අස්-සාෆ්ෆාත් සූරා අරාබි සහ සිංහල

අස්-සාෆ්ෆාත් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (182 ආයාත් — مكية). අස්-සාෆ්ෆාත් අසන්න, අස්-සාෆ්ෆාත් පරිවර්තනය, අස්-සාෆ්ෆාත් mp3, අස්-සාෆ්ෆාත් pdf.

අස්-සාෆ්ෆාත් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
وَالصَّافَّاتِ صَفًّا ۝١
📖 පරිවර්තනය ආයාත් 1
පෙළට පෙළ ගැසී සිටින්නන් මත දිවුරමින්.
فَالزَّاجِرَاتِ زَجْرًا ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
තවද පසුපසින් මෙහෙයවා යන්නන් මත දිවුරමින්.
فَالتَّالِيَاتِ ذِكْرًا ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්.
إِنَّ إِلَٰهَكُمْ لَوَاحِدٌ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.
رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන්ය.
إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් නියත වශයෙන්ම අලංකාරවත් කළෙමු.
وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.
لَّا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම පැත්තකින්ම පහර දෙනු ලබති.
دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.
إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.
فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙනසුළු මැටියෙන් මැව්වෙමු.
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
නමුත් නුඹ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.
وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.
وَقَالُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
තවද ඔවුහු මෙසේ පවසා සිටි‍යෝය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
أَوَآبَاؤُنَا الْأَوَّلُونَ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”
قُلْ نَعَمْ وَأَنتُمْ دَاخِرُونَ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
අහෝ නබිවරය! “එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි නුඹ පවසනු.
فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.
وَقَالُوا يَا وَيْلَنَا هَٰذَا يَوْمُ الدِّينِ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.
هَٰذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)
۞ احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
අපරාධ කළවුන් හා ඔවුන්ගේ ‍සහකරුවන් නුඹලා එක්රැස් කරනු. තවද ඔවුන් නමදිමින් සිටි දෑ ද..
مِن دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
අල්ලාහ්ගෙන් තොර ව (ඔවුන් නමදිමින් සිටි දෑ දඑක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْئُولُونَ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.
مَا لَكُمْ لَا تَنَاصَرُونَ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන්ද?).
بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
قَالُوا إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියෝය.
قَالُوا بَل لَّمْ تَكُونُوا مُؤْمِنِينَ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
“එසේ නොව නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියෝය.
وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَانٍ ۖ بَلْ كُنتُمْ قَوْمًا طَاغِينَ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
තවද නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහුය.
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا ۖ إِنَّا لَذَائِقُونَ ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු.
فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
තවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු.
فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.
إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පැවසනු ලැබූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියෝය.
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُو آلِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති.
بَلْ جَاءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
නමුත් ඔහු (මුහම්මද්) සත්යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) ධර්ම දූතයින් තහවුරු කළේය.
إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
නියත වශයෙන්ම (අශිෂ්ඨ ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය.
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
තවද නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.
أُولَٰئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
හඳුනා ගනු ලබන පෝෂණය ඇත්තෝ ඔවුහුමය.
فَوَاكِهُ ۖ وَهُم مُّكْرَمُونَ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය.
فِي جَنَّاتِ النَّعِيمِ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි ය.
عَلَىٰ سُرُرٍ مُّتَقَابِلِينَ ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.
يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍ ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
(සුරා)උල්පතින් වූ කුසලාන ඔවුන් වටා යවනු ලැබේ.
بَيْضَاءَ لَذَّةٍ لِّلشَّارِبِينَ ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය.
لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
එහි උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් නොවෙති.
وَعِندَهُمْ قَاصِرَاتُ الطَّرْفِ عِينٌ ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
තවද සංවර බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.
كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
නියත වශයෙන්ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
එමෙන්ම ඔවුන් (ස්වර්ග වැසියන්) එකිනෙකා විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.
قَالَ قَائِلٌ مِّنْهُمْ إِنِّي كَانَ لِي قَرِينٌ ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතරින් ප්‍රකාශකයකු පවසනු ඇත.
يَقُولُ أَإِنَّكَ لَمِنَ الْمُصَدِّقِينَ ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
නියත වශයෙන්ම නුඹ (විනිශ්චය දිනය) සත්ය කරන්නන් අතරින් කෙනෙකුදැ?යි ඔහු විමසයි.
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَدِينُونَ ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ?(යි ද ඔහු විමසයි.)
قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
නුඹලා ඔහුව එබී බලන්නේ දැයි ඔහු (අල්ලාහ්) විමසයි.
فَاطَّلَعَ فَرَآهُ فِي سَوَاءِ الْجَحِيمِ ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.
قَالَ تَاللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ ۝٥٦
📖 පරිවර්තනය ආයාත් 56
අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පැවසයි.
وَلَوْلَا نِعْمَةُ رَبِّي لَكُنتُ مِنَ الْمُحْضَرِينَ ۝٥٧
📖 පරිවර්තනය ආයාත් 57
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි.
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ ۝٥٨
📖 පරිවර්තනය ආයාත් 58
එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?
إِلَّا مَوْتَتَنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ۝٥٩
📖 පරිවර්තනය ආයාත් 59
අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.
إِنَّ هَٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ ۝٦٠
📖 පරිවර්තනය ආයාත් 60
නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.
لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ الْعَامِلُونَ ۝٦١
📖 පරිවර්තනය ආයාත් 61
මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
أَذَٰلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ الزَّقُّومِ ۝٦٢
📖 පරිවර්තනය ආයාත් 62
සංග්‍රහයෙන් ශ්රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?
إِنَّا جَعَلْنَاهَا فِتْنَةً لِّلظَّالِمِينَ ۝٦٣
📖 පරිවර්තනය ආයාත් 63
නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِي أَصْلِ الْجَحِيمِ ۝٦٤
📖 පරිවර්තනය ආයාත් 64
නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.
طَلْعُهَا كَأَنَّهُ رُءُوسُ الشَّيَاطِينِ ۝٦٥
📖 පරිවර්තනය ආයාත් 65
එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.
فَإِنَّهُمْ لَآكِلُونَ مِنْهَا فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ ۝٦٦
📖 පරිවර්තනය ආයාත් 66
එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ ۝٦٧
📖 පරිවර්තනය ආයාත් 67
පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى الْجَحِيمِ ۝٦٨
📖 පරිවර්තනය ආයාත් 68
පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය.
إِنَّهُمْ أَلْفَوْا آبَاءَهُمْ ضَالِّينَ ۝٦٩
📖 පරිවර්තනය ආයාත් 69
නියත වශයෙන්ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය.
فَهُمْ عَلَىٰ آثَارِهِمْ يُهْرَعُونَ ۝٧٠
📖 පරිවර්තනය ආයාත් 70
තවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති.
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ الْأَوَّلِينَ ۝٧١
📖 පරිවර්තනය ආයාත් 71
ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය.
وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ ۝٧٢
📖 පරිවර්තනය ආයාත් 72
තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.
فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَ ۝٧٣
📖 පරිවර්තනය ආයාත් 73
අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි මැනවින් බලනු.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ۝٧٤
📖 පරිවර්තනය ආයාත් 74
අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).
وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ ۝٧٥
📖 පරිවර්තනය ආයාත් 75
තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්රේෂ්ඨයින් වූයෙමු.
وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ ۝٧٦
📖 පරිවර්තනය ආයාත් 76
තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ ۝٧٧
📖 පරිවර්තනය ආයාත් 77
තවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු.
وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ ۝٧٨
📖 පරිවර්තනය ආයාත් 78
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
سَلَامٌ عَلَىٰ نُوحٍ فِي الْعَالَمِينَ ۝٧٩
📖 පරිවර්තනය ආයාත් 79
ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ ۝٨٠
📖 පරිවර්තනය ආයාත් 80
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ۝٨١
📖 පරිවර්තනය ආයාත් 81
නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ ۝٨٢
📖 පරිවර්තනය ආයාත් 82
පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.
۞ وَإِنَّ مِن شِيعَتِهِ لَإِبْرَاهِيمَ ۝٨٣
📖 පරිවර්තනය ආයාත් 83
තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්රාහීම්.
إِذْ جَاءَ رَبَّهُ بِقَلْبٍ سَلِيمٍ ۝٨٤
📖 පරිවර්තනය ආයාත් 84
සන්සුන් හදවතින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَاذَا تَعْبُدُونَ ۝٨٥
📖 පරිවර්තනය ආයාත් 85
‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
أَئِفْكًا آلِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ ۝٨٦
📖 පරිවර්තනය ආයාත් 86
“අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
فَمَا ظَنُّكُم بِرَبِّ الْعَالَمِينَ ۝٨٧
📖 පරිවර්තනය ආයාත් 87
“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
فَنَظَرَ نَظْرَةً فِي النُّجُومِ ۝٨٨
📖 පරිවර්තනය ආයාත් 88
එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේය.
