත් 89
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඊට වඩා ශ්රේෂ්ඨත්වයක් ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝය.
وَمَن جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ٩٠
📖 පරිවර්තනය
ආයාත් 90
තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑට හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද? (යැයි පවසනු ලැබේ.)
إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَٰذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ ٩١
📖 පරිවර්තනය
ආයාත් 91
නියත වශයෙන්ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට නැමදුම් කිරීමටය. තවද සියලු දෑ ඔහු සතුය. තවද මම (අල්ලාහ්ට) අවනත වන්නන්ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි.
وَأَنْ أَتْلُوَ الْقُرْآنَ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنذِرِينَ ٩٢
📖 පරිවර්තනය
ආයාත් 92
තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන්ම මම අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ ٩٣
📖 පරිවර්තනය
ආයාත් 93
සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නොවේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
කියවන්න අන්-නම්ල් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

