අස්-සුඛ්රුෆ් සූරා අරාබි සහ සිංහල
අස්-සුඛ්රුෆ් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (89 ආයාත් — مكية). අස්-සුඛ්රුෆ් අසන්න, අස්-සුඛ්රුෆ් පරිවර්තනය, අස්-සුඛ්රුෆ් mp3, අස්-සුඛ්රුෆ් pdf.අස්-සුඛ්රුෆ් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන්ම අපි එය පත් කළෙමු.
وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
තවද නියත වශයෙන්ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.
أَفَنَضْرِبُ عَنكُمُ الذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් උපදෙස් කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِيٍّ فِي الْأَوَّلِينَ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
තවද අපි මුතුන් මිත්තන් අතරට කොපමණක් දෝ නබිවරුන් එවා ඇත්තෙමු.
وَمَا يَأْتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
තවද කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.
فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කර ඇත්තෙමු. මුතුන් මිත්තන්ගේ උදාහරණ ඉකුත් ව ගොස් ඇත.
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
තවද අහස් හා මහපොළොව මැව්වේ කවුරුන්දැයි නුඹ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම් සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේය.
وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنشَرْنَا بِهِ بَلْدَةً مَّيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
තවද ඔහු වනාහි අහසින් ජලය සීමා කරමින් පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමගින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේය. තවද නැව් හා ගොවිපළ සතුන් අතරින් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේය.
لِتَسْتَوُوا عَلَىٰ ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසු ව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් තවද නුඹලා මෙසේ පවසනු පිණිසත්ය; ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධය. තවද අපි එයට හැකියාවන්තයින් ලෙස නොසිටියෙමු.
وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
තවද නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝමය.
وَجَعَلُوا لَهُ مِنْ عِبَادِهِ جُزْءًا ۚ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ مُّبِينٌ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
නමුත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝය. නියත වශයෙන්ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.
أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُم بِالْبَنِينَ ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
එසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු ගැහැනු දරුවන් ගෙන නුඹලාට ඔහු පිරිමි දරුවන් තෝරා දුන්නේ ද?
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
තවද මහා කරුණාන්විතයාණන්හට උදාහරණ ලෙස ගෙන හැර දැක් වූ දෑ (ගැහැනු දරුවන්) පිළිබඳ ව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත් ව ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය.
أَوَمَن يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
පැහැදිලිව කතා නොකරන ආභරණයන්ගෙන් වඩවනු ලැබූ අයව ද? (ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත ආදේශ කරනුයේ?)
وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
තවද මලක්වරුන් මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් ව සිටියදී ඔවුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු සහභාගි වී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලබනු ඇත. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබනු ඇත.
وَقَالُوا لَوْ شَاءَ الرَّحْمَٰنُ مَا عَبَدْنَاهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
තවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නොකරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. ඒ පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِّن قَبْلِهِ فَهُم بِهِ مُسْتَمْسِكُونَ ٢١
📖 පරිවර්තනය
ආයාත් 21
එසේ නැතහොත් මීට පෙර ධර්ම ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?
بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِم مُّهْتَدُونَ ٢٢
📖 පරිවර්තනය
ආයාත් 22
එසේ නොව, “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත මග ලැබූවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසූහ.
وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِن قَبْلِكَ فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِم مُّقْتَدُونَ ٢٣
📖 පරිවර්තනය
ආයාත් 23
තවද එසේ නුඹට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කළවුන් “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදුවූයේ) නැත.
۞ قَالَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නොගෙනාවෙම් දැයි ඔහු විමසීය. එයට “කවර දෙයක් සමග නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ.
فَانتَقَمْنَا مِنْهُمْ ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
එවිට අපි ඔවුනට ප්‍රතිචාර දැක්වූයෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِّمَّا تَعْبُدُونَ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
තවද “නියත වශයෙන්ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි” යැයි ඉබ්රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
නමුත් මා මැවූ අය හැර. නියත වශයෙන්ම ඔහු මට මග පෙන්වනු ඇත.
وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
තවද ඔහුගෙන් පසු පැවත එන්නන් අතර එය පවතින ප්‍රකාශයක් බවට පත් කළේය. එය ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිසය.
بَلْ مَتَّعْتُ هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُّبِينٌ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
නමුත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි ධර්ම දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි.
وَلَمَّا جَاءَهُمُ الْحَقُّ قَالُوا هَٰذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසුවෝය.
وَقَالُوا لَوْلَا نُزِّلَ هَٰذَا الْقُرْآنُ عَلَىٰ رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
තවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේද?” යැයි ඔවුහු පැවසුවෝය.
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අපය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම් වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
وَلَوْلَا أَن يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِالرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
තවද ජනයා එකම සමූහයක් නොවන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද අපි ඇති කරන්නට තිබුණි.
وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ ٣٤
📖 පරිවර්තනය
ආයාත් 34
තවද ඔවුන්ගේ නිවෙස් දොරටු වලින් ද ඔවුන් ඒ මත හාන්සි ව සිටින කවිච්චි වලින් ද (අපි ඇති කරන්නට තිබුණි.)
وَزُخْرُفًا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۚ وَالْآخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
තවද විසිතුරු භාණ්ඩ වලින්ද (අපි ඇති කරන්නට තිබුණි.) මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද නුඹේ පරමාධිපති අබියස මතු ලොව (සමෘද්ධිය) බිය බැතිමතුන්හටය.
وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
තවද මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවෙකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වනු ඇත.
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
තවද නියත වශයෙන්ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන්ම තමන් යහ මග ලැබූවෝ යැයි ඔවුහු සිතති.
حَتَّىٰ إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ ٣٨
📖 පරිවර්තනය
ආයාත් 38
ඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්ථභාවයක් තිබුණා විය යුතු නොවේ ද?’ යැයි ඔහු පවසයි. එසේ එම සමීප මිතුරා නපුරු විය.
وَلَن يَنفَعَكُمُ الْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
තවද නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. නියත වශයෙන්ම නුඹලා දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
أَفَأَنتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَن كَانَ فِي ضَلَالٍ مُّبِينٍ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
නුඹ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට නුඹ මග පෙන්වන්නෙහි ද?
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
එහෙයින් (නබිවරය!) අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින්ම අපි ඔවුනට ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි නුඹට පෙන්වන්නෙමු. සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.
فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ ٤٣
📖 පරිවර්තනය
ආයාත් 43
එහෙයින් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ ග්‍රහණය කර ගනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය.
وَإِنَّهُ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْأَلُونَ ٤٤
📖 පරිවර්තනය
ආයාත් 44
තවද නියත වශයෙන්ම මෙය නුඹට හා නුඹේ සමූහයාට අනුශාසනාවකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.
وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَا أَجَعَلْنَا مِن دُونِ الرَّحْمَٰنِ آلِهَةً يُعْبَدُونَ ٤٥
📖 පරිවර්තනය
ආයාත් 45
මහා කරුණාන්විතයාණන් හැර දමා ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැයි නුඹට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් නුඹ විමසනු.
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින්ම අපි අපගේ සාධක සමග මූසා ව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන්ම මම ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයා වෙමි” යැයි පැවසීය.
فَلَمَّا جَاءَهُم بِآيَاتِنَا إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ ٤٧
📖 පරිවර්තනය
ආයාත් 47
එසේ අපගේ සාධක සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඔවුහු ඒ ගැන සිනහසුනෝය.
وَمَا نُرِيهِم مِّنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُم بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එයට පෙර පැවති දෑට වඩා විශාල දෙයක් මිස එය නොවීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.
وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ ٤٩
📖 පරිවර්තනය
ආයාත් 49
තවද “අහෝ මායා කරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන්ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එසැණින් ඔවුන් (දිවුරුම) කඩ කරති.
وَنَادَىٰ فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَٰذِهِ الْأَنْهَارُ تَجْرِي مِن تَحْتِي ۖ أَفَلَا تُبْصِرُونَ ٥١
📖 පරිවර්තනය
ආයාත් 51
තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නොවේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නොදකින්නෙහු ද?
أَمْ أَنَا خَيْرٌ مِّنْ هَٰذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ ٥٢
📖 පරිවර්තනය
ආයාත් 52
එසේ නැතහොත් පැහැදිලි ව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නොවේ ද?
فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ ٥٣
📖 පරිවර්තනය
ආයාත් 53
එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු සමග පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”
فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ ٥٤
📖 පරිවර්තනය
ආයාත් 54
එවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූවෝය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූවෝය.
فَلَمَّا آسَفُونَا انتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ ٥٥
📖 පරිවර්තනය
ආයාත් 55
ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.
فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِّلْآخِرِينَ ٥٦
📖 පරිවර්තනය
ආයාත් 56
එවිට ඉකුත් ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උදාහරණයක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු.
۞ وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ ٥٧
📖 පරිවර්තනය
ආයාත් 57
තවද මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට නුඹේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනෝය.
وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ ٥٨
📖 පරිවර්තනය
ආයාත් 58
තවද “ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසුවෝය. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නොකළෝය. එසේය. ඔවුහු තර්ක කරන පිරිසක් වෙති.
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِّبَنِي إِسْرَائِيلَ ٥٩
📖 පරිවර්තනය
ආයාත් 59
අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු.
وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنكُم مَّلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ ٦٠
📖 පරිවර්තනය
ආයාත් 60
තවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි.
وَإِنَّهُ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ ۚ هَٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ ٦١
📖 පරිවර්තනය
ආයාත් 61
තවද නියත වශයෙන්ම (ඊසා වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නොකරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි.
وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ٦٢
📖 පරිවර්තනය
ආයාත් 62
තවද ෂෙයිතාන් නුඹලාට බාධා නොකළ යුතුය. නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
وَلَمَّا جَاءَ عِيسَىٰ بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُم بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ ٦٣
📖 පරිවර්තනය
ආයාත් 63
ඊසා පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, “මම නුඹලා වෙත ප්‍රඥාව සමග ද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස ද පැමිණ ඇත්තෙමි. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.” යැයි ඔහු පැවසීය.
إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ ٦٤
📖 පරිවර්තනය
ආයාත් 64
“නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපතිය. තවද නුඹලාගේද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.”
فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ ٦٥
📖 පරිවර්තනය
ආයාත් 65
එවිට ඔවුන් අතරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශය අත්වේවා!
هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ ٦٦
📖 පරිවර්තනය
ආයාත් 66
ඔවුන් නොහගමින් සිටිය දී අනපේක්ෂිත ව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණීම හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?
الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ ٦٧
📖 පරිවර්තනය
ආයාත් 67
මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. නමුත් දේව බිය බැතිමතුන් හැර.
يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنتُمْ تَحْزَنُونَ ٦٨
📖 පරිවර්තනය
ආයාත් 68
අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නොවන්නෙහුය.
الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ ٦٩
📖 පරිවර්තනය
ආයාත් 69
ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.
ادْخُلُوا الْجَنَّةَ أَنتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ ٧٠
📖 පරිවර්තනය
ආයාත් 70
නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)
يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنفُسُ وَتَلَذُّ الْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَالِدُونَ ٧١
📖 පරිවර්තනය
ආයාත් 71
රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පිනවන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති.
وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ ٧٢
📖 පරිවර්තනය
ආයාත් 72
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.
لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ ٧٣
📖 පරිවර්තනය
ආයාත් 73
නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරනු ඇත.
إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ ٧٤
📖 පරිවර්තනය
ආයාත් 74
නියත වශයෙන්ම වැරදිකරුවන් නිරයේ දඬුවම තුළ සදාතනිකයෝ වෙති.
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ ٧٥
📖 පරිවර්තනය
ආයාත් 75
ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නොලැබේ. ඔවුහු එහි බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති.
وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِن كَانُوا هُمُ الظَّالِمِينَ ٧٦
📖 පරිවර්තනය
ආයාත් 76
තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගන්නන් ලෙස සිටියෝය.
وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّاكِثُونَ ٧٧
📖 පරිවර්තනය
ආයාත් 77
තවද අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප මත තීන්දු කරත්වා! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන්ම නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.
لَقَدْ جِئْنَاكُم بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ ٧٨
📖 පරිවර්තනය
ආයාත් 78
සැබැවින්ම අපි සත්‍යය සමග නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.
أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ ٧٩
📖 පරිවර්තනය
ආයාත් 79
එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කර ඇත්තෝ ද? එවිට නියත වශයෙන්ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ ٨٠
📖 පරිවර්තනය
ආයාත් 80
ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡා වලට සැබැවින්ම අප සවන් නොදෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.
قُلْ إِن كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ ٨١
📖 පරිවර්තනය
ආයාත් 81
“මහා කරුණාන්විතයාණන් හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ ٨٢
📖 පරිවර්තනය
ආයාත් 82
අහස් හි හා මහපොළොවේ හිමිපාණන් වන එමෙන්ම අර්ෂ්හි හිමිපාණන් (වන ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ ٨٣
📖 පරිවර්තනය
ආයාත් 83
එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමුවන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.
وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَٰهٌ وَفِي الْأَرْضِ إِلَٰهٌ ۚ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ ٨٤
📖 පරිවර්තනය
ආයාත් 84
තවද ඔහු වනාහි අහස් හි දෙවිඳාය. මහපොළොවෙහි ද දෙවිඳාය. තවද මහා ප්‍රඥාවන්තය; සර්වඥානීය.
وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ ٨٥
📖 පරිවර්තනය
ආයාත් 85
තවද අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වන ඔහු අති උත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙතය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ ٨٦
📖 පරිවර්තනය
ආයාත් 86
තවද ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ٨٧
📖 පරිවර්තනය
ආයාත් 87
තවද ඔවුන් මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින්ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?
وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَٰؤُلَاءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ ٨٨
📖 පරිවර්තනය
ආයාත් 88
තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මොවුහු විශ්වාස නොකරන පිරිසකි යන (නබිවරයාගේ) ප්‍රකාශයද (අල්ලාහ් දනී).
فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ ٨٩
📖 පරිවර්තනය
ආයාත් 89
එහෙයින් ඔබ ඔවුන් නොසළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.
කියවන්න අස්-සුඛ්රුෆ් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