فَقَالَ إِنِّي سَقِيمٌ ۝٨٩
📖 පරිවර්තනය ආයාත් 89
පසුව ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.
فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِينَ ۝٩٠
📖 පරිවර්තනය ආයාත් 90
(ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහුගෙන් හැරී ගියෝය.
فَرَاغَ إِلَىٰ آلِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ ۝٩١
📖 පරිවර්තනය ආයාත් 91
පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නෙහුදැ?” යි විමසා සිටියේය.
مَا لَكُمْ لَا تَنطِقُونَ ۝٩٢
📖 පරිවර්තනය ආයාත් 92
නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًا بِالْيَمِينِ ۝٩٣
📖 පරිවර්තනය ආයාත් 93
පසු ව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.
فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ ۝٩٤
📖 පරිවර්තනය ආයාත් 94
එවිට (ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝය.
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ ۝٩٥
📖 පරිවර්තනය ආයාත් 95
එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේය.
وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ ۝٩٦
📖 පරිවර්තනය ආයාත් 96
තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේය.
قَالُوا ابْنُوا لَهُ بُنْيَانًا فَأَلْقُوهُ فِي الْجَحِيمِ ۝٩٧
📖 පරිවර්තනය ආයාත් 97
“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් යම් ඉඳිකිරීමක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.
فَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَسْفَلِينَ ۝٩٨
📖 පරිවර්තනය ආයාත් 98
එවිට ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.
وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهْدِينِ ۝٩٩
📖 පරිවර්තනය ආයාත් 99
“නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” ඔහු පැවසුවේය.
رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ ۝١٠٠
📖 පරිවර්තනය ආයාත් 100
මාගේ පරමාධිපතියාණනි! මා හට දැහැමියන් අතරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්රාහීම් පැවසුවේය.)
فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ ۝١٠١
📖 පරිවර්තනය ආයාත් 101
එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දැන් වූයෙමු.
فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِن شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ ۝١٠٢
📖 පරිවර්තනය ආයාත් 102
ඔහු (ඉබ්රාහීම්) සමග වෙහෙසන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.
فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ ۝١٠٣
📖 පරිවර්තනය ආයාත් 103
පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය.
وَنَادَيْنَاهُ أَن يَا إِبْرَاهِيمُ ۝١٠٤
📖 පරිවර්තනය ආයාත් 104
තවද ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.
قَدْ صَدَّقْتَ الرُّؤْيَا ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ ۝١٠٥
📖 පරිවර්තනය ආයාත් 105
“සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
إِنَّ هَٰذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ ۝١٠٦
📖 පරිවර්තනය ආයාත් 106
නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය.
وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ ۝١٠٧
📖 පරිවර්තනය ආයාත් 107
තවද මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.
وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ ۝١٠٨
📖 පරිවර්තනය ආයාත් 108
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
سَلَامٌ عَلَىٰ إِبْرَاهِيمَ ۝١٠٩
📖 පරිවර්තනය ආයාත් 109
“ඉබ්රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”
كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ ۝١١٠
📖 පරිවර්තනය ආයාත් 110
අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ۝١١١
📖 පරිවර්තනය ආයාත් 111
නියත වශයෙන්ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
وَبَشَّرْنَاهُ بِإِسْحَاقَ نَبِيًّا مِّنَ الصَّالِحِينَ ۝١١٢
📖 පරිවර්තනය ආයාත් 112
තවද අපි දැහැමියන් අතරින් වක්තෘවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු.
وَبَارَكْنَا عَلَيْهِ وَعَلَىٰ إِسْحَاقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِ مُبِينٌ ۝١١٣
📖 පරිවර්තනය ආයාත් 113
තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَارُونَ ۝١١٤
📖 පරිවර්තනය ආයාත් 114
තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.
وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ ۝١١٥
📖 පරිවර්තනය ආයාත් 115
තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්යසනයෙන් මුදවා ගත්තෙමු.
وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الْغَالِبِينَ ۝١١٦
📖 පරිවර්තනය ආයාත් 116
තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු ජය ලබන්නන් වූහ.
وَآتَيْنَاهُمَا الْكِتَابَ الْمُسْتَبِينَ ۝١١٧
📖 පරිවර්තනය ආයාත් 117
තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.
وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ ۝١١٨
📖 පරිවර්තනය ආයාත් 118
තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ ۝١١٩
📖 පරිවර්තනය ආයාත් 119
තවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ ۝١٢٠
📖 පරිවර්තනය ආයාත් 120
තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ ۝١٢١
📖 පරිවර්තනය ආයාත් 121
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්යාග පිරිනමනුයේ එලෙසය.
إِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ۝١٢٢
📖 පරිවර්තනය ආයාත් 122
නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති.
وَإِنَّ إِلْيَاسَ لَمِنَ الْمُرْسَلِينَ ۝١٢٣
📖 පරිවර්තනය ආයාත් 123
තවද නියත වශයෙන්ම ඉල්යාස් ධර්ම දූතයින් අතරිනි.
إِذْ قَالَ لِقَوْمِهِ أَلَا تَتَّقُونَ ۝١٢٤
📖 පරිවර්තනය ආයාත් 124
“නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.
أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ الْخَالِقِينَ ۝١٢٥
📖 පරිවර්තනය ආයාත් 125
“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටයා අතහැර දමා නුඹලා බඅල් නම් වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?
اللَّهَ رَبَّكُمْ وَرَبَّ آبَائِكُمُ الْأَوَّلِينَ ۝١٢٦
📖 පරිවර්තනය ආයාත් 126
ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.
فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ ۝١٢٧
📖 පරිවර්තනය ආයාත් 127
නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. සැබැවින්ම ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ۝١٢٨
📖 පරිවර්තනය ආයාත් 128
නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ ۝١٢٩
📖 පරිවර්තනය ආයාත් 129
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
سَلَامٌ عَلَىٰ إِلْ يَاسِينَ ۝١٣٠
📖 පරිවර්තනය ආයාත් 130
ඉල්යාසීන් වෙත ශාන්තිය අත්වේවා!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ ۝١٣١
📖 පරිවර්තනය ආයාත් 131
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ ۝١٣٢
📖 පරිවර්තනය ආයාත් 132
නියත වශයෙන්ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
وَإِنَّ لُوطًا لَّمِنَ الْمُرْسَلِينَ ۝١٣٣
📖 පරිවර්තනය ආයාත් 133
තවද නියත වශයෙන්ම ලූත් ධර්ම දූතයින් අතරිනි.
إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ ۝١٣٤
📖 පරිවර්තනය ආයාත් 134
ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ ۝١٣٥
📖 පරිවර්තනය ආයාත් 135
ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර (ඇය දඬුවම් ලැබුවන් සමගය).
ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ ۝١٣٦
📖 පරිවර්තනය ආයාත් 136
පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.
وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ ۝١٣٧
📖 පරිවර්තනය ආයාත් 137
තවද නියත වශයෙන්ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.
وَبِاللَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ ۝١٣٨
📖 පරිවර්තනය ආයාත් 138
රාත්‍රියෙහි ද (ගමන් ගන්නෙහුය). එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද?
وَإِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلِينَ ۝١٣٩
📖 පරිවර්තනය ආයාත් 139
තවද නියත වශයෙන්ම යූනුස් ධර්ම දූතයින් අතරිනි.
إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ ۝١٤٠
📖 පරිවර්තනය ආයාත් 140
පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.
فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِينَ ۝١٤١
📖 පරිවර්තනය ආයාත් 141
එවිට (නැවෙහි සිටි අයවළුන්) කුසපත් ඇද්දේය. එවිට ඔහු පරාජිතයින් අතරින් විය.
فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ ۝١٤٢
📖 පරිවර්තනය ආයාත් 142
පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය.
فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ ۝١٤٣
📖 පරිවර්තනය ආයාත් 143
නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතරින් කෙනෙකු නොවී නම්,
لَلَبِثَ فِي بَطْنِهِ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ۝١٤٤
📖 පරිවර්තනය ආයාත් 144
ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.
۞ فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌ ۝١٤٥
📖 පරිවර්තනය ආයාත් 145
එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.
وَأَنبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ ۝١٤٦
📖 පරිවර්තනය ආයාත් 146
තවද අපි ඒ මත වැල් වලින් යුත් ගසක් හට ගැන්වූයෙමු.
وَأَرْسَلْنَاهُ إِلَىٰ مِائَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ ۝١٤٧
📖 පරිවර්තනය ආයාත් 147
තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත ධර්ම දූතයකු ලෙස එව්වෙමු.
فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ ۝١٤٨
📖 පරිවර්තනය ආයාත් 148
එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ ۝١٤٩
📖 පරිවර්තනය ආයාත් 149
පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැයි යන්න වග (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.
أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ ۝١٥٠
📖 පරිවර්තනය ආයාත් 150
එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
أَلَا إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ ۝١٥١
📖 පරිවර්තනය ආයාත් 151
දැනගනු! නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ..
وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ ۝١٥٢
📖 පරිවර්තනය ආයාත් 152
අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
أَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِينَ ۝١٥٣
📖 පරිවර්තනය ආයාත් 153
ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද?
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ۝١٥٤
📖 පරිවර්තනය ආයාත් 154
නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
أَفَلَا تَذَكَّرُونَ ۝١٥٥
📖 පරිවර්තනය ආයාත් 155
නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
أَمْ لَكُمْ سُلْطَانٌ مُّبِينٌ ۝١٥٦
📖 පරිවර්තනය ආයාත් 156
නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?
فَأْتُوا بِكِتَابِكُمْ إِن كُنتُمْ صَادِقِينَ ۝١٥٧
📖 පරිවර්තනය ආයාත් 157
එසේ නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු.
وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ ۝١٥٨
📖 පරිවර්තනය ආයාත් 158
තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින්ම දැනගත්තෝය.
سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ ۝١٥٩
📖 පරිවර්තනය ආයාත් 159
ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ۝١٦٠
📖 පරිවර්තනය ආයාත් 160
නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ ۝١٦١
📖 පරිවර්තනය ආයාත් 161
එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි...
مَا أَنتُمْ عَلَيْهِ بِفَاتِنِينَ ۝١٦٢
📖 පරිවර්තනය ආයාත් 162
නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත.
إِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيمِ ۝١٦٣
📖 පරිවර්තනය ආයාත් 163
නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර.
وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَّعْلُومٌ ۝١٦٤
📖 පරිවර්තනය ආයාත් 164
අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේමය.
وَإِنَّا لَنَحْنُ الصَّافُّونَ ۝١٦٥
📖 පරිවර්තනය ආයාත් 165
තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.
وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ ۝١٦٦
📖 පරිවර්තනය ආයාත් 166
තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)
وَإِن كَانُوا لَيَقُولُونَ ۝١٦٧
📖 පරිවර්තනය ආයාත් 167
තවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය.
لَوْ أَنَّ عِندَنَا ذِكْرًا مِّنَ الْأَوَّلِينَ ۝١٦٨
📖 පරිවර්තනය ආයාත් 168
(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්,
لَكُنَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ ۝١٦٩
📖 පරිවර්තනය ආයාත් 169
සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය.)
فَكَفَرُوا بِهِ ۖ فَسَوْفَ يَعْلَمُونَ ۝١٧٠
📖 පරිවර්තනය ආයාත් 170
නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ ۝١٧١
📖 පරිවර්තනය ආයාත් 171
තවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය.
إِنَّهُمْ لَهُمُ الْمَنصُورُونَ ۝١٧٢
📖 පරිවර්තනය ආයාත් 172
නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ.
وَإِنَّ جُندَنَا لَهُمُ الْغَالِبُونَ ۝١٧٣
📖 පරිවර්තනය ආයාත් 173
තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ.
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ ۝١٧٤
📖 පරිවර්තනය ආයාත් 174
එහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ ۝١٧٥
📖 පරිවර්තනය ආයාත් 175
තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ۝١٧٦
📖 පරිවර්තනය ආයාත් 176
එසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاءَ صَبَاحُ الْمُنذَرِينَ ۝١٧٧
📖 පරිවර්තනය ආයාත් 177
පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ ۝١٧٨
📖 පරිවර්තනය ආයාත් 178
තවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත් ව සිටිනු.
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ ۝١٧٩
📖 පරිවර්තනය ආයාත් 179
තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ ۝١٨٠
📖 පරිවර්තනය ආයාත් 180
ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ ۝١٨١
📖 පරිවර්තනය ආයාත් 181
තවද සියලුම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ۝١٨٢
📖 පරිවර්තනය ආයාත් 182
තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය.
← 36 අස්-සාෆ්ෆාත් (37/114) 38 →
කියවන්න අස්-සාෆ්ෆාත් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

37الصافات As-Saffat 📚 182 ආයාත් مكية

ආයාත් ආයාත් – අස්-සාෆ්ෆාත් සූරා — 182 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers